සරසා ශ්‍රී නාමාභිවාදනා

වියුණු ලොව සැවොම සරසතුමා යන ආදර නාමයෙන් හඳුනන ආචාර්ය කුමාර කළුආරච්චි ‍සූරීන් සමපනස් වියට එළඹෙනුයේ මෙම වර්ෂයේ දී ය. වමැ පැරණි මිතු කැල සරසතුමා පිළිබඳ ඔවුන්ගේ ගෞරව ප්‍රණාමය කැටි කර බන්‍ධනය කළ මතු පළ වන කාව්‍යය සාර්වජනික ක්ෂේත්‍රය වෙත එවා ඇත. එම කාව්‍යයේ වාංමාලාවේ සුවිශේෂත්වය ද එම වාංමාලාවෙන් ප්‍රකාශිත ගුණසමුදා‍යෙන් පිදුම් ලැබීමට ආචාර්ය කළුආරච්චි සූරීන්ගේ ඖචිත්‍යය ද සලකා එම කාව්‍ය බන්‍ධනය සාර්වජනික ක්ෂේත්‍රයේ පළ කිරීමට සංස්කාරක මණ්ඩලය වශයෙන් අපි තීරණය කළෙමු. ආචාර්ය කළුආරච්චි සූරීන් පිළිබඳ අප විසින් පෙර කල හඳුන්වා දෙනු ලැබ ඇත. එනිසා එතුමන්ගේ අප්‍රමාණ ගුණ සමුදාය අප මෙහි ලා පුනර්කථනය නො කරන්නෙමු. පාඨකහෘදරසායනික වූ සුප්‍රකට මල්ලේ පොල් වියුණුවේ හිමිකාර ආචාර්ය කුමාර කළුආරච්චි සූරීන් ‍සාර්වජනික ක්ෂේත්‍රය ආරම්භ කිරීමට අපට අප්‍රමාණ සහයෝගයක් කරුණසිතින් නිලොබ ව දායාද කළ සුධීමතකු බව නම් කෘතඥපූර්ව ව යළි පවසමු. 

සංස්කාරක මණ්ඩලය,
සාර්වජනික ක්ෂේත්‍රය.

බී.ඩී.එස් (පේරාදෙණිය), පී.එච්.ඩී. (හොං කොං) නාමෝපලක්‍ෂිත දර්ශනසූරී කුමාර කළුආරච්චි සූරීන්

සරසා ශ්‍රී නාමාභිවාදනා …

සරසානුභාවේන ජනමන ප්‍රහර්ෂී 
වියුණූ තඩාගේ පද්මාදි සුගන්ධී 
සුගන්ධය බෙදා දී නන්මන ප්‍රබෝධී 
සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී 
සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී 

ඊර්ෂ්‍යාමඳමාන සර්වාදිනාශී
මෝහාන්ධකාරේ ඒකාලෝකී 
ශබ්දාදි පූජා කරවා මන ප්‍රීතී 
සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී 
සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී 

අදීනාභිදෘෂ්ටි නිර්භීත වාදී 
වාචස්පතී වාද ප්‍රතිවාද භාෂී 
මහා පාණ්ඩිත්‍යා ධීමත් ප්‍රසාදී
සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී 
සරසා ශ්‍රී නාමා ජය ඝෝෂ ඝෝෂී  

වමැ පැරැණි මිතු කැල විසිනි. 
Advertisements

6 thoughts on “සරසා ශ්‍රී නාමාභිවාදනා

  1. සත්යයවාදි තෙ මෙ වාම සන්ග් ආලෝචනා
    ස්වස්තිශ්රීත සර්වත්‍ර ජන විජයධාර්මිකඃ අභිවෘද්දි
    අසටිවත් දධිව ශඞ්ඛවත් බකවත්තථා
    වාම සන්ග් ප්‍රභූ ශොභාසපුනඃ සන්යාවසිදන්තවත්!

    Like

  2. සරසයාට මම දීර්ඝායුෂ පතමි!!! මම සාමන්‍යයෙන් ලෝන්ග් ලයිෆ් වලට වඩා හැපි ලයිෆ් ප්‍රාර්තනා කරනා මිනිසෙක්මි. උඹලාගේ මේ භාශා සෙල්ලම නිසා මට මෙලෝ දෙයක් ලියා ගන්නට හැකියාවක් ඇති එකෙක් නොවෙන්නේ මම දන්නේ හුවමාරු භාශාව පමනක් නිසා වෙමි. මම වේටරයෙක්ව සිටියෙමි. නමුත් මම ඉන් අන්තුරුව එවන් මිනිසුන් හා ජීවිතය ගොඩ නගාගත්තෙක්මි.

    පසුව ලියමි….වෙලාවක් ඇති විටක මම දැක්වූ අදහසක් මේ බ්ලොගේ ඇත. ඔබේ අදහස ලියා තබන්න.
    http://www.nursinglk.com/2017/03/210.html

    Like

    1. ගරු අරුණ පෙරේරාණෙනි,

      අපි ඔබගේ ආලෝචනය කියවීමු. එම ආලෝචනය පිළිබඳ සටහනක් තබන්නට එම විෂය පිළිබඳ ප්‍රාමාණිකයකු වන ඔබගේ හිතවත්, අපගේ ගුරු බන්‍ධුල කුදලාගම මහත්මා වෙත යොමු කළෙමු.

      සංස්කාරක මණ්ඩලය,
      සාර්වජනික ක්ෂේත්‍රය.

      Like

  3. අද පළකෙරූ ලිපිය නොපෙනේ. එය ලිපියක්ද…..අද පදිකවේදිකා අංක දෙකට පැමිනෙන දුම් රිය දුම් රියක් නොවේ කියලා , කොටුවෙදි මම අහලා තියෙනවා. කෝ දුම් රිය ? විහිල්ලුවට අහන්නේ රේල්ලුව වගේ.

    Like

    1. අරුණ පෙරේරාණන් වෙනුවෙන් ම අපි එම ලිපිය නො ලසා මෙසේ පළ කරමු! කියවා බලනු මැනවි!

      සංස්කාරක මණ්ඩලය,

      සාර්වජනික ක්ෂේත්‍රය.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s