පිළියන්දල ප්‍රදීප් ඒ. ජයතුංග සමඟ පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ශාස්ත්‍රීය සංචාරයක්

ලන්දේසි යුගයේ කොළඹ – 1775 (Johannes Kip ගේ නිර්මාණය)

ඉන්දියානු සාගරයෙහි මුතු ඇටය ය යි විරුදාවලිය ලද ලංකාව යුරෝපීය ජාතින් තුනකගේ පාලනයට යටත් ව තිබූ රටකි. ක්‍රිස්තු වර්ෂ 1505 දී අහම්බෙන් ලංකාවට පැමිණි පෘතුගීසිහු එදවස ලාංකීය දේශපාලනයේ පැවති ප්‍රාදේශීය ඛණ්ඩනයන් ද උපයුක්ත කර ක්‍රිස්තු වර්ෂ 1597 සිට ක්‍රිස්තු වර්ෂ 1658 දක්වා ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සෘජු පාලනය සියතට ගත්හ. පෘතුගීසින් පලවා හැරීම සඳහා ලන්දේසි උපකාර අපේක්ෂාවෙන් ක්‍රිස්තු වර්ෂ 1603 දී ඇරඹි ලන්දේසි-ලාංකික සම්බන්‍ධතා ක්‍රිස්තු වර්ෂ 1640 වන විට ප්‍රබල ව වැඩී තිබිණි. දහහත් වැනි ශතවර්ෂයේ දී යුරෝපීය දේශපාලනයේ ඇති වූ වර්ධනයන් ද කරණ කර පෘතුගීසි යටත්විජිත බොහෝමයක් ලන්දේසින් වෙත පැවරිණි. එනයින් ක්‍රිස්තු වර්ෂ 1640 සිට ක්‍රිස්තු වර්ෂ 1796 දක්වා ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සෘජු පාලනය සියතට ගන්නට ලන්දේසිහු සමත් වූහ. දහඅට වැනි ශත වර්ෂයේ දී යුරෝපීය දේශපාලනයේ ඇති වූ වර්ධනයන් කරණ කර ලංකාවේ ලන්දේසි යටත්විජිත පාලන ප්‍රදේශ ක්‍රමයෙන් ඉංගිරිසින් වෙත පැවරිණි. ක්‍රිස්තු වර්ෂ 1796 සිට ක්‍රිස්තු වර්ෂ 1948 දක්වා ලංකාවේ පාලන බලය අත්පත් කර ගෙන සිටි ඉංගිරිසින් ලංකාවේ සමස්ත සංස්කෘතිය කෙරෙහි ඇති කළ බලපෑම සුවිශාල ය. එබව සෑම අයකු විසින් ම අවිවාදිත ව පිළිගනු ලැබේ. ඉංගිරිසින් සේ සමස්ත ලංකාව ම තම පාලනයට නතු කර නො ගත් මුත් ශතවර්ෂ තුනකට ආසන්න ‍කාලයක් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පැවති පෘතුගීසි සහ ලන්දේසි පාලනයන් විසින් ලාංකීය සංස්කෘතියට ඇති කරන ලද බලපෑම සුළුපටු නො වේ. සංස්කෘතියක මූලික පදනමක් වන භාෂාව ද ආගම ද අන්‍ය සංස්කෘතින්ගේ  බලපෑමට නිබඳ ව ලක් වේ. සිංහල භාෂාව කෙරෙහි පෘතුගීසි සහ ලන්දේසි බලපෑම සුපැහැදිලි ව නිරීක්ෂණය කළ හැකි ය. 

