බුද්ධඝෝෂ වර්ණනා

මම පසුගිය ‍දිනෙක අගනා කවියක් රස වින්දෙමි. එම කවිය පළ වී තිබුණේමම එරන්දි … I’m Erandiනම් වියුණුවේ ය. බුද්ධිකා එරන්දි ජයසිංහ මැතිනිය එම කවියේ නිර්මාණකාරිය ද එම වියුණුවේ හිමිකාරිය ද බව සඳහන් ය. මම මින් පෙර ද එම වියුණුවේ පළ වූ හෙළ බස පිළිබඳ කවියක් කියවා පැහැදුණෙම් එහි වූ අනෙක් කවි ද කියවූයෙමි. මම එම කාව්‍යෝත්සාහය අගයමි. 

බුද්ධිකා එරන්දි ජයසිංහ මැතිනියගේ සූර බස්කමින් සුරුකම් ලද කව්කම් විස්කමින් මම මහත් ආනන්‍දයට පත් වීමි. එතුමියගේ වියෙහි වන් යොවුන් කිවිඳියක හෙළ, පෙළ බස් විසාහි බැඳුම ම අසිරියකි. එතුමියගේ කව්කම් පිළිබඳ වෙසෙස් කර පැවසුම මතුවට කරන්නට තබමි. මෙම සටහන එතුමියගේ අගනා බුද්ධඝෝෂ වර්ණනාවට අටුවාවකි.

බුදුගොස් හිමියෝ මහාටුවාකාර වූහ. උන් වහන්සේ ලියූ අටුවා ගණනින් ද ගුණයෙන් ද අතිමහත් ය. කෙතරම් අතිමහත් ද යත් ඒ සියලු අටුවා උන් වහන්සේ විසින් ම ලියවුණි ද යන්න පිළිබඳ ඇතැමකු සිත සැකයක් ද නැඟෙන තරම් ය. 

මහාවංසකාරයෝ බුදුගොස් පවත මහාවංසයේ සත්‌තතිංසතිම පරිච්‌ඡෙදයේ (චූළවංසයේ) දෙසිය විසිහතර වැනි ගාථාහි ලා පවසන්නෝ බුදුගොස් (බුද්ධඝෝෂ) නාමය එහිමියන් ලදුයේ එහිමියනට බුදුන්ගේ මෙන් ගම්භීර (ගැඹුරු) ඝෝස (හඬ) ඇති නිසා ද බුදුන්ගේ මෙන් මිහිතලය පුරා නින්නාද  වන ඝෝස (භඬ) ඇති නිසා ද බව මෙසේ පහදති:

බුද්‌ධස්‌ස විය ගම්‌භීර ඝොසත්‌තාතං වියාකරුං;
“බුද්‌ධඝොසො’’ති ඝොසොහි, බුද්‌ධො විය මහීතලෙ.

දිවමන් බුදුන්ගේ දහම් දෙසුම පෙළෙන් හෝ සකුවෙන් හෝ නො ව මගධයෙහි පොදුජන බස වූ මාගධී ප්‍රාකෘතයෙන් (අර්ධමාගධීයෙන්) සිදු වුණු බව පිළිගැනේ. කිතු උපතින් සියවස් පහකට හයකට පමණ පෙර මගධයෙහි කුලීන පවුලක උපන් ගෞතමයන් එදවස කුලීනයන්ගේ බස වූ සකු බස උගනින්නට ඇති බවට සැකයක් තබා ගත යුතු‍ නැත. එනමුත් පොදුජන විමුක්තිය උදෙසා දෙසුණු බුදුන්ගේ ඉගැන්වීම පොදුජන බස වූ මාගධී ප්‍රාකෘතයෙන් ම දෙසනු ලැබීම අරුත්බර ය. පෙළ බස නිවහල් ව වැඩුණේ බුදුන් දවසට බොහෝ පසු ව ය. භාරතයේ දී පෙළට නැඟි දහම සුරුකුණේ මුඛ පරම්පරාවෙනි. තෙවළා දහම ද එයට සැපයුණු අට්ඨකතා ද පෙළට පෙරළී එතැන් සිට පෙළෙන් පැවතිණි. 

කිතු උපතින් සියවස් තුනකට පමණ පෙර මිහිඳු හිමියන් විසින් ලංකාවට ගෙනෙන ලද බුදු දහම ඒ යුගයේ සිට ම අට්ඨකතා සහිත ව හෙළ බසට පෙරළී මුඛ පරම්පරාවෙන් පැවතිණි. මහාවංසයේ සත්‌තතිංසතිම පරිච්‌ඡෙදයේ (චූළවංසයේ) දෙසිය විසිඅට වැනි ගාථාවේ සිට දෙසිය තිස් වැනි ගාථාව දක්වා සඳහන් වන භාරතවාසී රේවත තෙරුන් බුදුගොස් හිමියනට දෙන උපදෙසේ එබව මෙසේ  පැවසේ:

සීහළාට්‌ඨකථා සුද්‌ධා, මහින්‌දෙන මතීමතා;
සංගීතිත්‌තයමාරුළං, සම්‌මාසම්‌බුද්‌ධදෙසිතං.

සාරිපුත්‌තාදිගීතඤ්‌ච, කථාමග්‌ගං සමෙක්‌ඛිය;
එකා සීහළභාසාය, සීහළෙසු පවත්‌තති.

(සම්මා සම්බුදුන් විසින් දෙසන ලද, සංගායන මඬුලු තුනක් ඉදිරියේ පැවසුණු, සැරියුත් හිමි ආදීන් විසින් උගන්වන ලද සම්ප්‍රදාය මඟ පිරික්සුම් කළ නැණවත් වූ මිහිඳු හිමි විසින් සිංහල බසෙන් කරවන ලද පිරිසිඳු සිංහල අරුත් කතා සිංහල දෙස පවතී.)

තං තත්‌ථ ගන්‌ත්‌වා සුත්‌වා තං, මාගධානං නිරුත්‌තියා;
පරිවත්‌තෙසි සා හොති, සබ්‌බලොකහිතා වහා.

(තෙපි එහි ගොස් එම කතා අසා මාගධ නිරුක්තියට එනම් පෙළට පෙරළනු මනා ය. එය සියලු ලෝකයාට හිතකර වනනේ ය.)

