දෙමළ-සිංහල ප්‍රමන්ත්‍රණ්‍යයකට එරෙහි ව පවතින බාධා ගැන කතාබහක්

ජේ. ආර්. ජයවර්ධන

නිමලන් සිවපාදම් (මෙය ඇතැම් විට ආරූඪ නාමයක් විය හැකි යි) නම් සහෝදරයකු විසින් ලියවුණු ලිපියක් කියවන්නට ලැබිණ. ජාතිකත්වය හා ජාතික ප්‍රශ්නය පිළිබඳ සිංහල සමාජයේ ඇති වන කතිකාවට දෙමළ සහෝදරත්වය සම්බන්ධ වීම අතිශය වැදගත් ය. මක් නිසා ද යත් ජාතික ප්‍රශ්නයට ප්‍රශස්ත ම පිළිතුර සියලු ජාතීන්ගේ දායකත්වයෙන් සකසා ගැනීම මත එම පිළිතුරේ විශ්වසනීයත්වය හා කල් පැවැත්ම රඳා පවතින බැවිනි. නිමලන් සහෝදරයා ඇතමුන්ගේ අවමාන ඉවසමින් සිංහලයා සමඟ සංවාදයක් ඇරඹීම අප විසින් ඉතා අගය කරනු ලැබිය යුතු වන්නේ එනිසා යි. එම එළඹුම පිළිබඳ අපේ අසීමිත ගෞරවය නිමලන් සහෝදරයාට හිමි වේ. එලෙස ම අප සිංහලයන් වශයෙන් ලැජ්ජාවට පත් විය යුතු යි දෙමළ සහෝදරත්වය නඟන ප්‍රශ්නවලට ලිබරල් සමානාත්මතාවේ සළුව පොරවා ගත් ජාතියක් නැති ඇතැම් ඩොලර් කාක්කන් පිළිතුර දෙන අසික්කිත විධිය ගැන. 

එදා ජේ.ආර්. ජයවර්ධන අමිර්තලිංගම්ට පැවසූ උද්ධච්ච කතාවට සමාන යි ඇතැමුන් අද සංහිඳියාව සඳහා සිංහලයා සමඟ කතිකාවට එන දෙමළ සහෝදරත්වයට පවසන උද්දච්ච කතා. ජයවර්ධන ජනාධිපති මෙලෙස පවසයි:

If you want to fight, let there be a fight; if it is peace, let there be peace; that is what they will say. It is not what I am saying. The people of Sri Lanka say that.” 

ලන්ඩනයේ ඉයන් වෝඩ් (London Daily Telegraph, 11 July 1983සමඟත් ජයවර්ධන ජනාධිපති තවත් උද්ධච්ච කතාවක් මෙලෙස පවස යි:

I am not worried about the opinion of the Jaffna people now… Now we cannot think of them. Not about their lives or of their opinion about us… The more you put pressure in the north, the happier the Sinhala people will be here… really, if I starve the Tamils out, the Sinhala people will be happy…

අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්

අද ඇතැමෙක් ඒ අයගේ දේශපාලන ලොකු තාත්තා වුණු ජයවර්ධන ජනාධිපති එදා පැවසූ විධියේ ම උද්ධච්ච කතා පවසති. දෙමළ සහෝදරත්වයට අප ඉතා පැහැදිලි ව පැවසිය  යුතු යි දකුණේ බහුතර සිංහල සහෝදරත්වය දරන මතය ඔය ජයවර්ධන පන්නයේ උද්ධච්ච කතා නො වන බව. එය අප නැවතත් අවධාරණය කර පැවසිය යුතු ම ය. ඇතැමුන් අද කරමින් සිටින්නේ දෙමළාගේ දෙමළකමත් සිංහලයාගේ සිංහලකමත් ලිබරල්වාදී සමානාත්මතතාව තුළ දියකර හැරීම ය. එම කුමන්ත්‍රණය පරාජය කරන්නට සිංහල ජාතිකත්වයත් දෙමළ ජාතිකත්වයත් එකාවන් ව සහෝදරත්වයෙන් නැඟී සිටිය යුතු ය. 

