සරසාලෝචනා – තෘතීය සර්‍ග : නව දැලි හේන

බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩීම

අප මහා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිතේ බොහෝ වැදගත් සිසුවීම් වර්ෂයේ විවිධ මාසවල යෙදෙන පසළොස්වක පෝය දිනවල සැමරීම සම්මත ව්‍යවහාරයකි. වර්ෂ 2017 මාර්තු (මැදින්) මස 12 වැනි දිනට යෙදුණු පෝය මැදින් පෝය ය. මුනි සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ මැදින් පෝයෙනි. බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි කීපයක් ම මැදින් පෝය දින සැමරේ.

ඇසළ පෝය දිනෙක අභිනිෂ්ක්‍රමණය කළ සිද්ඨාර්ථ ගෞතමයෝ වෙසක් පෝය දිනෙක සම්මාසම්බුද්ධත්වයට පත් ව ඇසළ පෝය දිනෙක ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූහ. සම්බුද්ධත්වයෙන් දස වැනි මස රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වසන සඳ කාළුදායි රහතන් වහන්සේගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ විසිදහසක සඟ ගණ පිරවරා කපිලවස්තුවේ කිඹුල්වතට ගමන් ඇරඹූ සේක. එදින මැදින් පෝය දිනක් වූ බව සැලකේ. සම්බුද්ධත්වයෙන් දස වැනි මස මැදින් පෝය දිනෙක ආරම්භ වූ සම්බුද්ධයන් වහන්සේගේ කිඹුල්වත්පුර වැඩීම, එම ගමනේ දී සිදු වූ වැදගත් සිදුවීම් කීපයක් නිසා බෞද්ධ සාහිත්‍යයේ නිබඳ ව සාකච්ඡා කෙරේ. 

නිග්‍රෝධාරාමයට වැඩ තම ගිහි ඥාතීන් වූ ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට ගුවන් නැඟ යමක මහා පෙළහර පෑ බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ මෝහය දුරු කරමින් වෙස්සන්තර ජාතකය දේශනා කළ සේක. සුද්‍ධෝදන රජතුමාගේ දාරක ප්‍රේමය අලළා මහා ධර්මපාල ජාතකය දේශනා කළ බුදුරජාණන් වහන්සේ යශෝධරාවගේ ස්වාමි ප්‍රේමය අලළා චන්දකින්නර ජාතකය දේශනා කළ සේක. නන්ද කුමාරයා ද රාහුල කුමාරයා ද පැවිදි කෙරුණේ ද පෙර කී ලෙස මැදින් පෝය දිනෙක ඇරඹුණු කිඹුල්වත්පුර ගමනේ දී ය. 

නන්ද කුමරු මහා ප්‍රජාපතී ගෝතමියගේ කුසින් සුද්‍ධෝදනයන දාව උපන් කුමරා ය. එනයින් නන්ද කුමරු බුදුන්ගේ සහෝදරයා ය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩ තෙවැනි දින නන්ද කුමරුගේ රාජාභිෂේක මංගල්‍යය, ගෘහප්‍රවිෂ්ට මංගල්‍යය සහ සරණබන්‍ධන මංගල්‍යය යෙදී තිබිණ. නන්ද කුමාර මාළිගයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දන් වළඳා එතැනින් නික්මෙන කල තම පාත්‍රය නන්ද කුමරුට දී ආපසු ගමන් ඇරඹූ සේක. නන්ද කුමරු ද පාත්‍රය ගෙන බුදුන් මඟ ගියේ ය. බුදුරජාණන් වහන්සේ නන්ද කුමරුගෙන් පැවිදි වන්නට සිතැති ද යන්න විමසූ සේක. පැවිදි වන්නට සිතැති නො වූව ද බුදුන් වෙත වූ ගෞරවය නිසා ම නන්ද කුමරු ශාසනාවතරණය කළේ ය. 

නන්ද තෙරුන් ලෙස පැවිදි වූ නන්ද කුමරු රජගහනුවර වේළුවනාරාමයේ වෙසෙමින් මහණ දම් පුරන්නට වුව ද ගිහි කල තම පෙම්පත් ජනපද කල්‍යාණිය කෙරෙන් සිත මිඳුණේ නැත. නන්ද තෙරණුවෝ උපැවිදි වන්නට සැරසුණහ. ‍එබව දැන ගත් බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් අතින් අල්ලා ගෙන දිව්‍ය ලෝකයට වැඩ, නන්ද තෙරුනට දිව්‍යාංගනාවන් දකින්නට සැලැස්වූ සේක. පන්සියයක් දිව්‍යාංගනාවන් ලැබීමට සිතැති වූ නන්ද තෙරුන් වහන්සේ ශිලයේ පිහිටා, ධර්මයේ හැසිරෙන්නට වූ සේක. එසේ වූ නන්ද තෙරුන් වහන්සේ අවසානයේ දී දිව්‍යාංගනාවන් ලැබීමේ ආශාව ද නසා රහත්භාවයට පත් වූ සේක.

සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ද සමකාලීන සිංහල සාහිත්‍යයේ ද නන්ද කුමාර පවත නැත හොත් නන්ද තෙරුන්ගේ පවත නන් අයුරින් වර්ණිත ය. වර්ෂ දෙදහස් දාහතේ ජනවාරි මස දහහත් වැනි දින ලාංකීය වියුණු අවකාශයේ සුප්‍රකට වියුණුව වන “මල්ලේ පොල්” වියුණුවට “හේන සහ හේන්” නම් ශීර්ෂයෙන් ලිපියක් ලියන මගේ සන්මිත්‍ර ගරු සරසතුමා මෙසේ පවසයි:

ගස් නවයක දලු වලින් පොහොසත් හේන නව දලු හේනයි කියා කියන්නේ තිලක් කන්දේගම මහතා ය. එම පදය නව දැලි හේන ලෙස වරදවා වටහාගෙන නන්ද කුමරු තමන් ගේ ප්‍රියාවිය ගේ රූපය  නව දැලි හේනක හිටි පිච්චුනු වැඳිරියෙකු ලෙසට සමාන කලා කියා ගීතයක් ද ඇත.

විද්වත් තිලක් කන්දේගමයන්ගේ අදහසක් උපුටා දක්වමින් භාෂාසාහිත්‍යකලාකාමී ගරු සරසතුමා පවසන “නව දලු හේන” ව්‍යවහාරයට පැමිණියේ කිනම් මූලාශ්‍ර පදනම් කර ගෙන ද යන්න විමසා බලමු. මේ සඳහා මම නන්ද කුමාර පවත සඳහන් සම්භාව්‍ය ග්‍රන්ථ කීපයක් විමසා බලමි. 

පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදානපාළියේ නන්දවග්ගයේ මෙසේ පැවසේ:

‘‘තං කිං මඤ්‌ඤසි, නන්‌ද, කතමා නු ඛො අභිරූපතරා වා දස්‌සනීයතරා වා පාසාදිකතරා වා, සාකියානී වා ජනපදකල්‍යාණී, ඉමානි වා පඤ්‌ච අච්‌ඡරාසතානි කකුටපාදානී’’ති? 

(“නන්‍ද, ඔබ කුමක් සිතන්නෙහි ද? ශාක්‍යප්‍රතී ජනපද කල්‍යාණිය ද පරෙවි පා ඇති මේ පන්සියයක් දිව්‍යාප්සරාවෝ ද යන මින් කවරක් වනාහි වඩා රූමත් ද, වඩා දැකුම්කලු ද වඩා පහදවයි ද?”)

‘‘සෙය්‍යථාපි, භන්‌බතෙ, පලුට්‌ඨමක්‌කටී කණ්‌ණනාසච්‌ඡින්‌නා, එවමෙව ඛො, භන්‌තෙ, සාකියානී ජනපදකල්‍යාණී ඉමෙසං පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං උපනිධාය සඞ්‌ඛ්‍යම්‌ප නොපෙති කලභාගම්‌පි නොපෙති උපනිධිම්‌පි නොපෙති. අථ ඛො ඉමානි පඤ්‌ච අච්‌ඡරාසතානි අභිරූපතරානි චෙව දස්‌සනීයතරානි ච පාසාදිකතරානි චා’’ති.  