ශතවර්ෂ පහකට ආසන්න කාලයක් පුරා පැවති යටත්විජිත සමයේ ඉතිහාසයත්, යුරෝපීය ජාතීන් තුනකගේ යටත් විජිතයක් ලෙස පැවතීම නිසා ලාංකීය සංස්කෘතියට ඇති වූ බලපෑමත් පිළිබඳ වාග් විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක මානයන් ඔස්සේ නීර්ක්ෂණය කරන විද්වතකු මින් මඳ කලකට පෙර වියුණු ලොවෙහි දී මට මුණ ගැසිණි. පසුගිය සමයෙහි දී මම ඔවුන් සමඟ නා නා විධ ශාස්ත්‍රීය කරුණු පිළිබඳ සංවාද වීමි. එම සංවාද සුසංවාදී, මනනයන පොබයවන ශාස්ත්‍රීය ව්‍යායාමයකි. එනයින් ඔවුන් තමන්ගේ ලේඛනවලට අදාළ වන විෂය පිළිබඳ මනා කියවීමක් ද හැදෑරීමක් ද විමර්ශනයක් ද කරන ශාස්ත්‍රීය පුද්ගලයකු බව මම සංශයමුක්ත ව නිගමනය කළෙමි. ඉංගිරිසි භාෂාවෙන් ලේඛනයෙහි යෙදෙන ඔවුහු ජාතික-අන්තර්ජාතික පාඨක ප්‍රජාවට “Nittaewo, the hobbits of Sri Lanka : an analysis of the legend” සහ “Leopards of Lenama, the man-eaters of Sri Lanka: an analysis of the legends” යන පර්යේෂණ ග්‍රන්ථ ද්වයයක් ද දායාද කර ඇති දක්ෂ ලේඛකයෙක් වෙති. ඔවුහු පිළියන්දල ප්‍රදීප් ඒ. ජයතුංගයෝ ය. මෙම ලිපියට පාදක වන්නේ ජයතුංගයන් විසින් රාජකීය ආසියාතික සංගමයට ඉදිරිපත් කෙරුණු “THE CHURCH IN THE DALE OF THE WOLVES: An Etymological Study of Wolvendaal” නම් මාහැඟි පර්යේෂණ පත්‍රිකාව ය. ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා නමින් ඔජ වඩවා, රාජ්‍ය නො වන සංවිධානවල ප්‍රතිපාදන මත බහුභූත ලියන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සිටින රටක ප්‍රදීප් ඒ. ජයතුංග වැනි පර්යේෂකයන් හමුවීම ද සන්තෝෂයට හේතුවකි. සිංහල වියුණු ලොව ද්විභාෂික පාඨක සුධීජනයාගේ ශාස්ත්‍රකාමය සංසිඳුවනු පිණිස ජයතුංගයන්ගේ අගනා පර්යේෂණ පත්‍රිකාව එකී පාඨක සුධීජනයා වෙත ගෙන යාමේ සද්අභිලාෂයෙන් මා විසින් මෙම සටහන ලියනු ලැබේ.

යුරෝපීය යටත්විජිතවාදයේ මූලික අභිලාෂයන් වූයේ ආර්ථික ප්‍රතිලාභ ලැබීමත් ආගම ප්‍රචාරණයත් ය. ක්‍රිස්තු වර්ෂ 1498 දී පෘතුගාලයේ සිට අප්‍රිකාවේ සුභ ප්‍රාර්ථනා තුඩුව වටා ගොස් ඉන්දියාවේ කැලිකට් තොට අසල මලබාර් වෙරළට සැපත් Vasco da Gama ප්‍රථම වරට සාගර මාර්ග ඔස්සේ යුරෝපය සහ ආසියාව සම්බන්‍ධ කළේ ය. මලබාර් වෙරළේ නැංගුරම් ලා සිටි Vasco da Gama ඇතුළු පෘතුගීසින්ගේ නියෝජිතයකු කැලිකට්හි විසූ ටියුනීසික මුස්ලිමුන් හමු වීමට ගිය කල පෘතුගීසින්  ඉන්දියාවට පැමිණි හේතුව ලෙස ඔහු විසින් පැවසුණේ “ක්‍රිස්තියානින් සහ කුළුබඩු” ය. Vasco da Gama ගිය මඟ යමින් 1505 දී ඉන්දියාවට සැපත් Francisco de Almeida ඉන්දියාවේ පෘතුගීසි බලය තහවුරු කර ගන්නා කල ඔහුගේ පුත් Lourenço de Almeida 1505 දී අහම්බෙන් ලංකාවේ ගාලු වරායට සැපත් විණි. එලෙස අහම්බෙන් ලංකාවට පැමිණි පෘතුගීසින් 1517 පමණ වන විට කොළඹ වරාය ආශ්‍රිත ව තම බලය තහවුරු කර ගත්හ. තම අරමුණු ප්‍රකාර ව කුරුඳු වෙළදාම අත්පත් කර ගැනීම කෙරෙහි සේ ම කිතුනු සමය ව්‍යාප්ත කිරීම කෙරෙහි ද උනන්දු වූ පෘතුගීසිහු ලංකාවේ තම පාලන ප්‍රදේශවල දේවස්ථාන තැනවූහ. පෘතුගීසින් විසින් කොළඹ කොටුවට ආසන්න ගෝර්ඩන් උද්‍යානයේ (අදාළ ප්‍රදේශය සඳහා මෙම නම ව්‍යවහාරයට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 1887 ට පසු ව ය) පිහිටුවා තිබූ ශාන්ත ෆ්‍රාන්සිස් (São Francisco) දේවස්ථානය එදවස සම්භාවනීය ව පැවතිණි. පෘතුගීසි පාලනයෙහි අවසාන සමය වන විට නැත හොත් ලන්දේසි පාලනයේ ආරම්භය වන විට එම පැරණි ශාන්ත ෆ්‍රාන්සිස් දේවස්ථානය සංකඩ ව තිබිණි. ලන්දේසින් මුල් යුගයේ දී තම ආගමික කටයුතු සඳහා භාවිත කළේ එම අබලන් දේවස්ථානය ම ය. ක්‍රිස්තු වර්ෂ 1736 පමණ වන විට මෙම සංකඩ දේවස්ථානය බිඳ දමා නව දේවස්ථානයක් එහි ම ඉදි කිරීම කෙරෙහි මෙරට ලන්දේසි පාලනය උනන්දු වූ බව පෙනේ. එහෙත් ඒ සඳහා ලන්දේසි නැගෙනහිරි ඉන්දියා වෙළඳ සමාගමේ අනුමතය ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 1743 දී පමණ ය. 

