නව පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මා දැනට සුන්දරය පැතුමකි

Pujitha_Jayasundara.jpg
පූජිත ජයසුන්දර මහත්මා රාජකාරි කටයුත්තක යෙදෙන පින්බර මොහොතක්

නව පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මා යමක්කමක් හදාරා ඇති පුද්ගලයෙකු බව හැඟේ. ධර්මරාජයේ අකුරු කළ පූජිත එසේ වීම පිළිබඳ අපට විශ්මයක් ද නැත. ඔහු නිසි රාජන් කෙනෙකු සේ අදීන ව ක්‍රියා කරන බවක් ද පෙනේ. ඒ කෙතරම් කාලයක් සඳහා ද යන්න අපි නො දනිමු. ධනවාදී සංස්ථාපිතය තුළට ස්වීකරණය වන හොඳ මිනිසුන් ද ධනවාදය විසින් ම ධනවාදයේ මූලස්වරූපයන්ට අනුවර්තී විකරණයකට බඳුන් කර ගනු ලැබේ. ඉනික්බිති ව ඔවුහු ධනපති පංතියටත් වඩා ශූර වූ ධනපති පංතියේ රක්ෂකයෝ බවට පත් වෙති. ලංකාවේ පැරණි වම පිළිබඳ අවලෝකනය කරන විට මෙකී යථාර්ථය ඥානනය කර ගැනීම පහසු ය. අප තුරුණු කල ඇලුම් කළ ගුණදාස අමරසේකර (දැන් සිටින පිස්සු ඩයල් එක නො වේ) සුවියත් ව ද සුසාධනීය ව ද තම නවකතා තුළින් පෙන්වා දී ඇති පරිදි ම ලාංකීය ධනපති පාලක පංතියට බුද්ධි ජීවීන් සපයා දෙන ලද්දේ පැරණි වම විසිනි. පූජිත කොයි බට ද? යන වග අපට නුදුරු දිනක ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ය. අතීතයේ එක් අශෝභන නිමේෂයක පූජිත එක් වරක් මාධ්‍ය ඉදිරියේ පෙනී සිට ධනපති පාලක පංතිය සුරකිනු වස් ප්‍රතිගාමී මැදිහත් වීමක් කළ බව ‍ඇතමුනට අමතක ව ඇතත් අපට නම් අමතක නැත.

පූජිත මේ ධුරයට පත් වීමත් සමඟ අත්‍යුද්දාමයට පත් ව ඇති සේයාවක් දෘශ්‍යමාන වේ. පූජිත තම ධුරයේ ප්‍රතිෂ්ඨා වූයේ අමාත්‍ය ධුරයක රාජකාරී අරඹන ලීලාවකින් ය. ඉන්පසු පැවති මාධ්‍ය සාකච්ඡාව පුරාවට ද ඔහු ප්‍රදර්ශනය කළේ එකී අත්‍යුද්දාමය විසින් ඔහු තුළ ජනනය කරන ලද කම්පනය පමණි.

පූජිත ප්‍රියමනාප කථිකයෙකු බව අප නම් පිළිගන්නේ නැත. සිංහලයත් ඉංගිරිසියත් නොනිසි හා අවියත් ලෙස මිශ්‍ර කර ඔහු කතා කරන ආකාරය ඔක්කාරජනක ය. ඔහුගේ අච්චාරු බස ශ්‍රාවක සවනට පීඩාකාරී ය; ශ්‍රාවක මනසට අගෝචර ය; ශ්‍රාවක උදරයට පෙරළුම්කාරී ය. සත්‍ය ලෙස ම පූජිත සිංහලෙන් පවසන වදන් පෙළ යළි ඉංගිරිසියෙන් පවසන්නේ කිසිඳු සඵල ආරම්මණයකින් තොර ව ය. දෙබසින් ම යළි යළිත් පවසන්නට තරම් වැදගත්, සංකීර්ණ යමක් ඔහු නො පවස යි. සාමාන්‍ය මට්ටමට ඉංගිරිසිය උගත් මාණවමාණවිකාවනට ද පූජිත පවසන දේ එක් බසකින් පැවසු ව ද වැටහේ. පූජිත තමනට පවසන්නට තිබෙන දෙය ඉංගිරිසිය හෝ සිංහලය හෝ යන දෙබසින් එකකින් පැවසීම මනා ය. අවැසි නම් පළමු ව එක් බසකින් ද දෙවනු ව අනෙක් බසෙන් ද පැවසිය හැකි ය. භාෂා අච්චාරුව නිසා පූජිතට එක බසක්වත් හරි හැටි බැරි බවක් විනා වෙන යමක් නම් නො පෙනේ. පූජිතගේ මෙම බහුබූත කතා විලාසය ද අභිනයන් ද විසින් පූජිත විසුළුවක් බවට පත් කරනු ලැබ ඇත. දිගු ගමනක් යාමට විභවතා ඇති පූජිත පණ්ඩිතමානී නො වී මෙකී ලුහු තැන් සකසා ගත යුතු ය.

පොලිස්පති ධුරයේ අභිනවයෙන් දිවුරුම් දුන් පූජිත ජයසුන්දර මහත්මාට දිගු සඵල ගමනක් යන්නට අපි සුභ පතමු.

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s