ගුරු ගුණ සමර: මහාචාර්ය කොක්ක (මහාචාර්ය රංජිත් මෙන්ඩිස් පිළිබඳ මතක)

දන්ත වෛද්‍ය විද්‍යා පීඨය – පේරාදෙණි විශ්වවිද්‍යාලය

ගුරුවරු ශිෂ්‍යයන්ගේ උත්තම අනුප්‍රාණය ද ආදර්ශය ද වෙති. අප සැමට ම ප්‍රබල ආචරණයක් සිදු කළ, අපගේ අනාගතය හැඩ කළ ගුරුදෙවිවරු සිටිති. මතු පළ වන්නේ එවන් උත්තම ගුරුවරයකු පිළිබඳ උත්තම ශිෂ්‍යයකු විසින් ලියවුණු අගනා ලිපියකි. මෙම ලිපියේ කතුවරයාණෝ ආචාර්ය කුමාර කළුආරච්චි සිරිමත්හු ය. ආචාර්ය කළුආරච්චි තම අග්‍රගණ්‍ය ගුරුවරයා වූ මහාචාර්ය බී. ආර්. ආර්. එන්. මෙන්ඩිස් පිළිබඳ ගුරු ගුණ සමරමින් ලියූ මෙම ලිපිය අපි ඉමහත් ගෞරවයෙන් යුතු ව පළ කරන්නෙමු. මෙම මාහැඟි ලිපිය පසුගිය සමයේ දී අපගේ ඉලෙක්ට්‍රොනික තැපෑලේ ඇති වූ තාක්ෂණික දෝෂ නිසා අස්ථානගත ව තිබිණි. මෙම ලිපිය පිළිබඳ අප දැනුම්වත් කළ අපගේ ගුරුවරයා වන බන්‍ධුල කුදලාගමයනට ද අපි අපගේ ස්තුතිය පළ කරමු. එතුමා අපගේ අතපසුවීම පිළිබඳ ලබා දුන් දීර්ඝ දේශනය නිසා මින් මතුවට එවැනි අතපසු වීම් අපගෙන් සිදු නො වනු ඇත. මෙම ලිපිය පළ වීම ප්‍රමාද වීම පිළිබඳ අපි ආචාර්ය කුමාර කළුආරච්චි සූරීනට අපගේ කනගාටුව පළ කරන්නෙමු. 

ආචාර්ය කළුආරච්චි සූරීන් පිළිබඳ අටුවා ටීකා ලියන්නට අවශ්‍ය නැත. එතුමා පිළිබඳ වර්ණනා පළ කරනු ලැබීමට එතුමා නො රිසි ය. එහෙත් පොදුජන ක්ෂේත්‍රයේ සම්ප්‍රදාය අනුයමින් අපි එතුමා පිළිබඳ මෙසේ කෙටි හැඳින්වීමක් කරන්නෙමු:

ආචාර්ය කුමාර කළුආරච්චි කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකි. එතුමා පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍යවේදී උපාධිය දිනා කලක් එහි ම කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේ ය. හොං කොං විශ්වවිද්‍යාලයෙන් ජෛවරසායනය සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණ ආචාර්ය උපාධියක් දිනා ගත් හෙතෙම ඔස්ට්‍රේලියාවේ මර්ඩොක් පර්යේෂණායතනයේ ද කලක් සේවය කළේ ය. ආචාර්ය කළුආරච්චි විසින් කර්තෘත්වය දරන ලද පර්යේෂණ පත්‍රිකා රැසක් දෙස්-විදෙස් වෛද්‍ය සඟරාවල පළ වී ඇත. දන්ත වෛද්‍ය විද්‍යාව මතු නො ව සාහිත්‍යය, කලාව, දේශපාලනය ආදී නා නා විධ විෂයන්හි බහුශ්‍රැත, බහුපඨිත විද්වතකු වන ආචාර්ය කළුආරච්චි සැකයක් නැති ව උගතකු, බුද්ධිමතකු ලෙස හඳුන්වා දිය හැකි සුධීමතෙකි. එතුමා සිංහල වියුණු ලොව ප්‍රමුඛ වියුණුකරුවෙක් ද වන්නේ ය. එතුමා වියුණු ලොව ප්‍රකට ව සිටින්නේ “මල්ලේ පොල්” වියුණුවේ හිමිකාර “සරසතුමා” යන ආදරණීය නාමයෙන් ය.