(“ස්වාමීනි, යම් සේ කන් නාසා සිඳුණු දැවුණු වැඳිරිය යම් සේ ද, ස්වාමීනි, එසේ ම ශාක්‍යප්‍රතී ජනපද කල්‍යාණිය පන්සියයක් දිව්‍යාප්සරාවන් හා සමකිරීමේ දී ගණනකට හෝ කලාවකට හෝ කලා අර්ධයකට හෝ නො එයි. එසේ නමුත් මේ පන්සියයක් අප්සරාවෝ වඩා රූමත් වන්නෝ ය. වඩා දැකුම්කලු වන්නෝ ය, වඩා සිත් පහදවන්නෝ ය.”)

“අභිරම, නන්‌ද, අභිරම, නන්‌ද! අහං තෙ පාටිභොගො පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං පටිලාභාය කකුටපාදාන’’න්‌ති. 

(“නන්‍ද, සිත් අලවන්න, නන්‍ද සිත් අලවන්න! පරෙවි පා ඇති පන්සියයක් අප්සරාවන් ලබා දීමට මම තොපට ඇපවෙමි.”)

‘‘සචෙ මෙ, භන්‌තෙ, භගවා පාටිභොගො පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, අභිරමිස්‌සාමහං, භන්‌තෙ, භගවති බ්‍රහ්‌මචරියෙ’’ති

(“ස්වාමීනි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට පරෙවි පා ඇති පන්සියයක් දිව්‍යාංගනාවන් ලබාදීමට ඉදින් මට ඇප වන සේක් ද, ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව රැකීමෙහි ඇලෙන්නෙමි.”)

මේ අනුව පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදානපාළියේ නන්දවග්ගයේ පෙළෙහි “නව දලු හේනක්” පිළිබඳ සඳහන් නො වේ. එහෙත් ඛුද්දක නිකාය අට්ඨකථාවේ උදාන අට්ඨකථාවේ නන්දසුත්තවණ්ණනාහිඣාමඛෙත්‌තෙ ඣාමඛාණුමත්‌ථකෙ නිසින්‌නං ඡින්‌නකණ්‌ණනාසානඞ්‌ගුට්‌ඨං එකං පලුට්‌ඨමක්‌කටිං …” යනුවෙන් සඳහන් වේ. එනම් “දැවුණු (ඣාම -දැවුණු, දැලි) හේනක (ඛෙත්තේ – කෙතක, හේනක) දැවුණු (ඣාම -දැවුණු, දැලි) කණුවක් මත (ඛාණුමත්ථකි – කණුවක් මත, කොටයක් මත) සිටි (නිසින්නං – සිටි, අසුන්ගත්, රැඳුණු) කන්, නාසා , පාද/ඇඟිලි/වල්ගය සිඳ දැමුණු (ඡින්‌නකණ්‌ණනාසානඞ්‌ගුට්‌ඨං – කන්, නාසා, පාද/ඇඟිලි/වල්ගය සිඳ දැමූණු) පුලුටු වූ (පලුට්ඨ – පුලුටු, දැවුණු, දැලි, දැඩි ව වියළුණු) වැදිරියක (මක්කට – වඳුරා, මක්කටී – වැඳිරි)” යනු යි. 

ඛුද්දක නිකාය  අට්ඨකථාවට ම අයත් ධම්මපද අට්ඨකථාවේ නන්‌දත්‌ථෙරවත්‌ථුහි ද “ඣාමක්‌ඛෙත්‌තෙ ඣාමඛාණුකෙ නිසින්‌නං ඡින්‌නකණ්‌ණනාසනඞ්‌ගුට්‌ඨං එකං පලුට්‌ඨමක්‌කටිං” ලෙස සඳහන් වේ. 

එසේ නම් සූත්‍ර පිටකයේ අට්ඨකථාවෙන් මතු ව පැමිණි “දැලි හේන“ (දැවුණු හේන, ඣාමක්‌ඛෙත්‌ත) යන්නට “නව” විශේෂණයක් එකතු වන්නේ කිනම් පෙළකින් ද? “දැලි හේන” “නව දැලි හේන” බවට පත් කළෝ සද්ධර්මරත්නාවලිකාර ධර්මසේන හිමියන් හෝ පූජාවලිකාර මයුරපාද පිරුවන්පති බුද්ධපුත්‍ර හිමියන් හෝ විය හැකි ය. පාලි ධම්මපදට්ඨකතාව ලියවුණු ක්‍රිස්තුවර්ෂ පස් වැනි ශතවර්ෂයත් සද්ධර්මරත්නාවලිය සහ පූජාවලිය ලියවුණු  ක්‍රිස්තුවර්ෂ දහතුන් වැනි ශතවර්ෂයත් අතර සමයේ (අනුරාධපුර සහ පොළොන්නරු යුගවල) සාහිත්‍යයට අයත් කෘතිවලින්  මෙම ලිපිය ලිවීමේ දී මගේ විමර්ශනයට ලක් වූ මූලික කෘතිවල නන්ද කුමාර පවතට අදාළ “නව දැලි හේනක්” පිළිබඳ සඳහන් වන්නේ නැත. අවශේෂ කෘතිවල ද එසේ වූ බවට සඳහනක් සිහියට නො නැඟේ.        

නව දැලි හේනක් (අලුත දැවුණු හේනක්) පිළිබඳ ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව යටතේ ද මයුරපාද පිරුවන්පති බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලියේ භික්ෂාටනාදී අද්භූත පූජා කථා යටතේ ද සඳහන් වේ (මයුරපාද හිමියෝ පැරණි පුවත්වලට නව තොරතුරු එකතු කිරීමේ සුරුවෙක් වූහ. තපස්සු-භල්ලුක දෙබෑයන් බුදුන්ගෙන් ලද කේශ  ධාතු නිධාන කර “ලංකාවේ” ස්ථුපයක් තැන වූ බව පවසන්නේ ද උන් වහන්සේ ය. එම කරුණ පිළිබඳ මා විසින් මයුරවිලයනට සමර්පණය කෙරුණු “අඤ්ජන වණ්ණ සුනීල සුකේස ධාතු බුදුරදුන්ගෙන් ලද තපස්සු සහ භල්ලුක පඨමෝපාසකයෝ” ලිපියේ දී විග්‍රහ කරනු ලැබිණි).

පූජාවලිය: භික්ෂාටනාදී අද්භූත පූජා කථා

එ කෙණෙහි ස්වාමිදරුවෝ ළඳ බොලඳ වූ ඒ නන්ද සාමණෙරයන් වහන්සේ සෘධියෙන් අත අල්වාගෙන ශක්‍රණ පුරයට වඩනාසේක් මහා වනමධ්‍යයෙක නව දැලි සේනක් මවාලා ගින්නෙන් දෑ කණුවෙක දා මියගිය කන් නසා නගුටු නැති වැඳිරි මැහැල්ලක දත් නියාගෙන ඉතා විරූපී ව උන්නාසේ දක්වාලා ‘නන්ද ය, තෙල දා මියගිය වැඳිරි මැහැල්ල දිටි දැ’යි වදාළ සේක. ‘දිටිමි, ස්වාමීනි’යි කියා කම්පා වූ සේක.