හෙළටුවා කරන ලද්දෝ මිහිඳු හිමියෝ පමණක් නො වූහ. බුදු දහම හෙළයට නැඟුණේ දිගු කලක් තිස්සේ නේක දහම්විනය දත් බුදුපුතුන් විසිනි. බුදු දහම පළමු ව ලියවුණේ කිතු උපතින් සිවසකට පමණ පෙර මෙසිරිලක මාතලේ අලුවිහාරයේ දී ය. එම ගත් නැඟුමේ  දී තෙවළා දහම පෙළෙන් ද අට්ඨකතා හෙළයෙන් ද ලියවිණි. තුන්පිටකයේ පෙළ පෙළෙන් ලියා එම පෙළ වටහා ගැනුමට නියත ලෙස ම අවැසි වූ විවරු හෙවත් අට්ඨකතා හෙළයෙන් ම ලියවුණේ නිමල බුදු දහම එවකට වැඩෙමින් පැවති මහායානික ඉගැන්වීමෙන් අපවිත්‍ර වීම වළක්වා ගැනීමට ය යි ද ඇතැමෙක් අදහති. එදවස පෙළ යනු අනතර්ජාතික බසකි. හෙළය ලංකාවේ බස ය. භාරතයේ එදවස වැඩෙමින් පැවති, සකු බස පදනම් කර ගත් මහායානික ඉගැන්වීම් නිසා එදෙ‍ස ද මෙදෙස ද ථේරවාදී බුදු දහම අපිරිසිදු වෙමින් පැවතිණි. එනිසා හෙළයෙන් අට්ඨකතා ලියූ විට ඒවා සුරැකේ ය යි සිතන්නට ද ඇත. 

මහාවංසයේ සත්‌තතිංසතිම පරිච්‌ඡෙදයේ (වූළවංසයේ) දෙසිය විසිහත් වැනි ගාථාවේ භාරතවාසී රේවත තෙරුන්ගේ වදනින් පැවසෙන පරිදි ‘(බුදු දහමේ) පෙළ පමණක් මෙහි (එනම් භාරතයේ) ඉතිරි ව තිබේ. අට්ඨකතා මෙහි (එනම් භාරතයේ) නො තිබේ. ඇදුරන්ගේ වාද දැනුම් ද අපට (භාරතයට) නැත. හෙළ බසෙන් පවතින අට්ඨකතා දොස් රහිත ය:

පාළිමත්‌තඉධානිතං, නත්‌ථි අට්‌ඨකථා ඉධ;
තථාචරියවාදා ච, භින්‌නරූපා න විජ්‌ජරෙ.

භාරතවාසී රේවත හිමි තම ශිෂ්‍ය බුදුගොස් හිමියනට ලංකාවට ගොස් පිරිසිඳු හෙළ අට්ඨකතා  (හෙළටුවා) පෙළට පෙරළා ගෙනෙන්න ය යි පවසන්නේ ඉහත සඳහන් හේතු නිසා ය. 

කවර හේතුවකින් ලියවුණ ද හෙළටුවා ලාංකිකයන්ගේ ආදිතම හෙළ සාහිත්‍යයට අයත් බව පිළිගැනීම යුක්ත යුක්ත ය. එනයින් හෙළ බසෙහි ආදිතම ආකාරයන් හෙළටුවාහි පවතින්නට ඇත.  

බුද්ධඝෝෂ හිමි විසුද්ධිමග්ගයේ පිටපත් මහාවිහාරිකයනට පිදීම (සෝලියස් මෙන්ඩිස්ගේ කැලණි විහාර සිතුවම)

කිතු උපතට පසු පස් වැනි සියවසේ දී පමණ භාරතයේ සිට මෙසිරිලකට වැඩි බුදුගොස් හිමියෝ මෙහි වූ හෙළටුවා පෙළට නඟන්නට රිසි වූ‍හ. එදවස බුදුදහමේ දහම් ගත් සුරැකි තැන වූයේ අනුරපුරයේ මහාවිහාරය ය. එහි විසූ සංඝපාල මාහිමි ඇතුළු දහම්දැරි, විනයදැරි සඟ ගණ තුන්පිටකයට අට්ඨකතා ලියන්නට, පෙළෙන් පෙළ ලියන්නට එසේ මෙසේ කෙනකුට නම් වර නො දුන්හ. හෙළටුවා පෙළට නඟන්නට තමනට සමත්කම් ඇති බව පෙන්වන්නට බුදුගොස් හිමියනට පිරික්සුමකට ඉදිරිපත් වන්නට විණ. එම පිරික්සුම වූයේ සුත්ත පිටකයේ සංයුත්ත නිකායේ සඳහන් වන “අන්තො ජටා බහි ජටා – ජටාය ජටිතා පජා” යනාදි පැන-පිළිවදන් ගාථා දෙක විවරු කරමින් (රථ විනීත සූත්‍රය ඇසුරින්) නිවනට එළඹෙන මඟ පිළිබඳ විවරුවක් සැපයීම ය. බුදුගොස් හිමියෝ වරක් නො ව තෙවරක් ම එක ම මාහැඟි විවරුව සැපයූවෝ හෙළටුවා පෙළට නඟන්නට වර ලැබුවෝ ය. බුදුගොස් හිමියන්ගේ එම විවරුව විසුද්ධිමග්ගය නමි. එහි අරුත සුද්ධියට හෙවත් ශුද්ධත්වයට (එනම් නිවනට) මාර්ගය යන්න යි. එය සමස්ත තුන්පිටකයේ ම සාරය කැටි කළ විවරුවකි. එපවත  මහාවංසයේ සත්‌තතිංසතිම පරිච්‌ඡෙදයේ (වූළවංසයේ) දෙසිය තිස් වැනි ගාථාව මෙසේ පවසයි:

පිටකත්‌තයමෙත්‌ථෙව, සද්‌ධිමට්‌ඨකථාය සො;
විසුද්‌ධිමග්‌ග නාමාකා, සඞ්‌ගහෙත්‌වා සමාසතො.

(තුන්පිටක සාරය කැටි කර ගෙන ඒවාය් අට්ඨකතා ද එක් ව ගෙන විසුද්ධිමග්ග නම් සංහිතාව කරන ලද්දේ ය)

එතැන් සිට සියවස් අටකට පසු එනම් කිතුවසින් දහතුන් වැනි සියවසේ දී දඔදෙණියේ දෙවන පැරකුම්බා මහපඬිතුමෝ බුදුගොස් හිමියන්ගේ විසුද්ධිමග්ගයට අගනා සන්නයක් සැපයූහ. එය විසුද්ධිමග්ග සන්නය නමි. අධ්‍යාත්මික ව ශුද්ධියට පත් වන්නට නිසි මඟ විවරණය කරමින් බුද්ධඝෝෂ හිමියන් ලියූ අගනා විවරණයට අගනා සන්නයක් ලියූ දෙවන පැරකුම්බාවෝ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත වූවෝ දේශපාලනය පමණක් නො ව භාෂා-කලා-සමය යන විසාහි ද කෙළ පැමි‍ණි පඬිවරයෙක් වූහ. 

