පාඨශාලීය සත්ත්‍ව විද්‍යා අම්බරයෙහි ප්‍රාදුර්භූත වූ උජ්වලිත සිරීයස් තාරකාව

සිරීයස් තාරකාව

මා සන්සඛි, සුවියත්, සුසංවාදී, සුලක්‍ෂිත සරස සුධීමත්හු එතුමන්ගේ ආදරණීය ගුරුතුමික වූ ෆේත් වික්‍රමසූරිය (විවාහයට පෙර ගුරුස්වාමි) සිරිමතිය පසු ගිය දිනෙක හමුවූවාහු එතුමිය සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියාහු යැ. සරසතුමෝ සුබස් මිණි කැටයමින් සමලංකෘත හැඳින්වීමක් ද සහිත වැ එම සුදුර්ලභ ඡායාරූපය තම වියුණුවේ පළ කරන්නෝ එම වියුණුසටහන මා වෙත සමර්පණය කළාහු යැ. 

සරසතුමන්ගේ එම වියුණුසටහන අමෘතරසාකර යැ. ඉන් වෑහෙන අමෘතරසයෙන් මත් වැ මම දසක සතරකට එහා අතීතයක මධුරමනෝහර සිද්ධිදාමයක් වෙත පා වැ යමි. එම අතීතාවලෝකනය මා විසින් පෙර කල ලියැවිණි. සරසතුමෝ එම පද සරණිය තම වියුණුවෙහි පළ කළහ. මෙම ශිශිරය ජීවන ගමනේ ආන්තික ශිශිරය දැ යි සංශයක් සිත ජනිත නිමේෂයක දී වු වැ සරසතුමන් විසින් ගෙනෙන අතීත සැමරුමේ අතීතකාමයෙන් මම වාජිකරණයක් ලබමි. 

හැත්තෑව දශකයේ මුල දී කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයෙන් කොළඹ සරසවියට පැමිණ, විද්‍යාවේදී උපාධිය දිනා ගත් ෆේත් ගුරුස්වාමි නම් ප්‍රියභාෂිත ශෝභමාන යෞවනිය හැත්තෑව දශකයේ මැද දී කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරු සේවයට එක් වූවා යැ. ඕ තොමෝ උජ්වලිත වූ සිරීයස් තාරකාව සේ අවශේෂ සත්ත්‍ව විද්‍යා ගුරු තාරකා නිෂ්ප්‍රභාවත් කර දමමින් පාඨශාලීය සත්ත්ව විද්‍යා ගුවන් ගැබෙහි පායා දිදුලන්නට වූහ. ෆේත් ගුරුස්වාමි සිරිමතිය වනාහි ලාංකීය සත්ත්‍ව විද්‍යා ගුරු පරපුරක අභිමානවත් සංකේතයකි.  

ෆේත් ගුරුස්වාමි (විවාහයෙන් පසු වික්‍රමසූරීය) සිරිමතිය ජීවන ගමනේ සත්වැනි දසකයට එළඹ සිටින බවක් නම් ඇගේ රූපශ්‍රියාවෙන් දෘශ්‍යමාන නො වේ. ඕ තොමෝ ක්‍රෝධයෙන් ද ඊර්ෂ්‍යාමඳමානයෙන් ද විනිර්මුක්ත වූවාහු සන්තුෂ්ටිය මැ චිත්තසන්තානයේ දරා වසන්නාහු යැ. 

කළොත් ගුරු සේවේ – සුවඳ පත නල සේ වේ” යැ යි පැරකුම්බා සිරිතෙහි සඳහන් යැ. ෆේත් ගුරුස්වාමි සිරිමතිය පිළිබඳ නම් එම පද නියත ලෙස මැ සත්‍යයකි. සරසතුමාගේ මාහැඟි වියුණුසටහනට සැණින් එක් වැ ඇති ආලෝචන පෙළ මැ එබැව් නිසැක වැ ස්ඵුට කරයි. 

ගුරු ගුණ සමර මා සන්මිතු සරසතුමන්ගේ අත්‍යුදාර සද්ගුණයකි.  ස්වකීය හද මඬල රන් දෙවොලක් සේ පවිත්‍ර වූ බැතිමත් සරස ශිෂ්‍යරත්නයේ හද දෙවොලෙහි ගුරුදෙවිවරු නිරතුරු වැ වැඩ වසති. 

ගුරු ගුණ සමර සේ මැ සරසතුමන් මිතු දම් සමර ද මැනැවින් දත් සේ යැ. ෆේත් ගුරුස්වාමි සිරිමතියගේ මෙම ඡායාරූපය අපගේ චිත්ත සන්තුෂ්ටිය පිණිස තම වියුණුවේ පළ කළ මා සන්මිතු සරසතුමනට බොහෝ තුති! 

මිලින වූ දිවි කුසුම පුබුදන
සකල ඉඳුරන් කරන මෝහන
සතුට ගෙන දී මහද රසයන
වදන් අමයුරු සරස ගෙන එන

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

2 thoughts on “පාඨශාලීය සත්ත්‍ව විද්‍යා අම්බරයෙහි ප්‍රාදුර්භූත වූ උජ්වලිත සිරීයස් තාරකාව

  1. මේ උතුම් ගුරුවරියගෙන් මමද ඉගෙන ඇත්තෙමි. මම හරියට වැඩේ නොකරගත්ත එක මගේ දුර්වලකමක්. ඒ නිහතමානි සුන්දර සිනහව සහ සිසුන් කෙරෙහි දැක්වූ දයාව හිතාගන්නත් බැහැ. ඒ යුගයේ ඇය අවිවාහක රූමත් යුවතියක්. ඇයට නිදුක්, නිරෝගි සුවය පතමි.

    Like

    1. ඇය පිළිබඳ කිසි‍වකු හෝ ‍දොසක් පවසනු මා සවන් කවර කලෙකවත් අසා නැත. ඔබ පවසන සේ ම ඇය සුන්දර ය; නිහතමානී ය; දයාබර ය; රූමත් ය. එලෙස ම ඉතා ආචාරශීලී ය.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටකය.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s