නන්ද තෙරුන් දිව්‍යාංගනාවන් දැකීම

ඉක්බිත්තෙන් බුදුහු ශක්‍රයාගේ නන්දනොද්යා‘නයට වැඩ ඔහුගේ දිව්‍යස්ත්‍රි හු මෙ තෙනට රැස්වෙත්වා යි සිතා වදාළා සේක. එ කෙණෙහි ශක්‍රයයාගේ මෙහෙසියන් වූ කකුටපාදිනී නම් දිව්‍යාංගනාවෝ පන් සියයෙක් අවුත් බුදුන් පිරිවරාවැඳ එකත්පස් ව සිටියාහු ය. බුදුහු ඔවුන්ට බණ වදාරා නන්ද සාමණෙරයන් වහන්සේට දිව්‍යස්ත්‍රීන් පෑලා ශක්‍රාපුරයෙන් වැඩ ‘නන්ද ය, මෙදිව්‍යාංගනාවෝ වඩිද්ද, ජනපදකල්‍යාණි වඩීදැ’යි වදාළසේක. සාමණෙරයන් වහන්සේ “ස්වාමීනි, දිව්‍යාංගනාවන් දුටු ඇසට ජනපදකල්‍යාණින්ගේ රුව අර සේනේ දා මිය හොත් වැඳිරි මැහැල්ල සේ ම සිතෙයි” කීහ. බුදුහු ‘නන්දය! එසේ වූ දිව්‍යාංගනාවන් ලදොත් කැමතියෙහි දැ’යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ වදාරනසේක් ‘ස්වාමීනි, එ වැනි දිව්‍යාංගනාවන් කෙසේ ලැබෙම් දැ’යි කී සේක. බුදුහු ‘දෙවඟනන් ලබන උපදෙස් මම දනිම්’යි වදාළ සේක. බුදුහු ‘දෙවඟනන් ලබන උපදෙස් මම දනිමි’යි කී සේක. සාමණෙරයන් වහන්සේ ‘ඒ උපදෙස් මා උගන්වා වදාළ මැනවැ’යි කී සේක. බුදුහු ‘නන්ද ය, දිව්‍යාංගනාවන් කැමැතියෙහි නම් මාගේ සස්නෙහි නිර්මල කොට සිල් රක්ෂා කර : රක්ෂා කළාහු දිව්‍යාංගනාවන් ලැබෙති , සිල් රක්ෂාකරනුවන් කරා දිව්‍යාංගනාවන් තුමූ ත් එති, ඒ දෙවඟනන් මා ‍කරා අවුදින් පිරිවරා සිටි ලෙස් තෝ ම දුටුයෙහි වේදැ’යි වදාරා කර්මස්ථාන උගන්වා වදාළ සේක. නන්ද සාමණේරයන් වහන්සේ දිව්‍යාංගනාවන් ලබමි යි යන ලොභයෙන් නිර්මලවූ ශීලය රක්ෂා කොට නොබෝ කලෙකින් විදර්ශනා වඩා රහත් ව නන්ද නම් මහ තෙර ව බුදුසසුන් නමැති ආකාශයෙහි පුන් සඳ සේ ප්‍රසිද්ධ වූ සේක. ‍ මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි තුන්වන දා නන්දමහතෙරුන් මහණකරවා, සත්වනදා විසිදහසක් රහතන් පිරිවරා සවනක රසින් දිලිහි දිලිහී පියරජහුගේ ගෙට වළඳන්ට වඩනා සේක.

සද්ධර්මරත්නාවලිය: නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව

එ කල බුදුහු තිබී බලවත් වන ලෙඩක් බෙහෙදක් දී සන් හිඳුවන කලක් මෙන් ඔබගේ එ බඳු අනුභාවයක් නැත ‍ත් තමන් වහන්සේගේ අනුභාවයෙන් අත අල්වා ගෙන තව්තිසා දෙව් ලොවට වඩනා සේක් අතුරු මඟ නව දැළි (දැලි) සේනක් මවා ලා ඒ සේනේ දා ගිය කණුවෙක දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලක මවාලා තවුතිසා දෙව් ලොවට වැඩ සක් දෙවිඳුහුගේ පන් සියයක් පමණ දෙවඟනන් පෑ ලා “ කුමක් ද නන්දුයෙනි, රුවින් වූ කලි මේ දෙවඟනෝ යහපත්තු ද නොහොත් දනවු කලණ බිසවු යහපත්තු දැ’ යි විචාළ සේක.

පූර්වෝක්ත කතිකාව අනුව නන්ද කුමාර පවත පැවසීමේ දී ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සහ එහි අට්ඨකථාවේපලුට්‌ඨමක්‌කටී” යන පදය පවතී. පාලියෙහි මක්කටී යනු වැදිරිය ය. පලුට්ඨ යනු පුලුටු, දැවුණු, දැලි, දැඩි ව වියළුණු ඈ අරුත් දෙන්නකි. පලුට්ඨ බිදී පුලුටු බවට පත් වීමට අදාළ භාෂා පරිණාමය පිළිබඳ වෙසතුරු දා සන්නයේ ප්‍රස්තාවනාව ලියමින් මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි සූරීහු මෙසේ පවසති:

ටඨ> ඨ (පැරණි වහරෙහි), ට,ට + හ,ළ (විරල වශයෙන්) : 

උපට්ඨාන> උවඨන්, උවටන්, වටන්; 
පරියුට්ඨාන> පිරියුඨන්; 
පාපිට්ඨ> පවිටු; 
පලුට්ඨ (=සං. පලුෂ්ට) > පුලුටු; 
උට්ඨාය> උව්හස්;
මිච්ඡාදිට්ඨි> මිසදිට්හ; 
වුට්ඨාන (=සං. වුටුත්ථාන) > වුටුහන්; 
ඉට්ඨක (=සං. ඉෂ්ටක) > උළු; 
උවජිට්ඨ> ඉජුල්; 
කුට්ඨි (= සං. කුෂ්ඨින්) > කිළි; 
පා. කවිට්ඨ (= සං. කපිත්ථව) > ගිවුළු, ගිවුල්.

මෙලෙස පුලුටු වැඳිරියක (පලුට්ඨමට්ටකී) දැවුණු හේනක (ඣාමඛෙත්‌තෙ) වූ දැවුණු කණුවක් මත (ඣාමඛාණුමත්‌ථකෙ) සිටි බව පැවසීම සන්දර්භානුකූල ව අර්ථවත් ය. එයට අනුරූප ව පූජාවලියේගින්නෙන් දෑ” (දැවුණු) සහ සද්ධර්මරත්නාවලියේදා ගිය” (දැවී ගිය) යන වදන් යෙදේ. මයුරපාද පිරුවන්පති බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලියේධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ ද අන්තර්ගත නන්ද තෙරුන් පිළිබඳ පවත ඛුද්දක නිකාය අට්ඨකතාව ආදීමූලාශ්‍ර කර ගන්නා බව සැලකීම යුක්ති යුක්ත ය. එනිසා පූජාවලියේසද්ධර්මරත්නාවලියේ ද “අලුත දැවුණු හේන” යන අරුතින් “නව දැලි හේන” ලෙස වැඳිරිය සිටි තැන හැඳින්වීම අරුත්බර බව මගේ අදහස ය. 

ප්‍රාචීන-ප්‍රතිචීන භාෂාහි හසළ මගේ සන්මිත්‍ර ගරු සරසතුමා විද්වත් තිලක් කන්දේගමයන් අනුයමින්, උපුටමින් “ගස් නවයක දලු වලින් පොහොසත් හේන නව දලු හේනයි” යනුවෙන් පැවසීම සාවද්‍ය ය යි මම නො කියමි. “දැලි” යන පදය “දලු” (පැළෑටියක) යන අරුතින් ද සම්භාව්‍ය සිංහලයේ ව්‍යවහාර වී ඇත.

පූජාවලිය – ජාතිභේද පූජා කථා:

සමහර කෙනෙක් එක් විලක් හෝ එක් වන ලැහැබක් හෝ ගොදුරුගම් කොට සිත හිඳගෙන අනික් තෙනක‍ට නො ගොසින් ඒ විලෙහි ම නෙළුඹල නෙළුඹු දැලි ඕලු ආදි ය හෝ එ ම වෙනෙහි මල් සමයෙහි මල්, ඵල සමයෙහි ඵල, කොළ සමයෙහි කොල අනුභව කෙරෙති.

රසවාහිනී ජාතකට්ඨ කථා – දේවධම්ම ජාතකය:

පින්වත් පුරුෂය, තෝ මඟ ඒමෙන් ක්ලාන්තව ගියේහි ය: කුමක් හෙයින් මේ විලට බැස නා පැන් බී තෙලුඹල හා තෙලුඹු දැලි ද කා මල් පැළැඳ සුවසේ නො යෙහි ද?” 

පරෙවි සන්දේශය:

සුරගගින’ල නෙලුඹු දැලි සඳහස නොවෙත පත

(දිව්‍ය ගංගාවෙන් හළ නෙලුම් දලු පිළිබද සැක කළ හංසයෝ එසමීපයට නො යන්නාහු ද?)