ජයසිංහ මැතිනිය සදහන් කරන සමන්තපාසාදිකාව යනු බුදුගොස් හිමියන් ලියූ අට්ඨකතා අතර සුවිශේෂී අට්ඨකතාවකි. විසුද්ධිමග්ගය ලියා මහාවිහාරිකයනට තම සමත්කම් පෙන්වා හෙළටුවා පෙළට නඟන්නට වර ලැබූ බුදුගොස් හිමියන් තුන්පිටකයට ලියූ පළමු වැනි අට්ඨකතාව සමන්තපාසාදිකාව බව සැලකේ.  බුදුගොස් හිමියන් අභිධර්ම පිටකයට අට්ඨකතා ලිවීමෙන් පසු විනය පිටකයට සමන්තපාසාදිකා අට්ඨකතාව ලියන්නට ඇති බව ද තව සමහරෙක් සහේතුක ව පවසති. සමන්තපාසාදිකාව ලියවී ඇත්තේ විනය පිටකය අලළා ය. මිහිඳු හිමි  භාරතයෙන් රැගෙන පැමිණි, මහා අරිට්ඨ හිමි ඔස්සේ ලාංකික සඟ පරපුරට හිමි කර දුන් බුදු දහමේ විනය, එයට සැපයුණු විවරු ද සහිත ව හෙළටුවාහි පැවත බුදුගොස් හිමියන් විසින් පෙළට නඟන ලදී. පාරාජිකාකණ්ඩ, පාචිත්තිය, මහාවග්ග, චූළවග්ග සහ පරිවාර යන අට්ඨකතා ද අගනා බාහිර නිදානයක්සමන්තපාසාදිකාවට අයත් ය. 

සුත්ත‍ පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපද පාළියට සැපයුණු හෙළ අට්ඨකතා බුදුගොස් හිමියෝ ධම්මපදට්ඨකතාව ලෙස පෙළට නැඟූහ. ධම්මපද ගාථාවලට අදාළ කතා වස්තු සහ විවරු සඳහන් ව ඇත්තේ එම දිගු ධම්මපදට්ඨකතාවේ ය. පසු කලෙක සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ මාහැඟි ගත් රැසක් එම පාළි ධම්මපදට්ඨකතාව පදනම් ව ලියවිණි. 

මෙසිරිලක වාසය කර, ‘මනොරමා භාසා’ ලෙස වර්ණිත හෙළ බස ඉගෙන, හෙළටුවා, දීපවංස ඈ නන් නය පෙළ ඉගෙන නිමල බුදු දහම පෙළට නැඟූ බුදුගොස් හිමි නිසා හෙළටුවා නැසුණේ ය යි ඇතැමෙක් මෙදවස පවසති. හෙළටුවා පෙළට නඟා අවසන බුදුගොස් හිමියන් හෙළටුවා නැසූ බව පවසන ඇතැමෙක් ද සිටිති. එකී මතය විදුහුරු එකක් නො වේ. බොහෝ පසු කාලයක (පසළොස් වැනි සියවසේ දී පමණ ය යි සැලකේ) බුරුම රටේ පළ වූ මහාමංගලයන්ගේ බුද්ධඝෝසුප්පත්ති නම් ගත එවන් ජනකතාවක් සඳහන් කරන මුත් එය පිළිගත හැකි වෙනත් මූල කරුණු නොමැත (බුද්ධඝෝෂ හිමියන් ඝෝෂ නමින් ගයාවේ මහා බෝධියට නුදුරු ඝෝෂ නම් ගමක කේසි සහ කේසිනී යුවළට පුතු ව උපන් බව සඳහන් වන්නේ ද බුද්ධඝෝසුප්පත්තියේ). විසි වැනි සියවසේ දී දකුණේ පිලිස්තීනු සිංහලයන් කීප දෙනකුට යාපනයේ පොත්ගුල ගිනිලන්නට හැකි වුව ද පස් වැනි සියවසේ හාරතයේ මහා උගත් පැවිදි පඬිවරයකු වූ බුදුගොස් හිමියන් නිමල බුදු දහම් අමාව ලියවුණු හෙළටුවා ගිනිලන්නට ඇති බව සිතන්නටවත් මා සිත අනුබල නො දෙයි. හෙළටුවා සුරුකි ව තිබුණේ මහාවිහාරයේ පමණක් නො වේ. සිරිලක නෙක දිසාහි වෙහෙරවල හෙළටුවා පිටපත් පැවතිණි. එසේ නම් බුදුගොස් හිමියෝ ඒ සියලු හෙළටුවා පිටපත් එක් රැස් කර ගිනි තැබුවාහු ද? වළගම්බා රජ දවස සැලකිය යුතු රාජකීය අනුබලයක් නැති ව ද බැමිණිතියා සාය නිසා බොහෝ භාණකයන් අහිමි ව තිබිය දී ද මකුට දිසාහි අලුලෙන වැද, නෙක ගැහැට විඳ තුන්පිටකය ගත් කළ සඟ පරපුරකින් පැවත ආ මහාවිහාරිකයන්;  හෙළටුවා පෙළට නඟන්නට වර දීමට පෙර තෙවරක් බුදුගොස් හිමියන්ගේ හැකියා පිරික්සුම් කළ මහාවිහාරිකයන්; විදෙසකින් පැමිණි බුදුගොස් හිමියනට හස්ති රාජයන් සත් දෙනකු තරම් උස් වූ හෙළටුවා කඳු ගිනිලන්නට ඉඩ දුන්නේ ය යි පැවසීම ද ලාංකික සඟ පරපුරට කරන අවමානයකි. තුන් වැනි සියවසේ හෙළ ප්‍රාකෘතය කෙමෙන් වෙනස් වී වහරෙන් ගිලිහී ගියේ වූව ද හෙළටුවා අවම ලෙස දොළොස් වැනි සියවස තෙක් හෝ පවතින්නට ඇත. 

ත්‍රිපිටක තල්පත්

සැබවින් ම බුදුගොස් හිමියන් හෙළටුවා පෙළට නොනඟන්නට අපට හෙළටුවා පමණක් නො ව නිමල බුදු දහම ද කාලයාගේ අවෑමෙන් නැති වන්නට බෙ‍ාහෝ සේ ඉඩ තිබිණි. නිමල ථේරවාදී බුදු දහම ලියවුණු හෙළටුවා පෙළට නැඟී, ලොවට ගියෙන් හෙළටුවා අදිසි මෙදවස ද පෙළටුවා ලෙස හෝ නිමල බුදු දහමේ විවරු අපට දැක ගන්නට හැකි ය. අට්ඨකතා අපට වැදගත් වන්නේ බුදු දහම විවරු කර ගැනීමට පමණක් නො වේ. එදවස ලාංකීය සමාජයේ දේශපාලනික-ආර්ථික-සාමාජීය තොරතොරු රැසක් අට්ඨකතාහි සඳහන් ය. වංසකතාහි සඳහන් නැති, පොදුජන ජීවිතයට අදාළ ඉතා වැදගත් තොරතුරු අට්ඨකතාහි සඳහන් ව තිබේ. 

හෙළටුවා ලියවුණු කිතු උපතට සියවසකට පෙ‍ර සමයේ බස මෙදවස සිංහල බසට වඩා බොහෝ වෙනස් වූ බව පැවසිය හැකි ය. දඹදෙණි යුගයට (කිතු වසෙන් දහතුන් වැනි සියවසට) පෙර පැවති සිංහල බස ද බොහෝ සේ වත්මන් සිංහලයට වඩා වෙනස් බව අප අමතක කළ යුතු නැත. 