දෙමළ සහෝදරත්වය තේරුම් ගන්න අවශ්‍ය දෙය වන්නේ බහුතර සිංහලා “මේ රට තමාගේ ය” යි කීම තුළ “මේ රට දෙමළාගේ නො වේ ය” යන අදහසක් නැති බව යි. සුළුතරයක් එලෙස අන්තගාමී වුණත් බහුතරය අන්තගාමී නැත. අප විසින් උත්සාහ කරනු ලැබිය යුතු වන්නේ සිංහලයාට සිංහලකමත් දෙමළාට දෙමළකමත් රුක ගෙන එකම රටක දේශපාලන බලය (පරිපාලන බලය පමණක් නො වේ) හවුලේ භුක්තිවිඳිය හැකි ක්‍රමයක් සකස් කර ගැනීමට ය. එම ක්‍රමය හැඳින්වෙන නම වැදගත් නැත. එම අරමුණ සාක්ෂාත් කර ගත හැකි වන්නේ පුළුල් කතිකාවක් සිංහල හා දෙමළ ජාතිකත්ව අතර ඇති කිරීමෙන් මිස ජයවර්ධන පන්නයේ උද්ධච්ච කතා පැවසීමෙන් නො වේ. ඒ කතිකාව ගොඩ නඟන්න ඉඩ නො දෙන්නේ ජාතික අනන්‍යතාවන් නැති කරන්නට කුමන්ත්‍රණ කරන ඇතැම් ව්‍යාජ ලිබරල්වාදීන්. එවුන්ට එරෙහිව නැඟී සිටීම උතුරේත් දකුණේත් ජාතිකත්වය රුක ගැනීමට ළැදි සිංහල-දෙමළ සහෝදරත්වයේ ඵෙතිහාසික කාර්යභාරයකි. සිංහලයාගේ සතුරා දෙමළා නො වන අතර දෙමළාගේ සතුරා සිංහලයා ද නො වන්නේ ය. සිංහලයාගේත් දෙමළාගෙත් පරම පොදු සතුරා වන්නේ ලිබරල්වාදී කසී සළු‍ෙවන් තම කුණු වී ඕජස් ගලන කුණපය වසා ගත් ධනවාදය යි. ඇතැමෙක් එම ලිබරල් ධනවාදයේ දෘෂ්ටිවාද ප්‍රචලිතකරන බඩගෝස්තරවාදියෙක් වන්නේ ය. සිංහල-දෙමළ සහෝදරත්වය “The nation that oppresses another nation forges its own chains” යන මාර්ක්‍ස්ගේ රුවන් වැකිය නිතොර සිහි කළ යුතු යි. 

ජාතිකත්වය යනු මාර්ක්ස්වාදීන්ට අදාළ නැති දෙයක් ය යි කියමින් පිස්සු කෙළින ව්‍යාජ ලිබරල්වාදීන්ගේ ගෝඩ් ෆාදර් වන්නට තතමන ඇතැමකුට අප පවසන්නේ මාර්ක්ස් හා එංගල්ස් 1882 පෙබරවාරී 7 වැනි දා කාල් කෝට්ස්කිට ලියූ ජාතිකවාදය, අර්තර්ජාතිකවාදය සහ පෝලන්ත ප්‍රශ්නය පිළිබඳ ලිපිය කියවන්න කියා යි. ජාතිකවාදයකින් තොරව අන්තර්ජාතිකවාදයක් පැවතිය නො හැකි වන්නේ ඇයි? කියන ප්‍රශ්නයට පිළිතුර එම ලිපියේ මාර්ක්ස් හා එංගල්ස් පවසයි. ලෙනින් නම් ජාතිකත්වය ගැන ඇති පමණට ලියා ඇත. 

වමේ සිට දකුණට පැන ගෙන වර්තමානයේ දී ලාංකීය ෆ‍රාන්සිස් ෆුකුයාමා  වන්නට තතමන ඇතැමකුගෙන් අප විමසන්නේ මෙය යි:

හිටපු සහෝදරයාණෙනි, නුඹ අවුරුදු 30ක් වමේ සිට පොල් ගෑවෙහි ද?

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s