කාව්‍යශේඛරය:

පිරිසුදු එ ගං තෙර බැසැ යුවළත විමල් කැර කැරැ සිහිලඹ අහර නොළුඹු දැලි රසය විඳැ මනහර

(පිරිසිදු වූ ඒ ගංඟා තීරයට බැස දෙයත් පවිත්‍ර කර සිසිල් දියෙන් ආහාර ගෙන මනහර වූ නෙළුම් දලු රසය වින්දේ ය.)

මේ අනුව නව දැලි යන්නට නව (09) වර්ගයක දලු ලෙස අරුත් බිණීම සාවද්‍ය නො වේ. එනමුත් එවැනි අරුත් බිණීමක් නන්ද තෙරුන්ගේ පවතෙහි ආදීමූලාශ්‍ර සමඟ අනුගත නො වන බව මම සිතමි. 

සෝමතිලක ජයමහ

දශක ගණනකට පෙර මගේ මතකයට එක් වූ යම් අතීත කතාවක් හැකි පමණ ආවර්ජනය කරනු රිසියෙමි. දශක ගණනකට පෙර නුගේගොඩ නවාතැන් ගෙන සිටි, හද සනසන මධුර මනෝහර හඬැති සෝමතිලක ජයමහ එසමයේ එක් සිංහල-දෙමළ අලුත් අවුරුදු නිවාඩුවකට ගම රට බලා නො ගොස් නවාතැනේ ම රැඳුණේ ය. එදින නුගේගොඩ මංසන්ධියේ සිට පාළු නුගේගොඩ නගරය මැදින් ඇවිද යන සෝමතිලකගේ මතකයට නැඟියේ ඔහුගේ මිත්‍රයකු පිළිබඳ සිදුවීමකි. එම මිත්‍රයාට ඔහුගේ පෙම්පත් ස්ත්‍රිය හැර දා වෙනත් ස්ත්‍රියක සමඟ සරණ බන්‍ධනයට එළඹෙන්නට බලපෑම් කෙරුණේ ල. එහෙත් එම මිත්‍රයා ඔහුගේ පෙම්වතිය හැර යන්නට රිසි වූයේ නැත. ඒ ඇය රූමතියක වූ නිසා නො ව ඇය කෙරෙහි බැඳි ආලය නිසා ම ය. සිංහල-බෞද්ධ සංස්කෘතියෙන් ශික්‍ෂණය වූ සෝමතිලක එකී මිත්‍රයාගේ පවත අනුභූතිය ලෙස ගෙන ගීතයක් නිර්මාණය කළේ ය. දිව්‍යාංගනාවන් දකින නන්ද කුමාරයා තමා එතෙක් පෙම් කරමින් සිටි ජනපද කල්‍යාණිය නව දැලි හේනක සිටි (බුදුරජාණන් වහන්සේ මවා පෑ) වැඳිරියකට සමාන කළ මුත් තමනට නම් තමා පෙම් කළ ජනපද කල්‍යාණියට එසේ නිගා දෙන්නට නොහැකි බව සෝමතිලක ගී පද ලෙස ලියුවේ ය: 

නව දැලි හේනක පෑ ව වැඳිරි රුව 
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා 

සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා

මා සිත සුවපත් කරලනු නොහැකි ය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූසිරි කුමට ද
හද දුටු ජනපද කලණ නිසා

මෙය මානව ප්‍රේමයේ මහාබන්‍ධන ශක්තියේ අසිරිමත් චමත්කාරය මනරම් කාව්‍යෝක්තියක ලා පැවසීමක් නො වේ ද? එම ගීතයේ “නව දැලි හේන” යන පද සෝමතිලක වරදවා යෙදී නම් සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමියන් ද පූජාවලිය ලියූ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් ද එම පද වරදවා යෙදූහ යි පවසන්නට සිදු වේ. ඒ කිසිවකුට හෝ වැරදී නැති බව මගේ අදහස ය. 

මෙම ලිපිය ලියන්නට මා යොමු කළ භාෂාසාහිත්‍යකාමී ප්‍රාචීන-ප්‍රතිචීන භාෂාහි හසළ මගේ සන්මිත්‍ර අතිගරු සරසතුමාට මගේ ප්‍රණාමය හිමි වේ. 

මිතුරු තු‍මෝ පෙරැ බැඳි මිතුරු දම් තර
මතුරු ලෙසින් නො හරිති දෙන ඉසුරු බර
සිතුරු වනෙව් සිතුවා සිදු කරන වර
මිතුරු එයින් ම තෙපල ත සවනත පුර

(කොවුල් සඳෙස)

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

12 thoughts on “සරසාලෝචනා – තෘතීය සර්‍ග : නව දැලි හේන

  1. එසේ බලන විට නන්ද කුමරුගේ සිතේ තිබී ඇත්තේ ආදරයක් නොව ආලයකි. තථාගතයන් වහන්සේ එය හැදින, විසෙන් විස නැසුවා වැනිය.
    නමුත් සෝමතිලක මහතාගේ ගීතයේ එන ආදරය සත්‍ය ආදරයකි. අද බුදුන් වහන්සේ වැඩ මේ පුද්ගලයාට කරුණු කීවද පලක් නොවනු ඇත. ආදරය යනු මෝහ මුලකි. ගීතය උපකල්පනයක් වුවද එවැනි මිනිසුන් සිටි.

    Liked by 1 person

    1. The Read Us සබඳ,

      නන්ද කුමරා ජනපද කල්‍යාණියට දැක් වූ ආදරය පිළිබඳ මගේ ද පැහැදීමක් නැත. දිව්‍යාංගනාවන් දුටු නන්ද කුමරු තම පෙම්වතිය වූ ජනපද කල්‍යාණිය වැඳිරියකට සමාන කළේ ය යි පැවසීම දෘෂ්ටිවාදාත්මක ය. ඇතැම් විට ඔහු එසේ නොපවසන්නට ඇති. බෞද්ධ සාහිත්‍යය ලිය වී ඇත්තේ යති දෘෂ්ටිය ප්‍රවර්ධනය වන ලෙස ය. බුදු දහම ස්ත්‍රිය කෙරෙහි දක්වා ඇති ආකල්ප හින්දු දහම ස්ත්‍රිය කෙරෙහි දක්වා ඇති ආකල්ප තරම් ම රුදුරු නැත. එහෙත් ඇතැමකු උත්කර්ෂණය කරන තරම් ස්ත්‍රීවාදීත්වයක් ද එහි නැත. බුදු දහමේ අත්‍යන්ත පරමාර්ථ සමඟ බන්‍ධන ප්‍රවර්ධනය නො පෑහේ.

      ආදරය කෙසේ ආරම්භ වුව ද අවසාන විග්‍රහයේ දී දුකකි. එහෙත් ඒ දුක ම සතුටක් කර ගන්නා අය ද සිටිති.

      මෙදවස වියුණු ලොව සිදු වෙමින් පවතින හද කම්පා කරවන විලම්බීත අතර මැද මෙම ලිපිය කියවන්නට කාලය සොයා ගැනීම පිළිබඳ මම The Read Us සහෘදයාට මගේ ස්තුතිය පළ කරමි.

      ඔබගේ මවුතුමිය සහ මිත්තණිය සුව ලබමින් සිටිති යි මම සිතමි; පතමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Liked by 1 person

      1. ඔබ බෞද්ද සාහිත්‍ය ගැන සදහනක් කොට තිබේ.
        “ඇතැම් විට ඔහු එසේ නොපවසන්නට ඇති. බෞද්ධ සාහිත්‍යය ලිය වී ඇත්තේ යති දෘෂ්ටිය ප්‍රවර්ධනය වන ලෙස ය.”
        මෙම නන්ද කුමාර කතාව ත්‍රිපිටිකයේ සදහන් වන අයුරු මා නොදනී. මා අසා ඇත්තේ එය එසේම සදහන් වන බවයි. මා වැරදි නම් කරුණාකර මා නිවැරදි කරන්න.
        එය එසේ සදහන් වී නම් ඔබ කියන්නේ යති දෘෂ්ටිය ප්‍රවර්ධනය වන ලෙස අතිශයෝක්තියකින් ලියන ලද්දක් බවද ?