හෙළ බසට ළැදි, සාහිතකලාදියට ළැදි, බස්වහර පුහුණුවට ළැදි බුද්ධිකා එරන්දි ජයසිංහ මැතිනියගේ බුද්ධඝෝෂ වර්ණනයට අනුභූතිය සැපයූ සිත් තැවුලට හේතු වූයේ ධම්මපද පාළිය විවරු කර ගැනීමට අට්ඨකතා හෙළ බසෙන් කියවන්නට ඉතිරි ව නොතිබීම ය. කවිසිත් රිදවීම නොනිසි ය. ජයසිංහ මැතිනිය වැනි වියත් කිවිඳියකගේ සිත රිදවීම නොනිසි ම ය. එනිසා කිතු උපතින් පස්වැනි සියවසේ දී පමණ බුදුගොස් හිමියන් විසින් හෙළ බසෙන් පෙළ බසට නඟන ලද තුන්පිටක අට්ඨකතා බොහෝමයක් මෙදවස යළිත් සිංහලයට නැඟී ඇත. ගත් පනහක පමණ එම සිංහල අට්ඨකතා පැතිරී ඇත. බුදුගොස් හිමියන් පෙළටුවා ලියුවේ එවකට පැවති හෙළටුවාහි සාරය පමණක් ගෙන බව සඳහන් ය. හෙළටුවාහි සාරය ගෙන ලියූ පෙළටුවා සිංහලයට නැඟූ කල ගත් පනහක් තරම් වේ නම් කිතු උපතින් සියවස් පහක් ගෙවුණු කල පැවති හෙළටුවාහි තරම සිතා ගත හැකි ය. ඒ හෙළ බසේත් හෙළ සාහිතයේත් හෙළ හැදියාවේත් මහඟු අබිමන ය. එවන් මහඟු අබිමන් හෙළ බස රැකුමට සිතැති සුදනෝ පෙරපර දෙදිග බාසා විසාහි ළැදි මගේ බුහුමනට නිබඳ ව ලක්වන්නෝ ය. 

මෙම සටහන ලියන්නට අනුප්‍රාණය සැපයූ බුද්ධිකා එරන්දි ජයසිංහ මැතිනියට තව තවත් රසබර හරබර කවි ලියන්නට හැකි වේවා! මම එතුමිය ලියන කවි රස වින්දෙම් මතුවට ද එතුමිය ලියන කවි කියවන්නෙමි. 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.


පසු සටහන:

(බුද්ධඝෝෂ හිමියන්ගේ කතා පුවත විස්තීර්ණ කර “බුදුගොස් පවත” නමින් සිනමාපටයක් නිර්මාණය කිරීමට මා ප්‍රිය සන්සඛි ගරු සරසතුමා හෙවත් ආචාර්ය කුමාර කළුආරච්චි සූරීන් කටයුතු සංවිධානය කර ඇත. වර්ෂ 2020 දී වැඩ කටයුතු අවසන් වීමට නියමිත එම සිනමාපටයේ තිර පිටපත රචනය මේ වන විට ගරු සරසතුමාගේ අධීක්ෂණය යටතේ සම්පූර්ණ වෙමින් පවතී.)

Advertisements

18 thoughts on “බුද්ධඝෝෂ වර්ණනා

  1. I have never pretended to understand poetry. I am reconciled to the fact that I am permanently poetically challenged (කාව්‍යාබාධිත) . However, even I understand that Erandi’s poetry is of a very high standard.

    Liked by 2 people

    1. Dear Pra Jay,

      Your words are essentially expressing your utmost humbleness per se. I believe you understand poetry as much as the next person, and it would be sufficient as good as for ordinary purposes. As if one does not need to be a trained gourmet to taste and appreciate the succulence of food, one does not need to be a trained connoisseur to taste and appreciate the relish of poetry.

      Having made such a statement advocating a liberal opinion that would support poetic appreciation to be a public affair, I should mention clearly that I neither deny nor despise the value of trained connoisseurship. The expertise in poetic appreciation is obviously needed for special purposes. Dear Pra Jay, you know, as a man of letters, that there is a subtle difference between a gourmand and a gourmet. Just because one delights in food, it is not possible to conclude that one may also discern the quality of food. Such discerning appreciation needs something extra in one’s capacity. Similarly, one needs a bit extra to grasp the very ‘meaning’ of poetry that runs beneath the words.

      When understanding the so-called very ‘meaning’ of poetry, one needs to understand initially the literary meaning (technically, the denotation) of the words. It is a primary meaning related to the lexical definitions of the words used in the poem.

      One of the major discriminating features of poetry, making it stand out from mere reporting, stating or narrating, is the figurative meaning of the words (technically, connotation). It is a secondary meaning beyond the lexical definitions of the words used in the poem. The figurative meaning is derived through a myriad of literary techniques (technically, literary devices) such as similes, metaphors, imagery, personification, hyperbole etc. A good poet should have a wealthy armoury of literary devices that strengthen his/her poetry.

      When it is referred to as the very ‘meaning’ of poetry, it refers to both the literary meaning and the figurative meaning of the poetry. A good connoisseur is one who can traverse the literary meaning of poetry, and access its figurative meaning. It needs some extra capacity both innate and acquired. I believe and wish that my highly gifted friend Pra Jay possesses such fine capacity, and I have no reason to doubt my belief as he has shown evidence in his fine judgement of the poetess in discussion.

      Thank you Pra Jay for bringing up yet another interesting topic, and I wish to write later on a separate article on this topic covering a few more aspects like poet’s intent, poetic intent and connoisseur’s perception.

      Bandula Kudalagama,
      Southampton.

      Like

      1. Dear BK,

        Thanks for the kind words. I’m kind of getting spoilt by your unfailingly kind praise. One thing I consciously do is try not to let my ego affect my actions and judgment. You almost let the dogs (of my ego) loose ! ha !

        Seriously, I am in really precarious grounds when I talk of poetry and music- proverbial thin ice. I truly am quite challenged in both. To put it in even more politically correct terms : I have special needs like a guiding hand in these disciplines. However, I must confess to a certain partiality to heroic poetry like “The Charge of the Light Brigade”. Is it a bit cheesy? Tacky? It maybe due to my love for history and epics rather than a liking for poetry per se. I like Rudyard Kipling in the jungle book – the hunting song of the Seeonee pack! And, funnily enough, some of his jingoistic stuff too ! By the way, I think E.R. Erathna’s (or A.P. Gunaratne’s? – onset of early dementia for me!) Sinhala translation of the jungle book is better than the original. A bit like Maya Ranjan’s translation of Ivanhoe being better than Scott’s original. For that matter, I think his translation of the Iliad rivals Homer’s writing. Then again, it maybe my preference for prose. I digress- as it always happens when I start talking about books! I AM a poor reader of poetry and a sluggard in deciphering them!