Wolvendaal Church -Sri Lanka

නව දේවස්ථානය කොළඹ කොටුවෙන් පිටත ඉදි කිරීමට තීරණය කෙරිණි. කොළඹ කොටුවෙන් පිටත වූ ප්‍රදේශය පහත් වගුරු බිමකි. එදවස  ලන්දේසිහු නව දේවස්ථානය සඳහා තෝරා ගත් භූමිය වූයේ කොළඹ කොටුවට නුදුරු එහෙත් ඉන් පිටත වූ තැනිතලා ‍ප්‍රදේශයක පිහිටි කඳුගැටයක් ය. ඵෙතිහාසික ව එම තැනිතලා ප්‍රදේශය සන්තම්පිටිය නම් වූ අතර කඳුගැටය බොරළුගොඩ නම් විණ. ක්‍රිස්තු වර්ෂ 1749 දී ලන්දේසින් විසින් අභිනව දේවස්ථානය ඉදි කෙරුණේ මෙකී බොරළුගොඩ උස් බිමෙහි ය. ඒ වන විට එම උස් බිමෙහි පෘතුගීසින් විසින් ඉදි කරවන ලද  Nossa Senhora de Guadalupe (Our Lady of Guadalupe) නැත හොත් එම නමෙහි අවසන් පදයෙහි අනුවර්තනයක් ලෙස Água de Lupe (අගුවා ද ලූපෙ) / Água de Lupo (අගුවා ද ලූපො) නම් වූ දේවස්ථානයක ශේෂයන් පැවතිණි (එම ස්ථානයෙහි ඒ වන විට බෞද්ධ විහාරයක් තිබූ බව ද එහි දෙතිස්ඵල බෝධියක් රෝපණය කරනු ලැබ තිබූ බව ද ඇතැමෙක් විශ්වාස කරති. එහෙත් එබව පිළිගැනීම ප්‍රමාණවත් විශ්වසනීය මූලාශ්‍ර සොයා ගන්නට මට නොහැකි විණ. මහාබෝධියෙන් ලබා ගත් අෂ්ටඵල බෝධි ද දෙතිස්ඵල බෝධි ද රෝපණය කරවන ලද ස්ථාන බෝධි වංසයෙහි සුපැහැදිලි ව සඳහන් වී ඇත. එහෙත් එම කිසිදු ස්ථානයක් අපගේ සාකච්ඡාවට අදාළ ස්ථානය සමඟ සම්බන්‍ධ නො වේ). ලන්දේසිහු එම ස්ථානයෙහි ඉදි කළ අභිනව දේවස්ථානය Wolvendaal (වුල්ෆෙන්ඩාල්) ලෙස නම් කළහ. 

එම Wolvendaal දේවස්ථානය ඉදි කරන ලද ස්ථානය පිළිබඳ විස්තරයක් රාජාවලියෙහි සඳහන් ය. රාජාවලියෙහි ප්‍රශස්ත ශාස්ත්‍රීය සංස්කරණය ලෙස සැලකිය හැකි 1964 දී පළ වූ මහාචාර්ය ඒ. වී. සුරවීරයන්ගේ සංස්කරණය එපවත මෙසේ පවසයි:

මෙගොඩ වාඩි ලා ඉඳ වික්‍රමසිංහ මුදලියා බොරළුගොඩ (1) පහළ සරක්කු දමා වාඩි ලූවාහ. සෙනෙවිරත්න මුදලියා බොරළුගොඩ තැන්නේ වාඩි ලාගත්හ. බොරළුගොඩ හින්නේ ආදිරිප්පු (2) පල්ලිය තිබෙන්නේ ය. බොරළුගොඩ පහළ සන්තුන්පිටිය (3) දැනගත යුතුයි. රාජසිංහ රජ දෙමටගොඩවත්තේ වාඩි ලාගෙන කොළඹ වටකර අඩස්සි කරගෙන කන්දඋඩයින් ලවා උමං කණවන විට ප්‍රඹතිකානෝ දැකලා වෙඩිබේත් උමඟ දමාලා ගිනිදුන්නාහ.