        “මෙදවස වියුණු ලොව සිදු වෙමින් පවතින හද කම්පා කරවන විලම්බීත අතර මැද ”
        සමාවන්න මේ පිලිබදව වටහා ගැනීමට මා කිහිප විටක්ම උත්සහ කලද, මට අවබෝධයක් නැත.

        ඔබගේ කාරුණික බවට ස්තුති කුදලාගම මැතිදුනි, ඔවුන් දැන් බොහෝ සුවෙන්.
        ඔබගේ වියුනුවෙහි මට ඉගෙනීමට බොහෝ කරුණු තිබේ, එම නිසා බොහෝ විට මා මේ වියුනුවට පැමිණ යාම දැන් පුරුද්දක් කොට ගෙන තිබේ. ස්තුතිය පුද කල යුත්තේ මාය. ඔබගේ වියුනුවෙන් මා ගන්නා දෙයක් මිස මට ඔබට දිය හැක්කක් නොමැත.

        Liked by 1 person

      2. The Read Us සබඳ,

        ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි!

        ත්‍රිපිටක පාඨය:

        පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදානපාළියේ නන්දවග්ගයේ සඳහන් වන පෙළෙහි සිංහලාර්ථය මෙසේ ය (පාළි පෙළ ලිපියේ උපුටා දක්වා ඇත):

        ///
        “නන්‍ද, ඔබ කුමක් සිතන්නෙහි ද? ශාක්‍යප්‍රතී ජනපද කල්‍යාණිය ද පරෙවි පා ඇති මේ පන්සියයක් දිව්‍යාප්සරාවෝ ද යන මින් කවරක් වනාහි වඩා රූමත් ද, වඩා දැකුම්කලු ද වඩා පහදවයි ද?”

        “ස්වාමීනි, යම් සේ කන් නාසා සිඳුණු දැවුණු වැඳිරිය යම් සේ ද, ස්වාමීනි, එසේ ම ශාක්‍යප්‍රතී ජනපද කල්‍යාණිය පන්සියයක් දිව්‍යාප්සරාවන් හා සමකිරීමේ දී ගණනකට හෝ කලාවකට හෝ කලා අර්ධයකට හෝ නො එයි. එසේ නමුත් මේ පන්සියයක් අප්සරාවෝ වඩා රූමත් වන්නෝ ය. වඩා දැකුම්කලු වන්නෝ ය, වඩා සිත් පහදවන්නෝ ය.”
        ///

        ඇතැම් විට ඔහු එසේ නොපවසන්නට ඇති බව සිතුණේ ඇයි?

        රූමත්බව වියුක්ත ගුණයක් නො වන බව මට සිතේ. අප යම් ස්ත්‍රියකට ප්‍රේමයෙන් බැඳුණු කල අපට ඇය ප්‍රසන්න රුවැති බව හැඟේ. අපගේ ප්‍රේමයට බඳුන් වන යම් ස්ත්‍රියකගේ රූමත්බව ඇයගේ බොහෝ ගුණාංග සමඟ සංයුක්ත ව බැඳී ඇති බව හැඟේ. ඇයට වඩා රූමත් වෙනත් ස්ත්‍රීන් සිටිය හැකි ය. අප ඒ බව පිළිගන්නේ වුව එවැනි රූමත් ස්ත්‍රියක දුටු විට අපගේ ප්‍රේමයට බදුන් වූ ස්ත්‍රිය වැඳිරියකට සමාන බව පවසන්නට ශික්ෂිත පුද්ගලයකුට නොහැකි ය. මට නම් බැරි ය! මා මීට පනස් දෙවසරකට පෙර දුටු ස්ත්‍රිය අද ද මට රූමත් ය. අප දැන් සැත්තෑ විය ද ඉක්ම වූ අය ය. ඇයට වඩා රූමත් ස්ත්‍රීන් සිටිය හැකි බව නිසැක වුවත් මට නම් ඇය කවර දිනෙක හෝ වැදිරියක ලෙස සිතුණේ නැත. මට එසේ කියවෙන්නේ ද නැත. එනිසා යි මා පැවසුවේ “ඇතැම් විට ඔහු එසේ නොපවසන්නට ඇති.” යනුවෙන්. ත්‍රිපිටකය ඇතුළු සම්භාව්‍ය ග්‍රන්ථවල ජනපද කල්‍යාණිය නන්ද තෙරුන් විසින් වැදිරියකට සමාන කරනු ලැබීම පැහැදිලිව ම සඳහන් වේ.

        බෞද්ධ සාහිත්‍යය ලිය වී ඇත්තේ යති දෘෂ්ටිය ප්‍රවර්ධනය වන ලෙස ය බව පැවසූයේ ඇයි?

        බුද්ධාගමේ ගිහි ජීවිතය සාර්ථක ව ගෙවීමට අවශ්‍ය ශික්ෂාවන් තිබේ. නමුත් එහි අත්‍යන්ත අරමුණ සංසාර ගමන කෙටි කර ගැනීම යි; පරිපූර්ණ වශයෙන් තෘෂ්ණාහරණය කර සසර දුක නැති කර ගැනීම යි (සසර යළි යළි ඉපදෙන තාක් කල් දුක ය). යම් පුද්ගලයකු ශාසනාවතරණය (සසුනට බැසීම) කරන්නේ නම් එසේ කළ යුත්තේ ම “සසර දුක්ඛයන්ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස” ය. මහණ වන විට අප අපගේ උපාධ්‍යායන් වහන්සේ අතට සිවුරු පිළිගන්වන්නට අවශ්‍යය යි. එහි දී අප පවසන ගාථාව මෙසේ යි:

        “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.”

        එහි අර්ථය “සකල දුක්ඛයන්ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කර මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි” යන්න යි.

        සකල දුක්ඛයන්ගෙන් මිදෙන්න නොහැකි ලු ස්ත්‍රිය සමඟ සබඳතා පැවැත්මෙන්. ස්ත්‍රිය කෙරෙහි යතිවරයා කෙසේ පිළිපැදිය යුතු ද යන්න ආනන්ද හිමි වරක් තථාගතයන්ගෙන් විමසයි. තථාගතයන්ගේ පිළිතුර: “අදස්සනං ආනන්ද” (නො දකිනු මැනවි ආනන්ද) යනු යි. දුටුව හොත් කුමක් කළ යුතු ද යන්න විමසූ විට පිළිතුර: “අනාලාපෝ ආනන්ද” (කථා නො කරනු මැනවි ආනන්ද) යනු යි. කතා කළ හොත් කුමක් කළ යුතු ද යන්න විමසූ විට පිළිතුර: “සති ආනන්ද උපට්ඨපේතබ්බා” (සිහිය පිහිටුවා ගනු මැනවි ආනන්ද) යනු යි.

        මා පෙර ලිපියක පෙන්වා දුන් පරිදි අංගුත්තර නිකායේ “ඉත්ථිරූපේ භික්ඛවේ, සත්තා රත්තා ගථිතා ගිද්ධා මුච්ඡිතා අජ්ඣෝපන්නා තේ දීඝරත්තං සෝචන්ති ඉත්ථිරූපවසානුගා” ලෙස සඳහන් වේ.

        එහි අර්ථය “මහණෙනි, ස්ත්‍රීරූපයට වසඟ වූ එහි ඇලුණා වූ බැඳුණා වූ එරුණා වූ සත්ත්‍වයෝ දීර්ඝ කාලයක් ශෝක කරන්නාහ” යනු යි.

        ස්ත්‍රිය පිළිබඳ යති දෘෂ්ටිය එවැන්නක්. බෞද්ධ සාහිත්‍යය බොහෝ කෘතිවල එකී යති දෘෂ්ටිය අඩු වැඩි වශයෙන් ගැබ් ව පවතී. අට්ඨ කතා සැලකුව ද කාව්‍යශේඛරය සැලකු ව ද ජාතක පොත සැලකුවත් එකී යති දෘෂ්ටිය සැඟ ව තිබේ.

        මා “බෞද්ධ සාහිත්‍යය ලිය වී ඇත්තේ යති දෘෂ්ටිය ප්‍රවර්ධනය වන ලෙස ය” යනුවෙන් පැවසුවේ එනිසා ය. හොඳ පැවසෙන පාඨ ද තිබෙන බව කිව යුතු යි.