        PJ

        Liked by 1 person

      2. Dear Pra Jay,

        I understand your point, and consider it to be significant. However, I still believe a man who could read and enjoy Tennyson (the poet laureate) should have that ‘extra bit’ for the sensation of poetry.

        (Just a piece of information: the best surviving portrait photographs of Lord Tennyson were captured by Julia Margaret Cameron, who was one of the best photographers ever. Julia happened be the wife of Charles Hay Cameron and the mother of Hardinge Hay Cameron, your good old friend. Julia spent her later life in Ceylon, and passed away in Kalutara)

        I like Kipling, and read him fondly. However, I should be honest to tell you that I was irritated at times by his ‘irrational’ idolisation of imperialism (you know I still acknowledge a host of good aspects of British colonialism). I thought he lost his composure and sensibility as he was tranced into a jingo of imperialism. Despite all his political ideologies, which he impregnated, either intentionally or unintentionally, into his literary work, Kipling remains quite aptly a colossal figure in the literary world. At the end, we need to read and interpret his ideologies in the context of his colonial era. Kipling’s ‘The Jungle Book’ was an interesting collection of stories, which I thoroughly enjoyed reading. If Pra Jay could enjoy it too, it is a kind of ‘infallible’ circumstantial evidence of his passion for verse as much as prose. I went back to the text few years ago after watching a documentary on BBC about ‘ape man’ (in Africa) and ‘wolf child’ (in Australia). Are you referring to the Sinhala translation of ‘The Jungle Book’ by Māhiyamgoda?

        I read almost anything I find, but I do not read Sinhala translations. Let me rephrase that statement with some polite adornments as: I read almost anything I find, but I seldom read Sinhala translations. I am little bored and perhaps irritated by mechanical translation to which appalling category many Sinhala translations belong. The last Sinhala translations I read with great enthusiasm was a collection of short-stories translated by the most versatile and prolific mater Karunarathne Amarasinghe. I would mention Ganga Niroshinie Suduwelikande of the younger generation in my short list of favourite literary translators too.

        By the way, I am surprised by your keen interest in Sinhala translations so seriously! I never thought you would be an ardent reader in Sinhala. Perhaps, it may be due to the fact that I have read your writings in your formidable English, a stylish colonial use of the language. I just love it, your sense and sensibility to pick the enormous potency of the English language (your suave appearance and urbane manner might have a role in my temptation for my fallacy!!!)

        Erathne and Gunarathne are both superb, and they belong to a distinguished generation of literary men. In the early days of our lives, we had to read them almost without a choice as their works were prescribed. But, I really believe their works deserved the honour of prescription and obligation for reading (we had a good discussion about E R Erathne at our Sarasa’s weblog a several months back).

        I shall agree with your comment on the quality of the works of Mahanama Rajapakse alias May Ranjan. I could recollect his ‘Vana Saṃgramaya’ and ‘Troja Pura Saṃgramaya’, and they were very readable as you have stated. I would say they were as good as Ivanhoe by Sir Walter Scott and The Iliad by Homer. PERHAPS, I would borrow your quite loyal terms ‘better than Scott’s original’ and ‘rivals Homer’s writing’! Throwing celestial fluorescences of divine flora from Heaven, Maya Ranjan may bless Pra Jay for the compliment!

        I cannot hide my passionate attachment to Sir Walter Scott’s writings. Come on Pra Jay! He was not as complicated as Geoffrey Chaucer who would make the reader exhausted with Middle English. However, I should tell the truth about Sir Walter Scott’s literary depictions of the European history, at least that of the Crusades (vividly depicted in The Talisman, which was also translated by Maya Ranjan). I thought he was somewhat compassionate towards the Saracens, may be he was bias towards the Saracens for some reasons beyond my understanding. That would be fine, but I felt some modern descendants of the Saracens are trying to misinterpret, misquote and misuse Sir Walter Scott in that regard.

        I would like to mention that I truly love the Victorian and Romantic poetry as much as I love more classical works of Shakespeare or Milton. On the same note, I love the poetry of Colombo era as much as I love the classical poetry, and the poetry of Gunadasa Amarasekara.

        Let me conclude now. I think it is a worth adventure to skate on thin ice as long as you know you are on thin ice, thus I suggest Pra Jay taking on literary criticism of some good poetry. Try it; you may discover the Richards, the Leavis or the Elliott hidden inside your most resourceful intellectual system! Good Luck!

        Bandula Kudalagama,
        Southampton.

        Like

      3. Dear BK,

        I used to read Sinhala translations a long time ago. I am sorry to say I do not any more. I tend to see short comings in the current crop fairly early and too easily and that spoils my reading pleasure. Gunaratna, Erathne and Maya Ranjan remain my favourites and almost the only readable ones! In any event, they were more trans-creators than translators.

        Erathne (as the “Anuwaadaka”) created Vana Viththi (I&II) from the Jungle Book. It is superb. So are Gunaratna’s work from Spittel’s. I guess Gunaratna’s translations are so good because Spittel’s books are about Sri Lankan jungle folk. Hence, Gunaratna’s (who did a lot of research on his own) Sinhala would be a natural language for those stories.
        To his eternal credit , Maya Ranjan did creations from Scott’s and Homer’s ! Apparently, he was self taught in English and worked in a remote area most of the time. Truly and astoundingly remarkable ! Have you noticed another oddity about Maya Ranjan’s books? His original work, although considered pioneering jungle memoirs in Sinhala (Digamadulle Ascharyaya, Mage/Apey Rajjyaya, etc.), pale in quality before his translations! My hypothesis is that Maya Ranjan was essentially a superb epic writer and only epics he did were translations.

        About Scott & Saracens : I think Saladin or Salahuddin was always admired in Britain. Richard I had more animosity towards his fellow Christian crusading monarchs than against the Saracens.
        His English and Norman subjects hero worshipped him and were more anti-French (and Austrian, German etc) than anti-Saracen. In any event, by the time Scott wrote, Christian fanaticism in Britain was long gone and the scholars would have analyzed the curious fact that the Muslims in Saladin’s era were more civilized than the Christians (at least the Muslim nobility and scholars were, compared to the European nobles and clergy) .

        Isn’t it ironic? Muslims were more civilized, scientific, liberal and scholarly than Christians then. (Well, before Islam too they were civilized but Islam didn’t harm civilization like it now does) Now, a complete reversal of roles! Europe moved up while Middle East went down to the depths of barbarity.

        By the way, might we yet see the Europeans becoming fanatics like the Crusaders as a reaction to Islamic barbarity which is much worse than Saladin’s Islamic (mostly political) expansion?

        See, I love reading and talking about books ( mostly history and historical fiction). How to find time to read and decipher verse which I find heavy going at best of times? If I had been a student of yours for some considerable time you might have rescued me from my philistine ignorance though !

        Thank you for the interesting and enjoyable conversation, BK. I appreciate it very much.

        PJ

        Liked by 1 person

      4. Dear Pra Jay,

        Thank you so much for your precious reply. It is just superb, and I agree with your thoughts regarding many areas.