ඉලක්කම් සබැඳි වදන් එවකට පැවති විවිධ රාජාවලි තල්පත්වල සඳහන් වූ ආකාරය සුරවීරයෝ මෙසේ සඳහන් කරති. තනි අකුරින් දක්වා ඇත්තේ මූලාශ්‍ර තල්පතේ සංකේතය යි. එය පහළින් දක්වා ඇති මූලාශ්‍ර සුචිය සමඟ සසඳා බලනු මනා ය):

1. බොරසේනේරත්නැක – ස . 
මොරසෙණෙරත්න – හ . 
මොරසේනේරණ් – ම .

2. අදුරුක්කු – ස . 
ආතුරු – ප . 
ආදොලොප්පු – ධ .
ආදෝලොප්පු – ක . 
ආධෝලොප්පු – හ . 

3. යසන්තුමේපිටිය – ප . 
යසන්තුමොපිටිය – ස . 
සන්තුමේපිටිය – ක . 
සන්තුමාපිටිය – හ . 
සංසුන් පිටිය – ධ . 
සන්තුමපිටිය – ම .

මූලාශ්‍ර සුචිය: 

ස. – කටුගස්තොට හල්ඔලුවේ සෙල්ලාවල රජමහාවිහාරයට අයත් රාජාවලි පුස්කොළ පිටපත

හ. – පන්නාල ඇස්. ඩිංගිරි ඈපා මහතාට අයත්. දැනට හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ ඇති රාජාවලි පුස්කොළ පොත

ම. – බ්‍රිතාන්‍ය කටු‍ගෙයි ඇති රාජාවලි පුස්කොළ පිටපතකින්, ලංකා රාජ්‍යලේඛනාගාරය ලබාගත් ජායාරූප පිටපත (අංක 5/63/80-78/60)

ප. – පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලය පුස්තකාලයට අයත් අංක 2.4.243 දරන රාජාවලි පුස්කොළ පිටපත

ධ. – බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙණස්ථ පුස්තකාලයට අයත් රාජාවලි පුස්කොළ පිටපත

ක. – කොළඹ කටුගෙයි ඇති අංක A.K.5 දරන රාජාවලි පුස්කොළ පිටපත

Wolvendaal පිළිබඳ අපගේ සාකච්ඡාවට අදාළ වඩා රුචිකර කොටස නම්  පූර්වෝක්ත රාජාවලි පාඨයනට සුරවීරයන් විසින් සැපයෙන ආලෝචනාව ය. ඒමෙසේ ය:

බොරළුගොඩ හා සම්බන්ධ කොට මතු දැක්වෙන විස්තර රාජාවලිය ඉදිරිපත් කරයි: 

‘රාජසිංහ රජු කොළඹ ආක්‍රමණය කළ විට සිංහල සේනාංක නායක වික්‍රමසිංහ මුදලි බොරළු‍ගොඩ පහළ වාඩි ලා සිටියේ ය. සෙනෙවිරත්න මුදලි බොරළුගොඩ තැන්නේ වාඩි ලා සිටියේ ය. බොරළු‍ගොඩ හින්නේ ආදිරිප්පු පල්ලිය තිබෙන්නේ ය. බොරළුගොඩ පහළ සන්තුන්පිටිය ඇත්තේ ය.

බොරළුගොඩ නම් වර්තමාන ‘වුල්පැන්ඩල් කන්ද’ නම්න් හැඳින්වෙන ප්‍රදේශය යි. කූතෝ හා ක්වේරෝස් මේ ස්ථානය නම් කරනුයේ ‘ගල්වළ’ යන අරුත් දෙන ‘පෙද්රෙයිර’ කියා ය. බොරළුගොඩ කන්දේ පෘතුගීසීන් විසින් ඉදිරිපත් කරන ලද පල්ලිය හැඳින්වුයේ “ගුඅදලුපෙ” නමිනි. මේ පදය සිංහලයන් විසින් ආදිරිප්පු කියා ද ඉංහිරිසින් විසින් වුල්පැන්ඩල් කියා ද පෙරළා ගත් බව පෙනේ. සන්තුන්පිටිය නම් වර්තමාන හින්තුපිටිය යි.