        හින්දු සමයේ පෝෂණය වූ බ්‍රාහ්මණ දෘෂ්ටියේ ආභාෂය ලද ඇතැම් කෘතිවල ස්ත්‍රිය පිළිබඳ ඉතා නිෂේධනීය දෘෂ්ටිවාද ගැබ් වේ. හර්තෘහරී ප්‍රත්‍ය ශතකයේ මෙසේ පවසයි:

        “දර්ශනං චිත්ත වෛකල්‍යං
        ස්පර්ෂණං ධන නාශනං
        ශයනං මරණං කුර්යාත්
        ස්ත්‍රී ප්‍රත්‍යක්‍ෂ රාක්‍ෂසී”

        එහි අර්ථය “ස්ත්‍රිය දැකීමෙන් සිත විකල් වන නිසා ද ස්පර්ශ කිරීමෙන් ධනය හානි වන නිසා ද සමඟ සයනගත වීමෙන් මරණයට පත්වන නිසා ද ස්ත්‍රිය වූ කලී ඇසට පෙනෙන රාක්ෂසියකි” යනු යි!

        The Read Us තරුණ සහෘදය, අවුල් නේ ද එසේ කියූ විට??? එවැනි ශ්ලෝක විශාල සංඛ්‍යාවක් තිබේ. හොඳ පැවසෙන ශ්ලෝක ද තිබෙන බව කිව යුතු යි.

        මෙදවස වියුණු ලොව සිදු වෙමින් පවතින හද කම්පා කරවන විලම්බීත අතර මැඳ

        මා එසේ පැවසුයේ මේ දිනවල වියුණුවල එක ම මාතෘකාව වී ඇක්තේ සම්මාන උලෙළ පිළිබඳ විලම්බීත (විකාර, වල්පල්) දෙඩවීම නිසා ය. එය සීමාව ඉක්මවා ගොස් ය. එවැනි සමයක ඔබ මෙවැනි ලිපියක් කියවා අදහස් පළ කර තිබීම පිළිබඳ මම සතුටු වුණෙමි. මා වියුණු සටහන් තබන්නේ ඔබ වැනි පාඨකයන් සඳහා ම ය.

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        Like

  2. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම තුමනි,

    ඔබ ගේ වියුණුව කියවා සැමදා ලෙස ම මහත් දැනුම් සම්භාරයක් අත් පත් කරගත්තෙමි.

    මෙහි දී ඔබේ වියත් කතිකාවතට වස්තු නොවූ පැත්තක් ගැන මා සොයන්නට තීරණය කලෙමි. ඒ අපේ ගැමි වහරේ, ගැමි විස්වාස සහ පුරාවුර්ත වල දලු නවයකින් යුත් නව දලු හේනක් ගැන කිසියම් හෝ සඳහනක් ඇත්ද කියා සොයා බැළීමටයි.

    මා මිත්‍ර PraJay නීතිඥ තුමා සමග නුදුරු අනාගතයේ සිදු කිරීමට අපේක්ශා කරණා හෙල ගැමි ආහාර, ආහාර සකස් කර ගැනීමේ ක්‍රම සහ කෑම වට්ටෝරු ගැන ක්සෙශ්ත්‍ර අධ්‍යයනයක දී මේ ගැනත් සොයා බැලීමට සනිටුහන් කර ගත්තෙමි.

    Liked by 1 person

    1. මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

      සම්මාන පලහිලව්වක පැටලී කාර්යබහුල වීමෙන් ඔබතුමා මෙම ලිපිය නොකියවන්නට ඇති බව මම සිතුවෙමි. ඒ යම් කනගාටුවක් ද සමඟ ය. දැන් විමසා බලන විට ඔබතුමා ලිපිය කියවා හරබර රසබර ආලෝචනයක් ද එක්කර ඇත. කෙදිනකවත් විය නොහැකි ලෙස එම ආලෝචනය නියන්ත්‍රණය (moderation) වී ඇත. මෙය විය නොහැකි දෙයකි. ඔබතුමාගේ ආලෝචන නියන්ත්‍රණය වේ නම් මා ලිපි ලියා කුමට ද?

      මම මැණිකේ ද සමඟ පසුගිය දා කාර්ඩිෆ් වෙත ගොස් දින කීපයක් එහි රුඳුණෙමි. මා ඉඳහිට එහි යන බව ඔබතුමා දනී. ගමනේ දී මම අන්තර්ජාල සම්බන්‍ධතාව ජංගම දුරකථනයට මාරු කළෙමි. යළි පැමිණි පසු wifi සක්‍රිය වී නැත. එනිසා යම් ගැටලුවක් වී ද යන්න මම නො දනිමි. ගරු සරසතුමනි, අපේ The Read Us තරුණ සහෘදයාගේ ආලෝචනය පැමිණෙන විට මම ඔබතුමාට ඉතා වැදගත් ආලෝචනයක් ලියමින් සිටියෙමි. එය මඳකට නවතා The Read Us සහෘදයාගේ ආලෝචනයට පිළිතුරු ලියා පළ කළ විට මගේ ආලෝචනය ද නියන්ත්‍රණය විණ. එපිළිබඳ සොයා බලන විට ය ඔබගේ ආලෝචනය ද නියන්ත්‍රණය වී ඇති බව සංස්කාරක මණ්ඩලය දැනුම් දුන්නේ. ඔබගේ ආලෝචනය නව ආලෝචනකරුවකුගේ ආලෝචනයක් ලෙස සලකා එක් වරක් පමණක් සිදු වන නියන්ත්‍රණයට හසු ව ඇත. දැන් ඒම ගැටලු විසඳිණි. මා පළමු ව ලියමින් සිටි වැදගත් ආලෝචනය පසු ව අවසන් කර එවිය යුතු ය.

      සම්මාන අර්බුදය ඉතා විනාශකාරී ලෙස වර්ධනය වන බව පෙනේ. සිදුවන දේ පිළිබඳ මා සිත මහත් අපුලක් ඇත. ඔබතුමා කෙතරම් කාර්යබහුල වී ද යත් මා එක්කළ ආලෝචන ද ඔබතුමාට මඟ හැරිණි. ආලෝචන 250 කට පමණ ප්‍රතිචාර දැක්වීමත් එසේ මෙසේ වැඩක් යැ! දින කීපයක් බලා සිටි මම ඔබතුමා විවේකයක් ලබන තෙක්, වියුණු ලොව සිදුවන විසූකදස්සන බලා සිටීමි. ඒ අතර කාලයේ දී ඔබතුමා ඉතා වටිනා මිණිමුතු වන් වියුණු සටහනක් පළ කර ඇත. එය ද සම්මාන උලෙළේ මළ ඉලව් ආලෝචනවලින් පිරිණි. ඔබතුමා FG ගේ අතිදුර්ලභ ඡායාරූප දෙකක් කැමරාවට හසු කර ගෙන ඇත. ඇයගේ තනි ඡායාරූපය අගනා ය. දෙවැන්න ඔබතුමා සහ FG සතුටු සාමීචියක යෙදෙන අතිශය ප්‍රේමණීය ජවනිකාවේ නිෂ්චල මතකය ය! එම ඡායාරූපයේ ඇයගේ මුහුණේ රැඳී ඇති විශ්මය හඟවන අභිනය ඇයගේ සුවිශේෂි ලක්ෂණයකි. ඇය ද සුනිල් ද ඕනෑ ම සාමාන්‍ය දෙයකින් පුදුම වන යුවළකි. එය යුරෝපීය පන්නයේ ඉංගිරිසි ව්‍යවහාරය සමඟ හුරුවන්නකි. ගරු සරසතුමාට මතක නම් අළු, ජනක, ජෙරී වැනි අයට ද ඒ ගතිගුණය තිබිණි. එම වැදගත් වියුණු සටහන මට මඟ හැරීම පිළිබඳ මගේ අප්‍රසාදය ද මම සම්මාන විගඩම්කරුවනගේ ගිණුමට බැර කරමි!!!