        What you have just mentioned about translations is the truth at least in my opinion, but I am sure many others could also agree with your opinion. When I said that I get little bored with, and perhaps irritated by mechanical translations, I virtually meant what you have elaborated in your comment. It is always a pleasure to find someone who mirrors our own mind!

        Many thanks for awakening the old memories of ‘Vana Vitti’ by E R Erathne. Those books should be reprinted and distributed not only for the benefit of readers but also for the benefit of aspiring translators. At present, it seems there are many adaptations categorised erroneously as translations.

        Your hypothesis – Maya Ranjan was essentially a superb epic writer and only epics he did were translations – sounds good. We can bring up an array of quality evidence from his works supporting the hypothesis. Let me remind you that his critically acclaimed translations were done in his later life after his retirement from the government service. His original work was authored during his early years inspired by the experience of working in the eastern part of the country.

        Richard the Lionheart was a great warrior, and nobody would doubt his supremacy in warfare (despite his overall failure to defeat Saladin). Whereas, there has been a dichotomous opinion amongst the public as well as scholars about his greatness as a king. I doubt whether his real stay in England would account for even one year, although, he was the King of England for nearly a decade. He was more French than English in his bring-up and demise! He became anti-French in the sense that he had to battle the French to win his much cherished Normandy. It is not surprising to note that the public opinion was unfavourable for a king who neglected and exploited his own country (England), his own people and the Church for a military triumph in Normandy.

        By the time of his death, Richard the Lionheart was in a sort of tactful peace-accord with Saladin (following the Battle of Jaffa). It was just a truce from which both leaders benefitted. I do not think they agreed for the peace-accord by their virtue of peaceful living. It was a Hobson’s choice for both of them. They agreed upon the Treaty of Jaffa, and started to sing praises of each other unreservedly!

        Dear Pra Jay, I agree with your fine observation that Saladin was eulogised as a very noble man in European/English history and folklore. Some historians went on to heroise Saladin as fantastic as a man who gave everything he owned to the poor without leaving anything even for his funeral! Modern historians on scholarly grounds consider the so-called nobility of Saladin as a politically constructed myth rather than a legend. For the East, it was a matter of sublimating their hero who won them Jerusalem fighting the Christian world. Whereas, for the West, it was sublimating their enemy with whom they ultimately accorded a peace treaty. It might be much comfortable for Christians to say that they were in peace with an enemy who was ‘good’ in a Christian meaning. Therefore, the West painted Saladin as a remarkably ‘good’ man (defined by the Christian doctrine). May be he was a better person than many others, but I doubt whether he was as good as the literary depictions.

        We have to accept that European civilisation, which was synonymous with Western civilisation at that era, borrowed (one may call robbed or stole) an enormous volume of knowledge from the East. Listen to Mehdi Hasan’s great speech at the Oxford Union which he begins reiterating your point regarding medieval European history:

        If the West wage war against Muslims as another Crusade, I believe it will not be lead by the Europeans as the major force. Because the West, as long as the military powers are concerned, is no longer represented and championed mainly by the Europeans. It is and will be an American mission supported by the Europeans (Internal politics of the US is currently not favourable for such an armed conflict). The next Crusade is not ‘impossible’ at all, and the Abrahamic religions are a serious threat to the future and peace of this world. Remember, all religions, including Buddhism, contain nonsensical notions. Religious faith is a highly infectious madness that is capable of conditioning people to give up reasoning for faith and to pretend as if they believe in what they really do not (believe).

        Thank you Pra Jay for discussing a very interesting topic. It is very rare to find people who are interested in topics of this nature. One reason for people lacking interest in topics of that ilk is the poor knowledge of history and allied subjects . I do not think English history is any more taught in Sri Lankan schools (but that is not an excuse). What can we talk about English history when Sri Lankan history itself is also not taught properly as a subject? (I am referring to history as an academic discipline per se).

        Bandula Kudalagama,
        Southampton.

        Like

  2. Dear Sir,

    With recent success of historical movies in Sinhala cinema, your story of Rev Budhdhagosha would be a stunner, if you could write a script and let someone make the movie.

    Imagine the plots you could make….

    Decline of Buddhism in India where the Vedic influence is growing and Pali language is being beaten by Sanskrit…. the politics behind that.. declining of some states and rise of others… Rev Rewatha taking a bold decision to send his best disciple to Sri Lanka to get the books translated…. and the brave man Budhdhagosha making the lions roar saying ” I was named as Budhdhagosha because Im having the deep resonance voice of Budhdha which traveled to the four corners of earth” ! (remember මම රාජ කුමාරයෙක් නෙවෙයි, ගමෙ කොල්ලෙක්!)

    And Rev Budhdhagosha coming to Sri Lanka braving the sea and meeting the higher echelons of Budhdha Sasana in Sri Lanka. Challenging them with the task he was entrusted by his teacher… the Sri Lankan prelates getting annoyed and angry… trying to brush off Budhdhagosha..and when it is not possible, giving him a task of writing atuwaas to “අන්තො ජටා බහි ජටා – ජටාය ජටිතා පජා” two verses, and Budhdhagosha passing the test with flying colours… making the prelates angry and winning them over by writing atuwas to more and more verses …..

    And then Budhdhagosha making a name for himself as a scholar and becoming trend setter and a highly sought after member in the learned circles…. and local prelates trying to copy the ways of Budhdhagosha etc…. my god…wonderful movie that would be!!!

    I do hope you would take my suggestion seriously and write an epic piece of script for Sinhala cinema sir!!!

    Liked by 2 people

    1. My dear worthy companion the Rt. Hon. Sarasa,

      Your draft screenplay is very good. Did you study screenplay-writing under the supervision of a master like Tissa Abeysekara?

      I have been getting many queries from our readership about your production which is to be completed by 2020. Many have asked when you will start the audition!!! I will channel them to your top-rank weblog, if you do not mind about the burdening number of aspiring actors and actresses visiting you!

      My dear Sarasa, this story is something that has serious matter for a film as we have discussed last month. Thank you for emphasising its importance. It should be your aesthetic personality that took you to a cinematic representation when you read this article a few weeks back.

      Bandula Kudalagama,
      Southampton.

      Like

  3. මේ බුද්ධඝෝෂ හිමි යනු , ප්‍රාඥයන් වහන්සේ සමග වාද කල සංජය බෙල්ලට්ටි පුත්‍ර ගේ නැවත උත්පත්තියක් යනුවෙන් කියවෙන්නේ සත්‍යක්ද ?