සුරවීරයන්ගේ ආලෝචනාවෙහි ඇති “ඉංගිරිසින් විසින් වුල්පැන්ඩල් කියා ද” යන වාක්‍යාංශය “ලන්දේසින් විසින් වුල්පැන්ඩල් කියා ද” යනුවෙන් සකස් වීම වඩා යෝග්‍ය ය. “හින්තුපිටිය” යනු වර්තමාන “ජින්තුපිටිය” විය යුතු ය. 

Church of Nossa Senhora de Guadalupe – Portugal

පෘතුගීසින්ගේ “Nossa Senhora de Guadalupe (Our Lady of Guadalupe)” නම් වූ පැරණි දේවස්ථානය තිබූ තැන ලන්දේසින් විසින් තැනවුණු ‍අභිනව දේවස්ථානය ලන්දේසින් විසින් Wolvendaal ලෙස නම් කරනු ලැබුයේ ඇයි? 

Wolvendaal යන වචනයෙහි ලන්දේසි භාෂා අර්ථය ඉංගිරිසියෙන් “The Dale/Valley of the Wolves” ලෙස දැක්විය හැකි ය. එය සිංහලයෙන් “වෘකයන්ගේ තැන්න“, “වෘකයන්ගේ නිම්නය” ලෙස දැක්විය හැකි ය. ලන්දේසින් විසින් අදාළ දේවස්ථානය Wolvendaal ලෙස නම් කෙරුණේ එය පිහිටි වගුරු බිම ආශ්‍රිත ප්‍රදේශයෙහි එදවස සුලභ ව දැක ගන්නට හැකි වූ නරි රෑන් වෘකයන් ලෙස වරදවා හදුනා ගැනීම නිසා බව පෙර විමසූ පැනයට සපයනු ලැබ ඇති ප්‍රකට පිළිතුර ය. Wolvendaal යන වචනයේ නිරුක්ති විමසූ සියලු ස්වදේශික සහ විදේශික විද්වතුන් දීර්ඝ ශාස්ත්‍රීය චාරිකාවක් සිදුකර සැපත් වූ පොදු ගමනාන්තය වූයේ ද එකී ප්‍රකට පිළිතුර ය. එහෙත් එය ලන්දේසින්ගෙන් සිදු වූ වරදක් පමණක් ම ද? 

Monastery of Santa María de Guadalupe -Spain

පිළියන්දල ප්‍රගීත් ඒ. ජයතුංගයෝ තම මාහැඟි පර්යේෂණ පත්‍රිකාවෙන් Wolvendaal යන වචනයේ නෛරුක්තික සම්භවය පිළිබඳ ඉතා වැදගත්, විදුහුරු නව්‍ය න්‍යායක් සූර ලෙස ඉදිරිපත් කරති. එකී ශාස්ත්‍රීය ව්‍යායාමයෙහි දී ජයතුංගයෝ ලංකාවේ කැලණි ගං මිටියාවතෙහි සිට පෘතුගාලයටස්පාඤ්ඤයට ද දීර්ඝ ශාස්ත්‍රිය සංචාරයක නිමග්න වෙති. ඔවුන් යළි ලංකාවේ කැලණි ගං මිටියාවතට සැපත් වන්නේ ස්පාඤ්ඤයේ Guadalupe ගං මිටියාවත සහ ලංකාවේ කැලණි ගං මිටියාවත සම්බන්‍ධ කරන නිරුක්තිමූල පාරකාලික වාග් විද්‍යා ඇළ මාර්ගයක් අරාබිකරය ඔස්සේ කැණ අවසාන කරමිනි. 

Wolvendaal දේවස්ථානය පිළිබඳ  කෙටි එහෙත් සාරවත් හැඳින්වීමකින් ඇරඹෙන ජයතුංගයන්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉනික්බිති ව එම දේවස්ථානයෙහි පිහිටුම පිළිබඳ ඵෙතිහාසික මූලාශ්‍රවල සඳහන් කරුණු පිළිබඳ දීර්ඝ විග්‍රහයකට ද Wolvendaal යන වචනයේ නිරුක්තිය පිළිබද මෙතෙක් පළ වී ඇති න්‍යායන් පිළිබඳ දීර්ඝ විග්‍රහයකට ද එළඹේ. ජයතුංගයන්ගේ නව්‍ය න්‍යාය එළි දකින්නේ ඉන් පසු ව ය. දීර්ඝ සාරාංශයකින් පසු විද්වත් හා රුචිකර ශාස්ත්‍රීය ව්‍යායාමයක ආනන්දය පාඨකයාට සම්ප්‍රදානය කරමින් පිළියන්දල ප්‍රදීප් ඒ. ජයතුංගයන් විසින් තම පර්යේෂණ පත්‍රිකාව අවසාන කරනු ලබන්නේ මෙලෙස ය:

Irony in the etymology of Wolvendaal is that, although it happens to be an accurate translation of the original name of the Catholic church, at the time of naming the hill and/or their church, the Dutch would not have been aware of the meaning of the name Guadalupe (they may even have been entirely ignorant of the original name itself!), and that ignorance resulted in a corrupted Portuguese term being mistakenly translated into a name which turned out to be a correct translation of the original after all!

