Eh වහර

So Eh? Is Canadian Eh?

අප විසින් ඇ කාර සම්මතය පිළිබඳ ලියැවුණු ලිපිය කියැ වූ හිතවතකු කැනඩා රටැ වහරනු ලබන ඉංගිරිසියැ සුලබ වැ ඇසෙන Eh යන්න පිළිබඳ විමසා ඇත. මෙම ලිපිය එපිළිබඳය යැ. 

සබඳ, ඔබ විසින් විමැසෙන පැනැය පැනසර යැ. කැනඩා රටැ ඉංගිරිසියැ Eh යන වෙසෙසි පදය සුලබ වැ වැහැරෙනු ඇසේ. එබසැ Eh වහර සිංහල‍යැ ඇ කාරයට යම් සේ සමරෑපි යැ. Eh යනු භාවප්‍රකාශනයකි. ඇ කාරය සිංහලයැ වර නැඟි සේ මැ කැනඩා රටැ ඉංගිරිසියැ Eh පදය ද නන් නයින් වර නැඟේ. ටොරන්ටෝ සරසවියැ එලේයින් ගොල්ඩ් සිරිමතිය පවසන පරිදි කැනඩා ඉංගිරිසියැ Eh වහර දසරූපී වැ වර නැඟියැ හැකි යැ.  

1. විශ්මයාර්ථ වාචක වැ – What an essay, eh?

2. ප්‍රශ්නාර්ථ වාචක වැ – Where is he going, eh?

3. මත පැවැසුම් වාචක වැ – A magnificent writing, eh

4. කරුණු පැවැසුම් වාචක වැ – I read Naomi, eh

5. ආඛ්‍යාන වාචක වැ – Naomi wakes up at 4 am, eh? then she writes her stunning articles, eh

6. තිර පැවැසුම් වාචක වැ – Of course, eh?

7. පුනර්විමැසුම් වාචක වැ – Eh? What did you say?

8. විධාන වාචක වැ – Read the content, eh?

9. අපවාද වාචක වැ – You deleted my comment, eh?

10. අපහාස වාචක වැ – You are an awful hypocrite, eh?

කැනඩා ර‍ටැ Eh වහර සුලබ බව සැබැවි. එනමුත් එම වහර එබසට මැ අනන්‍ය ලකුණෙක් යැ? අපගේ අදහස නම් Eh වහර ප්‍රංශ බසෙන් බිඳී කැනඩා රටැ වැහැරෙන ඉංගිරිසියට වැදි බව යැ. එංගලන්තයැ මැදි කල ඉංගිරිසියැEh වහර ප්‍රශ්නාර්ථ වාචක වැ සහ පුනර්විමැසුම් වාචක වැ වැහැරුණු බව දැකියැ හැකි යැ. එනයින් Eh වහර කැනඩා ඉංගිරිසියැ සුලබ වැ දැකියැ හැකි වැ තිබුණ ද, එය එබසට මැ අනන්‍ය බව නිගමනය කළ නොහැකි යැ. විසිවැනි සියවසැ මුලැ ටොරන්ටෝවැ ඉපිද, කැනඩා ඉංගිරිසිය පිළිබඳ මාහැඟි පිරිසුම් සිදු කැරැ, එබස ඔපවත් කළ වෝල්ටර් ඇස්. ඇවිස් පඬිවරයාණන් විසින් එක්දහස් නවසිය හැත්තෑ දෙක වසැ ජනවාරි මසැ පළ කැරුණු So eh? is Canadian, eh? නම් පිරිසුම් ලිපියෙන් එබව මනා වැ පැහැදේ. 

විදුහුරු සාධක නොමැති වැ ද, කැනඩා ඉංගිරිසියට Eh වහර සිංහලයැ ඇ කාරයෙන් බිඳී ගියේ යැ යි පවසනු රිසි ඇතැමකු සිටිනට හැකි යැ. ඉංගිරිසියට water යන්න සිංහලයැ වතුර යන්නෙන් බිඳී ගියේ යැ යි අදහන ඇතැමෙක් (අහුබුදු ඈ) ද ඉංගිරිසියට  tuk-tuk යන්න සිංහලයැ ටුක් ටුක් යන්න බිඳී ගියේ යැ යි අදහන ඇතැමෙක් ද සිටිති! අපි නම් එසේ නො පවසමු. 

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s