    Liked by 1 person

    1. The Read Us සබඳ,

      ඔබගේ පැනයට ස්තුතියි. නිත්‍ය පිළිතුරක් දීමට අපහසු පැනයකි. එවැනි භවභවාන්තර සම්බන්ධතාවක් විශ්වසනීය මූලාශ්‍ර පාදක ව තහවුරු කිරීම අපහසු ය. බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු සඳහන් වන මූලික ග්‍රන්ථවල එවැන්නක් සඳහන් බවක් සොයා ගන්නට නොහැකි ය. ධර්මකීර්තීන්ගේ චූලවංශ පෙළෙහි හෝ මහාමංගලයන්ගේ බුද්ධඝෝසුප්පත්ති පෙළෙහි හෝ එවැන්නක් නැති බව ඉතා පැහැදිලි ය. බී. සී. ලෝ ලියූ දීර්ඝ පෙළෙහි ද නැත. මම ඒවා යළි විමර්ශනය කළෙමි.

      අප බොහෝමයක් අතීත කතා විශ්වසනීය ව සලකන්නේ බුද්ධභාෂිත ව සඳහන් ව ඇති නිසා ය. බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටියේ ක්‍රිස්තු පූර්ව පහ-හය ශතවර්ෂවල ය. බුද්ධඝෝෂ හිමි ජීවත් වූයේ ක්‍රිස්තු වර්ෂ පස් වැනි ශත වර්ෂයේ ය. බුද්ධඝෝෂ හිමියන්ගේ පූර්ව භවයක සංජය බෙල්ලඨිපුත්ත වූයේ ය යන්න ඇතැම් විට බුරුම මූලාශ්‍ර ඔස්සේ පැමිණි අද්භූත කතාවක් විය හැකි ය. බුද්ධඝෝෂ හිමියන් ගයාවට නුදුරු ව ඉපදෙන්නට පෙර ඝෝෂ නමින් දිව්‍යලෝකයේ විසූ බව ද පැවසේ. එම කතාව මම එතරම් වැදගත් ලෙස නො සලකමි. එහෙත් ඒ බව අවම විශ්වසනීයත්වයක් ඇති මූලාශ්‍රවල හෝ සඳහන් ය. සංජය බෙල්ලට්ඨිපුත්ත සමඟ බුද්ධඝෝෂ හිමි සබැඳෙන කිසියම් පසු කාලීන මූලාශ්‍රයක් පිළිබඳ තොරතුරු දැන ගන්නට ලැබුණ හොත් ඔබට දන්වන්නෙමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. සමාවන්න කුදලාගම මැතිදුණි, බුද්ධරක්ඛිත යන නාමය මා කෙසේ හෝ බුද්ධඝෝෂ ලෙස මතකයේ තබා ගෙන ඇත. මා භික්ෂුන් වහන්සේ නමකගෙන් මේ පිළිබද අසා දැන ගත්තෙමි. සංජය බෙල්ලට්ඨිපුත්ත ලෙස පුනර්භවය ලබා ඇත්තේ කාලවර්ණ බුද්ධරක්ඛිත හිමි. අනුරාධපුරයේ එතුමා උපත ලබා පැවිදිව ප්‍රාඥයන් වහන්සේගේ ගුණ වයමින් බොහෝ වෙලා ධර්ම දේශනා කල බව කියවින. එතරම් කරුණක් මා නොදනී. ඔබ තුමා දන්නේ නම් පවසනු මැනවි.

        Liked by 1 person

      2. The Read Us සබඳ,

        ඔබ මෙහි පවසන පවත දැන් පැහැදිලි ය. ඔබ පවසන්නේ සද්ධාතිස්ස රාජ සමයේ අනුරාධපුර මිහින්තලයේ වැඩ විසූ කාල (කළු) බුද්ධරක්ඛිත හිමියන් පිළිබඳ විය යුතු ය. ගිහි කල කාල නම් වූ උන් වහන්සේ පැවිද්දෙන් බුද්ධරක්ඛිත නම් වූ අතර කාල වර්ණ ශරීරයක් තිබූ බැවින් කාල බුද්ධරක්ඛිත නම් වූ බව පැවසේ. නිග්‍රෝධ මහා රහතන් වහන්සේගේ උපදෙසින් කාල බුද්ධරක්ඛිත හිමියෝ මිහින්තලයට වැඩ එහි විසූහ. මිහින්තලා පුදබිම ඇසුරෙහි වැඩ හුන් මහා රහතන් වහන්සේලා අතර කාල බුද්ධරක්ඛිත හිමිට ඉතා ප්‍රකට ස්ථානයක් හිමි වේ. මිහින්තලයේ කළු දිය පොකුණ සමඟ බැඳි ඉතිහාසය කාල බුද්ධරක්ඛිත ශ්‍රී නාමය හොබවයි. විමලකිත්තීන්ගේ සද්ධර්මරත්නාකරය කාල බුද්ධරක්ඛිත හිමි මිහින්තලයට නුදුරු රාජගිරි ලෙනෙහි වැඩ විසූ බව ද කළුවර පෝය දිනෙක දී කළු දිය පොකුණ අසල වූ කළු තිඹිරි ගසක් මුල දී කාලකාරාම සූත්‍රය දේශනා කළ බව ද එම දේශනය ඇසීමට සද්ධාතිස්ස රජ පැමිණි බව ද පවසයි. ඒ බව තෙරුවන් මාලාහි ද මෙසේ පැවසේ:

        “කළු තිඹිරි සුතනෙක් එක් මං එමින් වාරෙ වන් කල් කළු තිඹිරි මුලස්නේ කාලකාරාම නම් සුත් කළු වර පොහොහී දෙස්නෙන් මේ ලක්දිව් පිදුම් ලත් කළු බුදු එ රකිත් නම් වූ තෙරුන් මම් වඳිම් නිත්.”

        කාල බුද්ධරක්ඛිත⁣ හිමියන්ගේ බුද්ධ කාලීන අතීත භවයක් පිළිබඳ කතා පුවතක් ජනප්‍රවාදගත යි; සාහිත්‍යගත යි. එහෙත් එම අතීත භවය සම්බන්‍ධ වන්නේ සංජය බෙලිලට්ඨිපුත්තට නො වේ. සංජය වූ කලී ෂට්ශාස්තෘවරුන්ගෙන් එක් අයෙකි. පරිබ්‍රාජික වූ සංජය බෙල්ලට්ඨිපුත්තයෝ අමරාවික්ඛේපවාදී වූහ. ඔවුහු කිසිදු ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරක් නො දුන්හ. සැරියුත්-මුගලන් හිමිවරුන්ගේ ගිහි කල ගුරුවරයා වූ සංජය පරිබ්‍රාජකයා වූ කලී ද සංජය බෙල්ලට්ඨිපුත්ත ම බව පිළිගැනේ.