ආචාර්ය කුමාර කළුආරච්චි පොදුජන ක්ෂේත්‍රය සඳහා අප්‍රමාණ උපකාර කළ සත්පුරුෂයෙකි. පොදුජන ක්ෂේත්‍රය ආරම්භ කරන්නට අප උනන්දු කළ එතුමා පොදුජන ක්ෂේත්‍රයේ පළමු වැනි පාඨකයා ද පළමු වැනි ආලෝචනකරු ද වන්නේ ය. මෙම ලිපිය පළ වීමත් සමඟ පොදුජන ක්ෂේත්‍රය වෙනුවෙන් ම ලිපියක් ලියා එවූ පළමු වැනි පාඨකයා ලෙස ද ආචාර්ය කුමාර කළුආරච්චි ඉතිහාසගත වේ. 

මහාචාර්ය බී. ආර්. ආර්. එන්. මෙන්ඩිස්

ගුරු සමර: මහාචාර්ය කොක්ක

නවක සිසුවන් ලෙස අප පේරාදෙනි විශ්ව විද්යාලයට පා තැබුවේ 80 දශකයේ අග හාගයේ ය. දේශන පටන් ගැනීමට කලින් දා නේවාසිකාගාර වෙත් පැමිනි අප වඩාත් ම සාන්කා වී සිටියේ නවක වදකයන් ගේ තර්ජන ගර්ජන වලටයි. පසු දින උදේ 8.00 ට වෛද්ය පීට භෞත වේද දේශන ශාලාවේ පැවති කුඩා උත්සවයක දී දන්ත වෛද්ය පීටාදිපති මහාචාර්ය බඹරදෙනිය තුමා ඇතුලු ආචාර්ය මන්ඩලය අපව සාදරයෙන් පිලිගත්තා. 

කුඩා විවේකයකින් පසු අපට පලමු නිල දේශනය වන දන්ත ව්‍යච්චේද විද්යා දේශන ය දෙන්නට ශාලාවට ආවේ මහාචාර්ය රන්ජිත් මෙන්ඩිස් මැතිතුමායි. මහාචාර්ය රන්ජිත් මෙන්ඩිස් මැතිතුමා සහ එතුමා ගේ දේශනය මා ඇතුලු එහි වූ නවක දන්ත වෛද්ය සිසු සිසුවියන් කීප දෙනෙකුගේම ජීවිත් වෙනස් කරන්නට ඇතැයි මට සිතෙනවා. 

දේශනය ආරම්භයේදීම මහාචාර්ය තුමාට දැනගන්නට වුවමනා වුනේ දන්ත ව්‍යච්චේද විද්යාව සඳහා අප භාවිතා කරනා පාඨ ග්‍රන්ථය කුමක් ද කියා ය. සාමාන්යයෙන් සිසු සිසුවියන් අතර පාඨ ග්‍රන්ථයක නම කියවෙන්නේ එහි සම්පාදකයින් ගේ නමින් බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඒ නිසාම මහාචාර්යතුමා ගේ ප්‍රශ්නයට පිලිතුරක් ලෙස එක් සිසුවියක් ඇය ලඟ තිබූ (සහ සියලු සිසු සිසුවියන් ගේ) එකම දන්ත ව්‍යච්චේද විද්යා පාඨ ග්‍රන්ථයේ සම්පාදකවරුන් දෙදෙනා ගේ නම වන සයිමන් සහ ස්කොට් ලෙස පොතේ නම මහාචාර්ය වරයාට පැවසුවා. 

මහාචාර්ය රන්ජිත් මෙන්ඩිස් මහතාට මල පැන්නේ ඒ වෙලාවෙයි! 

ඉස්කොට්??

සයිමන්???

ඉස්කොට් කියන්නේ බාප්පද? සයිමන් කියන්නේ මහප්පද?

Introduction to Dental Anatomy by James H. Scott & Norman B. B. Symons 

කට ඇද කරමින් මහචාර්ය තුමා ඇසුවේ ඒ වෙලාවේ ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටි කලින් උත්තර දුන් සිසුවියගෙනුයි. 

එක වරම සද්දෙට කෑ ගැසූ මහාචාර්ය තුමා නැවත සාන්ත දාන්ත වුනා… මොහොතකට පසු ඉතා ගෞරවනීය විදියට පොත එම සිසුවියගෙන් ඉල්ලාගත් මහාචාර්ය තුමා පොතේ නම අපට කියවූවා….. 

‘ඉන්ට්‍රඩක්ශන් ටු ඩෙන්ටල් ඇනටොමි’ බයි ජේම්ස් ස්කොට් ඇන්ඩ් නෝමන් බැරින්ටන් සයිමන්ස්.

(Introduction to Dental Anatomy. . James H. Scott, Norman Barrington Bray Symons.

ඊට පස්සේ එතුමා අපේ දිහා බැලුවේ ඔන්න ඔහොමයි ලමයි වැදගත් උදවිය ටෙක්ස්ට් බුක් එකකට නිසි ගෞරවය දෙන්නේ කියන්නා වගේ සාවඥ්ය බැල්මකින්! 