වාග් විද්‍යා සහ මානව විද්‍යා ශාස්ත්‍රෝන්නතිකාමී, ශාස්ත්‍රකාමී, ශාස්ත්‍රවන්ත ප්‍රගීත් ඒ. ජයතුංගයන් විසින් පැවසෙන එකී උත්ප්‍රාසය කෙසේ සිදු වී ද යන්න දැන ගැනීමට “THE CHURCH IN THE DALE OF THE WOLVES: An Etymological Study of Wolvendaal” නම් මාහැඟි පර්යේෂණ පත්‍රිකාව කියවන්නට, අධ්‍යයනය කරන්නට වියුණු ලොව ද්විභාෂික පාඨකයනට ආරාධනා කරමින් මම මෙම ලිපිය අවසන් කරමි. 

Carl Muller ලියූ Colombo නවකතාවත් නදී වාසලමුදලිආරච්චි ලියූ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් නවකතාවත් නිසා පසුගිය සමයෙහි දී මගේ සාහිත්‍යාවධානය දිනා ගත් Wolvendaal  පිළිබඳ ශාස්ත්‍රීයාවධානය යොමු කරවමින් කතිකාවකට මඟ පෑදූ ප්‍රදීප් ඒ. ජයතුංගයනට මගේ ප්‍රණාමය!

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

6 thoughts on “පිළියන්දල ප්‍රදීප් ඒ. ජයතුංග සමඟ පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ශාස්ත්‍රීය සංචාරයක්

  1. Wolvendaal හි මූලය ගැන සෙවූ උගතුන් Agua de Lupe සහ සමාන නම් ගැන විශ්ලේෂනය කොට ඇති නමුදු මුල් Guadalupe යන්නේ තේරුම ගැන නොසෙවීමට හේතු වූයේ කුමක්ද යන්න පිලිබඳව කුදලාගම ශූරීන් ගේ අදහස විමසීමට කැමැත්තෙමි.

    1. එකල ලතින් හා ග්‍රීක් දැනුම ඇති ඒ උගතුන් පහසුවෙන් Agua de Lupe හි ලතින් තේරුම ඔස්සේ ගියා විනා ලතින් මූලයක් නැති Guada යන්නෙහි තේරුම නොහිතුවා වෙන්නට ඇත්ද?

    2. Guadalupe යන්න Agua de Lupe ලෙස ඇත්තෙන්ම corrupt වී භාවිතා වූවාද එසේ නැත්නම් Wolvendaal හි මූලය සොයා යාමේ දී මතයක් ලෙස එය ඉදිරි පත් වූවාද?

    This is a puzzle. Who actually corrupted Guadalupe? Was it in fact corrupted (by the natives, the Dutch or the Portuguese themselves?) or was it just a theory in the etymology of Wolvendaal (in the process of making Guadalupe in to Wolvendaal without going through “Wadi”) ?
    There is evidence (including maps) that Agua de Lupe or a variant was used. I think a little more research is necessary.

    Liked by 1 person

    1. Thank you Pra Jay for your kind words and keen query! We have already discussed some aspects relevant to your questions through our alternative channel of communication. However, lets us discuss them here on The Public Sphere as well in order to ignite the curiosity of the readership.

      It is truly intriguing as to why none of the scholars wth the exception of Pradeep A. Jayatunge dealing with the etymology of Wolvendaal have hitherto neglected researching on the meaning of Guadalupe. Such disregard can be deemed serious when we consider the incompleteness of their theories to explain the appropriateness of the name Wolvendaal. Perhaps the difference between Pradeep A. Jayatunge and the others could be Jayatunge’s awareness of Aristotle’s Third Man Argument or Gödel’s theorem, of which others have been unaware!

      1. එකල ලතින් හා ග්රීක් දැනුම ඇති ඒ උගතුන් පහසුවෙන් Agua de Lupe හි ලතින් තේරුම ඔස්සේ ගියා විනා ලතින් මූලයක් නැති Guada යන්නෙහි තේරුම නොහිතුවා වෙන්නට ඇත්ද?