        ඔබ විමසන කාල බුද්ධරක්ඛිත හිමියන් වූ කලී බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දී බුදුරජාණන් වහන්සේ සමඟ මහා වාදවිවාදවලට එළඹි සච්චක පඬිවරයා බව පැවසේ. සච්චක පඬිවරයා අස්සජි තෙරුන්ගේ මඟ පෙන්වීමෙන් බුදුන් වෙත එළඹ මහා වාදවිවාදවල යෙදුණේ ය. සච්චක බුදු දහමේ සරණ ගිය අයකු නො වූ අතර බුද්ධ කාලීන භාරතයේ බුදු දහම තරම් ම ප්‍රබල ආගමක් වූ ජෛන සමයේ ශාස්තෘ වූ මහාවීරයන්ගේ අනුගාමික⁣යෙකි. සච්චක පඬිවරයා සමඟ වාදයට කාලය වැය කිරීමට හේතු විමසන අයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරේ සච්චක මතු භවයක කාලබුද්ධරක්ඛිත නමින් ලක්දිව උපත ලබා තෙවළා දහම ඉගෙන, රහත් ව මාහැඟි ධර්මසේවයක් කරන්නේ ය යි පැවසුණු බව මහා සච්චක සූත්‍ර අට්ඨකතාවේ සඳහන් වේ:

        “අනාගතෙ වාසනත්‌ථාය. පස්‌සති හි භගවා, ‘‘ඉමස්‌ස ඉදානි උපනිස්‌සයො නත්‌ථි, මය්‌හං පන පරිනිබ්‌බානතො සමධිකානං ද්‌වින්‌නං වස්‌සසතානං අච්‌චයෙන තම්‌බපණ්‌ණිදීපෙ සාසනං පතිට්‌ඨහිස්‌සති. තත්‍රායං කුලඝරෙ නිබ්‌බත්‌තිත්‌වා සම්‌පත්‌තෙ කාලෙ පබ්‌බජිත්‌වා තීණි පිටකානි උග්‌ගහෙත්‌වා විපස්‌සනං වඩ්‌ඪෙත්‌වා සහ පටිසම්‌භිදාහි අරහත්‌තං පත්‌වා කාළබුද්‌ධරක්‌ඛිතො නාම මහාඛීණාසවො භවිස්‌සතී’’ති. ඉදං දිස්‌වා අනාගතෙ වාසනත්‌ථාය ධම්‌මං දෙසෙසි.”

        සද්ධර්මරත්නාකරය ආදී සම්භාව්‍ය ග්‍රන්ථවල සඳහන් මා පෙර පැවසූ කතාවලට මූලාශ්‍ර සපයන්නේ ද මහා සච්චක සූත්‍ර අට්ඨකතාවේ අවසානයේ ලිය වී ඇති ඉහත උපුටනය ඇතුලත් විස්තරය ය. බුද්ධඝෝෂ වර්ණනා ලිපියේ දී මා සඳහන් කළ පරිදි:

        “අට්ඨකතා අපට වැදගත් වන්නේ බුදු දහම විවරු කර ගැනීමට පමණක් නො වේ. එදවස ලාංකීය සමාජයේ දේශපාලනික-ආර්ථික-සාමාජීය තොරතොරු රැසක් අට්ඨකතාහි සඳහන් ය. වංසකතාහි සඳහන් නැති, පොදුජන ජීවිතයට අදාළ ඉතා වැදගත් තොරතුරු අට්ඨකතාහි සඳහන් ව තිබේ.”

        ඔබගේ පැනයට පිළිතුරු සපයන්නට ද දායක වූයේ අට්කතාවල ඉහත සදහන් ප්‍රයෝජන ය.

        සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකපාළියේ මහා යමක වර්ගයේ චූල සච්චක සූත්‍රයේ සහ මහා සච්චක සූත්‍රයේ එන සච්චක දමනය මනරම් විස්තරයකි. එය පසු කාලීන සම්භාව්‍ය ග්‍රන්ථ රාශියක ම වර්ණිත ය. විහාර සිත්තම් අතර ද සච්චක දමනය ද දැක ගත හැකි ය.

        The Read Us සබඳ ඔබගේ පැනයට ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණේ ය යි සිතමි.

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        Liked by 1 person

  4. ගරු බන්ධුල කුදලාගම වියතාණෙනි….., ඔබ බස සුරුවෙහි, මා තවම සුහුඹුලෙකි. ඔබ මට මහානර්ඝ අත් පොතකි. නිරන්තරයෙන් ඔබතුමන්ගේ ලිපි රසවිඳිමින් හදාරමී. යම් දිනෙක මගෙන් පසු පරපුරට ද මෙකි මිහිරැති බසක මහිම හඟිනුවස් ඉසිඹු ලද පමණින් ලියා තබමි. එකී මට මෙකී ඇගයුම අමිල උත්තෙජයකි. හදාරන්නට මහත් ඔබ අතින් ලියවේවා තවත්…

    Liked by 1 person

    1. බුද්ධිකා එරන්දි ජයසිංහ මැතිනියෙනි,

      ඔබගේ කාරුණික වදන් පෙළට මම මගේ ස්තුතිය පිළිගන්වමි. ඔබ දිරිමත් ව තව තවත් අගනා කව් මිණි මුතු ඔබගේ සහෘදයනට දායාද කරනු දැකීම මගේ අභිප්‍රාය ය.

      මෙම ලිපිය ආලෝචනයන් ලෙස ලිය වී සති කීපයක් ම ගත විණ. පළමු ව මා මෙය ලියුවේ ඔබගේ වියුණුවට ආලෝචනයක් ලෙස එක් කිරීමට ය. එහෙත් ඔබගේ වියුණුවේ නිර්නාමික ආලෝචන පළ කිරීමට වර නැති බව මා දැන ගත්තේ පසු ව ය. මා නිර්නාමික ආලෝචන පළ කිරීමේ පහසුකම ප්‍රවර්ධනය කරන පුද්ගලයකු වන නිසා මෙම ලිපිය මගේ සන්මිත්‍ර ගරු සරසතුමාට සහ අරුණ පෙරේරාණනට යවා නිහඬ වීමි. මෙම ලිපිය සාර්වජනික ක්ෂේත්‍රයේ පළ කළ යුතු බව නිර්දේශ කළෝ එම සුධීමත්හු ය. එනිසා මෙම ලිපිය මෙහි පළ කිරීමෙන් යම් යහපතක් සිදු වූයේ නම් එහි ගෞරවය ගරු සරසතුමාට ද අරුණ පෙරේරාණනට ද හිමි වන බව පවසමි.

      ඔබගේ කවිකම් ගුණ වරුණ සහෘද දනන් තුඩ තුඩ නිති රැව් පිළිරැව් දේවා!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය

      Like

  5. කුදලාගම මැතිදුණි,
    ඔබේ පිළිතුරට හා යෙදවූ කාලයට ස්තුති. බොහෝ දේ උගත හැකි වුනි. එත් සමගම ධර්මය හා ඉතිහාසය පිලිබද මගේ මතකය ගැන ලැජ්ජාවක් ද උපදින.

    Liked by 1 person

  6. “……. මම මහත් ආනන්‍දයට පත් වීමි”
    ආනන්‍දය වර්ධනය ඉතා හොඳය…!!!
    අරුණි ශපිරෝ මහත්මිය සම්බන්ධ බුද්ධඝෝෂ ව්‍යාපෘතියට ඔබගේ සම්බන්ධයක් නැතිද?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s