තවත් ටික වෙලාවකට පස්සේ මහාචාර්ය රන්ජිත් මෙන්ඩිස් මැතිතුමා අපෙන් අහනවා…. 

Pray tell me gentlemen, what edtion you are reading” 

අපි ඒ කාලේ කියෙවුවේ ඒ පොතේ නව වන මුද්‍රණය…. ඒක අහපු මහාචාර්ය තුමා මෙහෙම කියනවා….. 

Hmmm…. you see.. when I was a fresher like you today, I used to read the second edition of this precious book…..

පොඩ්ඩක් නැවතිලා මහාචාර්ය තුමා වට පිට බලා ඉතාම හෙමින් කියනවා…. 

… and today, if you are kind enough to go to the references page of the chapter on Dentine……

කියලා පොඩ්ඩක් නිස්සබ්දව ඉඳලා එයාගේ පන්ච් ලයින් එක දෙනවා…. 

you will see my name and the work I did for my doctorate mentioned there!!!

ඒ වචන පෙල අහපු සෑම සිසු සිසුවියක් ම සබ්ද නගා හුස්මක් උඩට ගන්නා ගමන් ඩෙන්ටින් ගැන තිබෙනා පරිච්චේදය පෙරලනවා…… ඇත්ත තමා…. මේ තියෙන්නෙ රෙෆරන්ස් එක!!!

A scanning electron microscope and microradiographic study of closure of human coronal dentinal tubules related to occlusal attrition and caries. Mendis BR, Darling AI Archives of Oral Biology, 1979 ; 24 (10-11) : 725-33

රන්ජිත් මෙන්ඩිස් මහාචාර්ය තුමා ජයග්‍රාහී ව සිසු සිසුවියන් දෙස බලනවා…. හරියට එඬරු ගසුත් ගස් කියලා පිලිගත්ත රටේ නියම මල් බුරුත ගහ වගේ…! 

සාමාන්යයෙන් නවකයන් ට කොක්ක ගහන්නේ දේසපාලන කන්ඩායම් වල සාමාජික ශිශ්ය මහතුන්. හැබයි මට (සහ තව මගේ කන්ඩායමේ සිසු සිසුවියන් කීප දෙනෙකුටම) නවකයෙක් විදියට කොක්ක හැහුවේ මහාචාර්ය රන්ජිත් මෙන්ඩිස්…. 

එදා එතුමා පෙන්වා දුන්න නව දැනුම නිශ්පාදනය පූජනීය දෙයක් කියලා මගේ ඔලුවට කා වැදුනා….. මා ඇතුලු අප කන්ඩායමේ කීප දෙනෙකුම දන්ත වෛද්යවරුන් විදියට පිට වුනාට පසු විද්යාගාර වල පර්යේශන කරලා ආචාර්ය උපාදි ලබාගෙන විද්යාත්මක පත්‍රිකා පල කලේ එදා මහාචාර්ය රන්ජිත් මෙන්ඩිස් මැතිතුමා ගේ කොක්ක ගැහිල්ල හන්දයි!!

කුමාර කළුආරච්චි

Advertisements

6 thoughts on “ගුරු ගුණ සමර: මහාචාර්ය කොක්ක (මහාචාර්ය රංජිත් මෙන්ඩිස් පිළිබඳ මතක)

  1. Dear Sir,
    Thank you very much for publishing this article on Prof BRRN Mendis. He was our professor of Oral Pathology and inspired us to look at things in a critical mind…
    Thanks once again for giving your blog space for honoring Prof Mendis.

    Kumara

    Liked by 1 person

    1. You are welcome sir! We shall be grateful to you for providing us this excellent article. We apologise you once more for the undue delay in publishing the article. We have already sent our official apology to your email. Please be kind enough to check it. Thank you very much for your genuine support for our success.

      The Board of Editors,
      The Public Sphere.

      Like

  2. A fine piece of writing. Wish it was longer.
    Dr. K.K. could write a Peradeniya dental version of Richard Gordon’s ‘Doctor in the House’.

    Like

  3. දොස්තර කුමාර කළුආරච්චි තම ගුරුවරුන් වෙනුවෙන් දක්වන ගෞරවය නැවත වරක් දුටුවෙමි.

    Like

  4. He is a great Human as my Path prof i will never forget him and i met him 4 years ago at Polonnaruwa when he has come with his wife My Medicine teacher to do some research about CKDU
    He recognise me and Proudly introduce to his wife Shanthi and WHO Experts his student is in Polonnaruwa
    so dear sir your teaching and way of teaching never forget us
    Dr samantha -M D Sakuki Dental hospital

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s