      Pra Jay has proven himself to be a good theoretician by providing a rhetorical and theoretical answer to his own initial question, and in my respect for his capacity all I have to say is: “Pra Jay’s theory sounds more than probable. Yes, I do agree with Pra Jay as I feel almost all scholars have entertained Água de Lupe than Guadalupe.” ——- Answer (1)

      Água de Lupe is an authentic Portuguese-Latin compound term.

      Água – The relevant Porto-Indo-European root is akʷ- with the meaning “flowing water ~ river”. The Proto-European root akʷ- enters Italic subfamily as the Proto-Italic root akʷā- (meaning – water) and Germanic subfamily as Proto-Germanic root ahwō- (meaning – water, river).

      Proto-Italic – akʷ- > akʷā-

      1. Latin – akʷā- > aqua

      2. Spanish – akʷa- > agua

      3. Portuguese – akʷā- > água, auga

      Proto-Germanic – akʷ- > ahwō-

      1. English – ahwō- > ea, eau

      2. German – ahwō- > aha

      3. Dutch – ahwō- > a, aa

      Lupe – The relevant Porto-Indo-European word is wĺ̥kʷos (some authors of etymological root compendia suggest lup- with meanings
      “wolf”/“fox”, as the Porto-Indo-European root). The Porto-Indo-European word wĺ̥kʷos enters Italic subfamily as lukʷos- (meaning – wolf) and Germanic subfamily as wulfaz- (meaning – wolf).

      Proto-Italic – wĺ̥kʷos > lukʷos-

      1. Latin – lukʷos- > lupus

      2. Spanish – lukʷos- > lobo

      3. Portuguese – lukʷos- > lobo

      Proto-Germanic – wĺ̥kʷos > wulfaz-

      1. English – wulfaz- > wolf

      2. German – wulfaz- > wolf (f > v)

      3. Dutch – wulfaz- > wolf (f > v)

      Lupus is the nominative singular, and Lupe is the vocative singular. Thus, Água de Lupe means “the River of the Wolf”, and as Pra Jay has mentioned in his comment the phrase has been used in the Portuguese literature authentically. Let me come to Pra Jay’s second question and discuss the etymology of Guadalupe there.

      2. Guadalupe යන්න Agua de Lupe ලෙස ඇත්තෙන්ම corrupt වී භාවිතා වූවාද එසේ නැත්නම් Wolvendaal හි මූලය සොයා යාමේ දී මතයක් ලෙස එය ඉදිරි පත් වූවාද?

      One of the earliest mentions of Guadalupe can be traced back to the 13th century. A shepherd named Gil Cordero from Cáceres in Extremadura – Spain, discovered a statue of St. Mary on the bank of the River Guadalupe (The statue had been apparently hidden by local inhabitants from Moorish invaders in 714). On the site of his discovery a chapel was built, dedicated under the title of Our Lady of Guadalupe (based on the Wikipedia article).

      Monastery of Santa María de Guadalupe (on the valley of the river Guadalupe) in Spain was founded in 1340 and as Pradeep A. Jayatunge had mentioned correctly in his paper, soon after the foundation, it “became the most celebrated shrine in Spain”. The Portuguese not only built a church after the name Guadalupe in Ceylon but also they named an area in the Leeward Islands (in the Caribbeans) after the name Guadalupe. The following is what Wikipedia says about it:

      “Columbus’ second journey brought him to this island on November 14, 1493. He named it for an image in a Spanish monastery he had visited: Santa María de Guadalupe de Extremadura, an image of the Virgin Mary venerated at Villuercas, in Guadalupe, Extremadura.”

      There have been many historical places and persons named after Guadalupe viz. a chapel in Portugal, a hill and its accompanying chapel in Mexico, a couple of rivers in the United States, several national leaders in Mexico etc.

      Then what is the meaning of this Guadalupe? It should be an obvious question in any serious researcher’s mind. Pradeep A. Jayatunge has certainly been such a serious researcher thus he took trouble to read about the meaning and etymology of Guadalupe.

      Guadalupe is the name of the river that flows by the province of Cáceres in Extremadura – Spain. It has been postulated that the name Guadalupe may have derived from the Arabic word “wādī” (meaning – “valley”/”river”) and the Latin word “lupe” (meaning – wolf). Thus, the Arabic-Latin compound word Guadalupe means “The Valley/River of the Wolf”. We discussed earlier that the Portuguese-Latin compound term “Água de Lupe” means “The River of the Wolf”! Look at the appealing relationship between “Água de Lupe” (used by the Portuguese) and Guadalupe (used by the Spanish)!