      ගරු සරසතුමනි, මම නව දලු හේන පිළිබඳ අදහස අසත්‍ය ය යි නො පවසමි. එය ජනශ්‍රැතියේ තිබිය හැකි ය. තිලක් කන්දේගමයෝ අපේකම දන්නා, මා අගයන, බහුශ්‍රැත, බහුපඨිත විද්වතෙකි. ඔවුන් පිළිබඳ මා සිත අප්‍රමාණ ගෞරවයක් පවතී. එතුමා කෘෂිකර්මය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. අප දෙදෙනා මූලික ව උගත්තේ වෛද්‍ය විද්‍යාව ය. පැරණි අධ්‍යාපන ක්‍රමය නිසා ද අපගේ ශාස්ත්‍රකාමය නිසා ද අපි භාෂාසාහිත්‍යකලාදර්ශන විසා ද මනා ව, ශාස්ත්‍රාලීය ව ද උගත්තෙමු. උද්භිද විද්‍යාවෙන් පසු මම ශාකවලට අත නො තැබිමි. දලු නවයකින් පොහොසත් හේන පිළිබඳ ඔබතුමාට හමු වන ⁣දැනුම ද මගේ මනසට ඒ ඒ අවස්ථාවල දී එකතු කරනු මැනවි. දැනුම යනු මැරෙන තුරා රැස් කළ යුතු වස්තුවකි. ගරු සරසතුමනි, හේන පිළිබඳ මගේ ලිපියේ දී මම ඇල් (හැල්) වී පිළිබඳ පැවසීමි. එම වී වර්ගය රෝපණය කර ඇති ලංකාවේ පන්සලක් පිළිබඳ වැඩසටහනක් මම මීට සති කීපයකට පෙර බී.බී.සී. වෙබ් අඩවියේ දී දුටුවෙමි.

      උද්භිද විද්‍යාව සිහි වූ නිසා ඔබතුමාට පැවසිය යුතු රසවත් කතාවක් ඇත. එය මැණිකේ ද දන්නා කතාවකි. මම එය ඔබට පසු දිනෙක ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් දන්වමි! එය හරි ම චමත්කාරජනක අත්දැකීමක්! නවසිය හැටහය පමණ වන තුරු එය රහසක්! කායික‍ විද්‍යා ප්‍රායෝග පුහුණුවක් මඟ හැර මම නුවරින් දුම්රියේ නැඟ උඩරට මළගෙදරක ගියෙමි. නුවරින් දුම්රියේ නැඟ යා හැකි උඩරට ඔබතුමා නම් දනී. නො පවසනු මෙහි! මට වැරදුණේ ගජමිතුරකු ද කැඳවා ගෙන යාම නිසා. මිනිහා මළගෙදරින් පිටවෙන්න කලින් ම පැවසුවා “මේක යකාගේ ගුරු-ගෝල සම්බන්‍ධයක්නේ” යනුවෙන්!!! මිනිහා ඩඩ්ලි සිල්වා මැතිඳුනට ද වඩා විමසුම් ඇස!

      Pra Jay පිළිබඳ යමක් පැවසිය යුතුම ය. ඔහු ඉතා කලාතුරකින් හමු වන විශිෂ්ට මිනිසෙකි. ඉතා පුළුල් පරාසයක ගැඹුරු කියවීමක් ඔහු සතු ය. ඔබතුමා වැනි වැදගත් මහත්මයෙකි. ඔහු බොහෝ වියුණුවල පළ කරන ආලෝචනවලින් ඔහුගේ ගැඹුර නිර්ණය කළ නොහැකි ය. His best is in his emails; just as yours. මා ඔහු පිළිබඳ ඉදිරියේ දී පළ කරන්නට නියමිත ලිපි තුනෙන් පළමු වැන්නේ Pra Jay සිදුකළ මේ යුගයේ කිසිවකුගෙන් බලාපොරොත්තු විය නොහැකි පරාර්ථචර්යාවක් සඳහන වේ. එය පළ වූ පසු ඔබතුමා එය දැන ගනීවි. ගරු සරසතුමනි, එවැනි ශාස්ත්‍රීය සේවා අද කාලයේ අපේ ශිෂ්‍යයෝ ද නො කරති.

      බන්‍ධුල කුදගාගම,
      සදම්ටනය.

      Like

  3. සාරසතුමනි,

    ඔබතුමා ගේ ගැමි අහර පිලිබඳ ව්‍යාපෘතියට කුදලාගම මහතාගේ මග පෙන්වීම වැදගත්වේ යයි මම සිතමි. Especially, with regard to what the colonial writers have said about the SL (Ceylon) village food & cooking.
    Hugh Nevill, in The Taprobanian, must surely have written. Dr. Kudalagama should be able to guide you towards more obscure sources. Also, he must be having a wealth of knowledge from his travel and work here.

    කුදලාගම මහතාණනි,

    මා අනුන් වර්ණනා කිරීමට හා අනුන්ගේ වර්ණනාවට බඳුන්වීමට නුහුරුය. මා කාවහරි අගය කරන්නේ වචන කීපයකින් හා වැඩිපුර ක්‍රියාවෙනි. ඔබතුමා මා අගය කරන පුද්ගලයෙකි. ඔබතුමා අගය කිරීමට සිංහල වදන් හැසිරීමේ නිසි හැකියාවක් මට නැත. එනිසා මා කලේ ඔබ ඔය කියන සුළු උදව්වයි. මෙය මගේ ව්‍යාජ නිහතමානී කමක් (false modesty) නොව, එය ඇත්තෙන්ම සුළු ක්‍රියාවකි. එමෙන්ම එය කිරීමෙන් මමද සතුටක් ලද්දෙමි. එනිසා එය සම්පූර්ණ පරාර්ථචර්යාවක් ලෙස සැලකීමට සුදුස්සක් නොවේ. කෙසේවෙතත් සමාජසේවය හා දේශපාලනයට ආගන්තුක මා යහලුවන්ට හා යහපත් හා අගය කරන මිනිසුන්ට කරන උදව් ගැන කතා නොකරන බව සරසතුමාද දනී.

    By the way, you frequent Cardiff? Although, I have been somewhat of an Anglophile (with regard to language, history, culture, cities, villages and countryside) for most of my life,I haven’t had the means to visit GB more than three times. However, on the last occasion I visited, I managed to go to Wales. I thoroughly enjoyed the Cardiff Central Market. Spent quite a bit of time in the pet shops and browsing in the comic book store and chatting to the owner. That reminds me to say another thing – //ඉතා පුළුල් පරාසයක ගැඹුරු කියවීමක් ඔහු සතු ය.// මා පුලුල් පරාසයක කියවන බව පිලිගන්නා නමුදු ගැඹුර ගැන නම් එතරම් වර්ණනාවකට ලක් විය යුතු නොවේ.
    කොමික් පොත් කියවීමට මා ඇබ්බැහි වී ඇති අතර ලමා හා යොවුන් පොත්ද සමහරක් කියවමි. Also, thriller, adventure, wildlife, dog, horse and crime fiction. Humour too in a big way ! (Tom Sharpe is a favourite) //එනිසා බොහෝ වියුණුවල පළ කරන ආලෝචන//ද මගේ අනන්‍යතාවයේ කොටසක් බව මට පිලිගන්නට සිදුවේ.

    Back to Wales : I managed to stay in Swansea too for a couple of days. Had an adventure visiting Oystermouth Castle in the off season all alone ! If I ever manage to visit UK again, I hope to go to Scotland ( I’m an avid fan of Nigel Tranter’s HF),Yorkshire because of James Herriot and Jersey Island for Gerald Durrell. It’ll take three trips and tripling of my bank balance before I realize that dream I reckon. 😀 .
    Anyway, I’m getting carried away here. Thank you so much for the, mostly undeserving, kind words about me.

    Liked by 1 person

    1. Dear Pra Jay,

      Thank you for your long comment! I am sorry for the delay in replying. I had been away from the weblog for last few days.

      Most of the accounts, memoirs, reports, diaries, and other notes of that ilk contain interesting descriptions on Ceylonese cuisine. Thus, I may provide some historical information regarding the cuisine whenever my dear Sarasa needs them. Pra Jay had mentioned about the possible opportunities I might have during the times I worked and travelled in Sri Lanka to taste a wide variety of food. Of course, there had been many. In my youth when I was not a strict vegetarian, I had many opportunities to taste an assortment of delicious food. However, I had always been careful those days not to taste the infamous green-leaf-salad of Anuradhapura on my Menike’s advice! I hope Pra Jay can extract the reason!

