වායු නියම සහ සරසතුමා සමඟ අතීත සැමරුම්

හෞතික රසායනය: වායු නියම

සුප්‍රකට මල්ලේ පොල් වියුණුවේ හිමිකාර මගේ සන්මිත්‍ර සරසතුමා වායු නියම පිළිබඳ කතිකාවක් අරඹා ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේපේරාදෙණි විශ්වවිද්‍යාලයේ ද උගත් සරසතුමා දන්ත වෛද්‍යවරයෙකි; සූර කවියෙකි; සුබැසියෙකි; දෙස-බස-රැස රැකුමට නිති වෙහෙසෙන්නෙකි. සරසතුමන්ගේ වායු නියම කතිකාවට මගේ දායකත්වය මතු පළ වේ.

ළබැඳි සරසයෙනි,

ඔබතුමා මා සිත බෝ දුර අතීත‍යැ එක් සොඳුරු සමයෙක ඉමිහිරි මතකයකට ගෙන යයි. ඒ ඔබ ද මා ද අකුරු කළ රාජකීය විදු සෙවණැ භෞතික රසායනය උගත් සමය යැ. 

වැසුණු පරියා‍යෙක යම් වා අණු පමණෙක (n) උණුසුම (T) නියත කලැ ඒ වා පම‍ණැ පරිමාව (V)  වැඩි වන කලැ තෙරපුම (P) අඩු වන බැව් ද පරිමාව අඩු වන කලැ තෙරපුම වැඩි වන බැව් බොයිලුහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (ප්‍රතිලෝම  වැ සමානුපාතික යැ):

P € 1/V

වැසුණු පරියා‍යෙක යම් වා අණු පමණෙක (n) පරිමාව (V) නියත කලැ ඒ වා පම‍ණැ උණුසුම (T) වැඩි වන කලැ තෙරපුම (P) ද වැඩි වන බැව් ද උණුසුම (T) අඩු වන කලැ තෙරපුම (P) ද අඩු වන බැව් දගේ-ලුසැකුහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (අනුලෝම වැ සමානුපාතික යැ):

P € T

බොයිලුනගේගේ-ලුසැකුනගේ ද දෙනය එක් කළ කලැ මෙසේ යැ:

P € T/V

වැසුණු පරියා‍යෙක යම් වා අණු පමණෙක (n) තෙරපුම (P) නියත කලැ ඒ වා පම‍ණැ උණුසුම (T) වැඩි වන කලැ පරිමාව (V) ද වැඩි වන බැව් ද උණුසුම (T) අඩු වන කලැ පරිමාව (V) ද අඩු වන බැව් ද චාර්ල්සුහු  පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (අනුලෝම වැ සමානුපාතික යැ): 

V € T 

වැසුණු පරියා‍යෙක යම් වා අණු පමණෙක (n) පරිමාව (V) නියත කලැ ඒ වා පම‍ණැ උණුසුම (T) වැඩි වන කලැ තෙරපුම (P) ද වැඩි වන බැව් ද උණුසුම (T) අඩු වන කලැ තෙරපුම (P) ද අඩු වන බැව් ද ගේ-ලුසැකුහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (අනුලෝම වැ සමානුපාතික යැ): 

P € T

වැසුණු පරියා‍යෙක නියත උණුසුමෙක් (T) ද නියත තෙරපුමෙක් (P) ද පවතින කලැ ඒ වා පම‍ණැ අණු පමණ (n) වැඩි වන කලැ පරිමාව (V) ද වැඩි වන බැව් ද අණු පමණ (n) අඩු වන කලැ පරිමාව (V) ද අඩු වන බැව් ද  ඇවගාඩ්රෝහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (අනුලෝම වැ සමානුපාතික යැ): 

V € n

පෙර කී සියලු නය අනුයන වා පිරිපුන් වා නමි. එවන් පිරිපුන් වා පිණිස පිරිපුන් වා නය මෙසේ යැ: 

PV = nRT

R යනු සකල වා නියතිය ය. 

ළබැඳි සාරදයෙනි, දැන් යමකු මෙසේ පැවැසිය හැකි යැ. “ඒ සියලු නය පිරිපුන් වා පිණිස යැ. සැබෑ ලොවැ පිරිපුන් වා නැති යැ”. සැබෑ තර්කයෙකි. එයට පිළිවදන පිරිපුන් වා නය තත් වා පිණිස වැන් ඩර් වාලයනගේ නයෙන් පිරිපහදු කර ගනු මැනැවි යනුවෙන් යැ. එය මෙහි සලකුණු කිරීම යම් පමණ උගටහ යැ; වෑයමක් දරමි. 

[P + (an^2/V^2)] [V -bn] = nRT

a සහ b සලකනු ලබන වා වග පිණිස සුවිසෙස් නියති යැ. 

දියරයට පෙරළෙන වා පිණිස පෙර කී නන් නය යෙදුම වරද සහගත යැ. එපිණිස හෙන්රි නයැ සැකැසුව යොදා ගණනය කළ මනා යැ. එකිනෙක කිරිය කරනට රිසි වා පිණිස කිරිය අගැ චල තුලනයැ පල වැ සැදි වා මුසුව සලකා ඩෝල්ටනයනගේ අඩ තෙරපුම් නය යෙදුම කළ මනා යැ. 

ළබැඳි සරසයෙනි, මා මේ සතර එවකට නව යොවුන් වියැ සිටි වල්ලිපුරම් සිරිමතියගෙන් ඉගෙන දැන් දසක සතරකට වැඩි යැ. එතැන් සිට මා උගත්තේ පෙරපර දෙදිග බස්සාහිත යැ, දර්ශන විසා යැ, අපරදිග වෙදකම යැ. එනමුත් වැන් ඩර් වාලුනගේ නය පද කැරැම හැර බෝ දෑ ගල කෙටු අකුරු සේ සිතැ විණ. 

ඒ නම් සැබෑ ගුරුවරු මැ යැ. එවන් ගුරුවරු ලැබීම පෙර දිවියැ කළ පින් බලයෙන් මැ වූ බැව් හැඟේ. අප මිනිසුන වූයේ ඒ සුධීමත් ගුරුවරුනගේ කරුණ සිත් නිසා යැ. දැන් සිටින ගුරුවරුනගේ වදන් මෙලෙස යැ: 

ඉස්සර මං ඕකුන්ව වාහන හයර් කරගෙන මැච්වලට එක්කගෙන යනවා. මුලින් සල්ලි ටික එකතු කර ගත්තෙ නැතිනම් උන් කඩචෝරු කාලා හවසට අපේ කොණ්ඩෙ කපනවා. මං සෑහෙන්න අතින් කාලා හරක් බලලා තියෙනවා. උන් නම් සෙල්ලම් කරනවා. තල නම් තෙලට වේලේ – මීබෙටි කුමට වේලේ කියලා මං වැඩේ අතෑර දැම්මා.

මෙහෙව් එවුන තමන මහ මඟෙන් ද කුණු කානුවෙන් ද උගත් බැව් කීම පුදුමයෙක් යැ? 

සාරසයෙනි, මයුරවිලයෝ ද ඔබ ද විදුසත උගත්තෝ බස ද මැනැවින් උගත්තෝ යැ. හරිස්චන්දර විජයතුඟුන්අදිකාරමුන් ද සේ යැ. මේ අවීචි මහ නරකාදියැ ඔබ දෙදෙන වන් බස් මුර දෙව්පුතුන හමුව ද මන තුටකි; අසිරි‍යකි.

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s