      Therefore, I believe that the Portuguese had translated the Spanish word Guadalupe into Portuguese as Água de Lupe in a proper manner rendering both phonetic and semantic resemblance. We may identify the translation as an adaptation but surely not as a corruption. ——- Answer (2)

      The Dutch may have translated the Portuguese name Água de Lupe (meaning – the River of the Wolf) into Dutch as Wolvendaal, which is probably a “nonstandard” compound word (as it is not found anywhere else in the Dutch literature) with the meaning “The Valley of the Wolves” (Wolven – wolves and dal – valley). Thus, Wolvendaal (The Valley of the Wolves) correlates well with the original name Guadalupe (The Valley/River of the Wolf) as well.

      Therefore, even if we assume that the Dutch were entirely ignorant of the original Spanish name Guadalupe, the ultimate Dutch translation happened to be an accurate translation of the original Spanish name. Thus spake Pradeep A. Jayatunge:

      “Irony in the etymology of Wolvendaal is that, although it happens to be an accurate translation of the original name of the Catholic church, at the time of naming the hill and/or their church, the Dutch would not have been aware of the meaning of the name Guadalupe (they may even have been entirely ignorant of the original name itself!), and that ignorance resulted in a corrupted Portuguese term being mistakenly translated into a name which turned out to be a correct translation of the original after all!”

      It seems hitherto that everything is perfectly explained. But linguistics is not a discipline, which allows its researchers to be so complacent! Here is the latest update on the etymology of Guadalupe, which challenges all our aforementioned explanations. The Wikipedia article on Guadalupe as it is at present (probably updated after Pradeep A. Jayatunge had referred to it) says:

      “The name is believed to be derived from the Arabic phrase “Wad-al-lubb” (“hidden river”), because the river narrows down as it flows near to the town of Guadalupe.

      An alternate and incorrect etymological explanation which is commonly found on the internet states that the name may have derived from the Arabic word for “valley” or “river” (wadi) and the Latin word lupus, meaning wolf.”

      Please read the following article (source) as well:

      http://www.riverfronttimes.com/stlouis/the-mexican-explains-why-our-lady-of-guadalupe-is-muslim-sorta/Content?oid=2479888

      If anybody is wondering as to how Arabic could influence Spanish so significantly, here is the explanation (citation – Wikipedia):

      “After the fall of the Western Roman Empire, the city (i.e. Cáceres) was occupied by the Visigoths, and entered a period of decline until the Arabs conquered Cáceres in the 8th century. The city spent the next few centuries mostly under Arab rule, although power alternated several times between Moors and Christians. During this time, the Arabs rebuilt the city, including a wall, palaces, and various towers, including the Torre de Bujaco. Cáceres was reconquered by the Christians in the 13th century (1229)”

      Bandula Kudalagama,
      Southampton.

      Like

  2. ප්‍රදීප් ජයතුංග බ්ලොග් එකක් නොලියන්නේ ඇයි….අපට කියවන්න ලැබෙන්නේ ඔහුගේ කමෙන්ට්ස් පමනයි. වයි මයි ෆ්‍රෙන්ඩ් :

    Liked by 1 person

    1. සමහරවිට ඔහු බ්ලොග්කාරයෙක් වෙන්න කැමති නැතුව ඇති නේ? එහෙම නැත්නම් දැනට ලියන්න දෙයක් නැතුව ඇති.

      Like

      1. ඔව්…. මම ලියනවා වගේ ගොං ඒවා නෙමේ. හැබැයි ප්‍රදීප්ගේ ශාස්ත්‍රීය සහ සමාජීය අත්දැකීම්, පොඩි නෙමේ ලොකු කතාවක් ලෙස සිංහලෙන් ලියන්න ප්‍රාට හොඳ හැකියාවක් තියෙනවා. ප්‍රදීප්ට හරි විටි, හියුමරස් වචන භාවිතාවක් තියෙනවා, ඔහු කතාකරන භාශා දෙකේම. මට හරි සුන්දර ඊර්සියාවක් දැණෙනවා මේ දැණුම් කැපාසිටිවලට. මායි මගේ වයිෆුයි හරි ආඩම්බරවෙනවා, අපි දෙන්නට මග හැරිනු දේවල්, දරුවට ලබා දෙන්න හැකිවීම ගැන. සියල්ල පටන් ගන්නේ ගෙදරිනි.

        ප්‍රා… ඇකඩමික් හෝ පුකඩමික් ලියන්න. මිනිස්සු යමක් දැනගන්න , ජීවිතයට එකතුකරගන්න කැමතියි. ප්‍රදීප්ලා ලියන්න ඕන අය..

        Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s