      May I comment on your interesting thoughts regarding my appreciations. I believe appreciations are good as long as they are done on deserved subjects. I see enough remarkable qualities in Pra Jay’s personality unveiled by his work, thus I am not hesitant to praise Pra Jay in public. I do appreciate people for their works that deserve full-pledged appreciations. In such cases, I am not reserved at all. I do apt appreciations, but certainly no flattery. I am a public admirer, but certainly not a panegyric-writer. My only intention is to acknowledge the good deeds and to encourage their doers. I have never ever entertained a secondary gain. Dear Pra Jay, ultimately, odes and eulogies were well-recognised literary varieties rendering a great beauty and charm to the Victorian era poetry!

      Let me come to your fascinating remarks on Cardiff. It is a lovely historic place to visit, and you need to be there for an evening cultural event (there are many scheduled through out the calendar) to experience that great feeling of the Welsh peculiarities. Swansea is another historic place, and I am sure you had a good archeological evaluation at least on architectural marvels. Look Pra Jay, I agree on the factual proposition that Sri Lanka has a longer history than Britain, and there cannot be any dispute on that. But, the shorter history of Britain has been well preserved, arguably better preserved. I love visiting the old castles here in the UK. Before my ageing and failing health started to restrict my traveling adventures, I had visited many old castles and other historic places. I have been to Oystermouth, the ruined sea-side castle. Did you visit the UK in a winter? Come next time in a spring to see how colourfully the mother nature decorates this beautiful country. This year we have awaiting a delightful late spring.

      I should not forget to say that Southampton boasts a quite proud history with many places of archeological significance as well.

      Before I conclude, I would like to mention a few words about your irresistible attachment to comic literature. Both writing and reading comic literature are not easy tasks. You need some seriousness for the task. You seem to have a penchant for consorting comic literature. That is just great! One needs enormous talent to make others laugh without one becoming a joker or an obscene wild creature. I have recently noted that you have the gift of cracking the most shocking jokes in the midst of high intensity battles. Your act reminisced the world history (in ~64 AD) viz. Nero fiddled while Rome burned!

      Bandula Kudalagama,
      Southampton.

      Like

  4. Dr Bandula Kudalagama FRCP DPhill Oxon

    Dear sir,

    I must apologies to you for not being able to read/reply to your worthy comment last week. As you guessed quite correctly, this blog award business is getting in to my normal day-to-day. Blog writing.

    I agree with your comments on JVP and Ex JVP. They live in la la land and do not comprehend the society at large. They think this world owes them and despite of having no qualifications, they know everything.

    Anyways, back to your Cardiff sojourn, and PraJay’s Swansea adventures remind me of a tele series I used to watch few years back. It was “Mine all Mine” of ITV. I still remember Rhys Jones playing Max, the eccentric cab owner and his long suffering wife. What a plot.. to have an ancient document proving Max is the rightful owner of Swansea?

    Sadly we do not get any British TV in our cable in Sri Lanka!!! What a loss!

    Liked by 1 person

    1. My worthy companion the Rt. Hon. Sarasa,

      Thank you for your adjunct comment! I am sorry for the delay in replying. I had been away from the weblog for last few days as I have mentioned above. But, I am pleased I could contribute to your sensational discussions at Malle Pol during that time.

      WOW! It is great to know you are fond of Mine All Mine. Yea, you are right Sarasa. It was based in Swansea. Was it telecast on a state TV channel in Sri Lanka? I doubt so!!! There was a DVD shop on the second floor of Majestic City selling full many a foreign TV series on high capacity DVDs. They had Robin of Sherwood, Dr. House, Knight Rider, Mind Your Language etc.

      It is sad to hear that the Sri Lanka satellite television service providers do not offer British channels. However, some 15 years back Sky News and BBC channels were available free to air in Sri Lanka right? What happened to that ETV company?

      Bandula Kudalagama,

      Southampton.

      Like

  5. Thank you Dr BK for the kind reply. I do appreciate your appreciation; that it come from someone of your intellectual stature and scholarship means a lot. It is just that I felt I haven’t done enough to deserve it.

    My problem is that when I see something funny or think something witty (at least to me) I tend to say it. I try to control it somewhat in real life situations but don’t see any need to hold back in blogs.

    The fallowing is one of my rare serious comments. I paste it here because it is relevant to what you have written

    Pra JayMarch 28, 2017 at 9:15 PM

    ඉතිහාසයේ දිග වඩා වැදගත් වන්නේ නොකඩවා පැවතුණ සජීවී එකක් වන විටයි. එන්ගලන්ත ඉතිහාසය අපිට වඩා කොටයි. ඒත් අඩු ගණනේ අවු 1000ක් වත් අඛන්ඩව පැවතී එනවා. 1066 නෝර්මන් ආක්‍රමණයෙන් පස්සෙ ආක්‍රමණත් නෑ. හුඟක් ඉන්ස්ටිටියුෂන්ස්, දේශපාලන හා රාජ්‍ය යාන්ත්‍රණ, වෙලෙඳ සංගම්, විශ්වවිද්‍යාල, හමුදා, කලාවට සම්බන්ධ දේ, සාප්පු, පොලවල් ආදී අති විශාල සංඛ්‍යාවක් ක්‍රමයෙන් පරිණාමය වෙමින් අවුරුදු සිය ගණනක් පැවත එනවා.

    ආක්‍රමණ, මැලේරියා ආදී විවිධ හේතු නිසා අපේ ඉතිහාසය හා සංස්කෘතිය කැඩුනා සහ පිරිහුණා. අපි අනුරාධපුර සංස්කෘතියෙන් කෙලින්ම ආවයි කියන්න අපිට බෑ. නුවර යුගය වෙනකොට තිබුනේ ඉතා අඩු මට්ටමේ එකක්. එයින් පසුවත් අඛණ්ඩ ගලා යෑමක් නෑ. කැඩි කැඩී ආ 2500 අඛන්ඩ 500කට වඩා අඩුවෙන් වටින්නේ ඒනිසාය.

    කෙසේ වෙතත් වඩා වැදගත් සංසන්දනය වර්ථමානය මිස අතීතය නොවේ

    Liked by 1 person

  6. My dear Pra Jay,

    I value your witty comments seen on many other blogs; no doubt about it. I have written about my admiration of your witty use of language in my comment under the article “Hailing from a Country that has not Launch Rockets to the Moon”, and please read it.

    What you have just said about the English history is noteworthy, and I am glad to tell that I do share your thoughts on the topic. Although we talk about an ‘uninterrupted history’ of Sri Lanka, the reality is that it has not been so much uninterrupted.

    I believe there should have been a history of civilisation well before Vijaya’s arrival. Do you think it would be possible to construct the tanks and the stupas of Anuradhapura era if our history of civilisation began with Vijaya? I really doubt it. We had, probably, a well organised history of several centuries before Vijaya.

    However, I am not a supporter of Rāvaṇā in its current popular commercial form. It’s perfectly alright to accept Rāvaṇā as mythology as it can be supported with literature. But, I do not want people to entertain such fantastic sentiments accepting Rāvaṇā as a part of our history upon which we should mould our future. I believe we need substantial archeological support to consolidate Rāvaṇā as part of our history. The Kingdom of Rāvaṇā, if it has ever existed, should be as ancient as five thousand years at its best. If we could dig out archeological evidence of Balangoda man with a history of thirty thousand years, if we could dig out archeological evidence of Homo erectus with a history of seventy thousand years, there should be some sort of archeological evidence of Rāvaṇā with a mere history of five thousand years. If we cannot find anything relevant, why should we entertain a wild fantasy as our history, and give wings to idiots like Rāvaṇā Balaya and so on? Professor Somadeva, despite his meticulous and intense field work at a spread of locations including Haldummulle and Haputale, could not locate any nuggets or even a hint of information, and many others before him could not succeed either. My dear Pra Jay, we need to dissociate our history from patriotism if we are to discover any sort academically sound conclusions regarding our history. I am love my country, but I can not promote nonsense like awakening and resurrecting Rāvaṇā etc.

    Bandula Kudalagama,
    Southampton.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s