නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන්ගේ සමකය වටෙන් ගල්තැළුම්

නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන්ගේ සමකය වටේ වියුණුව නා නා විධ ක්‍ෂේත්‍රයනට අදාළ අගනා වියුණු සටහන් සමුච්චයකි. එම වියුණු සටහන් ශාස්ත්‍රීය ගවේෂණයන් කර, විටිනා කාලය ද ශ්‍රමය ද වැය කර පාඨකයා වෙත ඉදිරිපත් කර ඇති බව සුපැහැදිලි ය. සිව් මසකට පමණ පෙර ‘මන්ත්‍ර බලය මිත්‍යාවක් ද?‘ මැයෙන් සංවාදජනක ලිපියක් සමකය වටේ වියුණුවෙහි පළ කෙරිණ. ගල්තැළුම ලෙස සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී හැඳින්වෙන තත්ත්‍වය පිළිබඳ එම ලිපියෙන් සාකච්ඡා කෙරිණි. මම නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන්ගේ වියුණු සටහන පළ වූ සමයේ දී ම කියවූයෙමි; එසමඟ බැඳි විඩියෝව ද නැරඹීමි. මම එමැතිඳුන්ගේ වියුණු සටහන අගයමි. මතු පළ වන්නේ ගල්තැළුම ලෙස හැඳින්වෙන තත්ත්‍වය පිළිබඳ එදවස මා විසින් ලියවුණු ආලෝචනයක් පාදක කර සම්පාදිත ලිපියකි. 

Calluses සහ Corns

ශරීරයේ කිසියමි කොටසක් කිසියම් පෘෂ්ඨයක යළි යළි ගැටීම නිසා (ඝර්ෂණය කරණ කර)  එම ප්‍රදේශයේ සම අසාමාන්‍ය ව ගනකම් වී ඇති විට එය callosity නැත හොත් callus යන ඉංගිරිසි වදන්වලින් හැඳින් වේ. මෙය සුලබ ව සිදු වන්නේ පාදයේ යටිපතුලෙහි ය. Callus යන ඉංගිරිසි වචනය එලෙස පාදයේ යටිපතුලෙහි ඝර්ෂණයෙන් ඇති වන අසාමාන්‍ය ව ගනකම්I වූ සමට ව්‍යවහාර කිරීම සම්මතය ය. පාදයේ ඇඟිලි අතර ද ඇතැම් විට ඇඟිලි මත ද ඝර්ෂණය නිසා අසාමාන්‍ය ව ගනකම් වූ සමක් ඇති විය හැකි ය. පාදයේ ඇඟිලි අතර හෝ ඇඟිලි මත හෝ ඝර්ෂණය නිසා ඇති වන අසාමාන්‍ය ව ගනකම් වූ සම corn යනුවෙන් හැඳින්වේ. 

ව්‍යුහාත්මක ව සැලකූ කල calluses පුළුල් පාදමකින් යුක්ත ය; එනමුත් විහිදී ඇති සීමාව තියුණු ව සලකුණු වී නැත. ඇතැම් calluses පුළුල් ව විහිදී ඇති මුත් විශේෂිත කෙරටීන් මදයක් රහිත ය. ඒවා diffuse-shearing calluses ලෙස හැඳින්වේ. ඇතැම් calluses විශේෂිත කෙරටීන් මදයක් සහිත ය. ඒවා discrete-nucleated calluses ලෙස හැඳින්වේ. Discrete-nucleated calluses යම් තරමකට ව්‍යුහාත්මක ව corns වලට සමාන නිසා ඇතැම් විට ඒවා plantar corns ලෙස ද හැඳින්වේ. 

Corns  (heloma ලෙස ද හැඳින්වේ) පටු පාදමකින් යුක්ත ය; විහිදී ඇති සීමාව වඩා තියුණු ව සලකුණු වී ඇත. Corns කේතු හැඩැති කෙරටීන් මධ්‍යයකින් යුක්ත ය (corns ව්‍යුහාත්මක ව calluses වලින් වෙනස් වන්නේ මෙකී කේතු හැඩැති කෙරටීන් මධ්‍යය නිසා ය). ඇඟිලි අතර හට ගන්නා corns බොහෝ විට මෘදු ය. ඒවා soft corns (heloma molle) ලෙස හැඳින්වේ. ඇඟිලි මත හට ගන්නා corns බොහෝ විට දෘඪ ය. ඒවා hard corns (heloma durum) ලෙස හැඳින්වේ.

Callus සහ corns ඇති වීමේ යාන්ත්‍රණය ද ඒවා සඳහා ප්‍රතිකාරය ද බොහෝ දුරට එක සමාන ය. එනිසා මෙම ලිපියේ දී callus සහ corn එක් ව ගෙන සාකච්ඡා කෙරේ. Callosity/callus/corn යන වදන් පාදයයේ පමණක් නො ව ශරීරයේ වෙනත් ස්ථානවල පවා ඝර්ෂණයෙන් ඇති වන සමේ අසාමාන්‍ය ගනකම් වීම් සඳහා ද භාවිත කළ හැකි බව සිහි කරමි. 

නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන් තම අගනා ලිපියෙන් විමසන ගල්තැළුම සඳහා සුදුසු ඉංගිරිසි පදය callus/callosity යන්න ය (callosity යන්න පොදුවේ ද  callus යන්න විශේෂිත ව ද).1 ගල්තැළුම ලෙස හඳුන්වන්නේ වුව මේවා යටි පතුල ගල්වල ගැටීමෙන් ම ඇති විය යුතු නැත.  

Calluses සහ corns සඳහා ප්‍රතිකාරයට මා අනුයන බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගත් සම්මත ප්‍රතිකාර ක්‍රම කීපයකි. සම අසාමාන්‍ය ව ගනකම් වන මුල් අවස්ථාවේ දී ම එසේ වීමට හේතු වන තත්ත්වය වැළකෙන ලෙස පිළියම් යෙදීම සිදු කළ හැකි ය. Calluses සහ corns යන ඝර්ෂණයෙන් අසාමාන්‍ය ව ගනකම් වූ සමෙහි කෙරටින් නම් අජීවී ද්‍රව්‍ය බහුල ව අඩංගු ය. එම ප්‍රදේශ වියළි ය. එනිසා එම ප්‍රදේශ සජල (තෙත්) වන සේ ද මෘදු වන සේ ද විශේෂ ආලේපන යෙදීම කරන්නට සිදු වේ. එම ප්‍රදේශ ඝර්ෂණයෙන් ආරක්ෂා වන සේ විශේෂ පැලැස්තර යෙදීම, ඇඟිලි අතරට මෘදු ඇහුරුම් යෙදීම, ඇතැම් ඉරියව් වෙනස් කිරීම, පාවහන් නොපැලඳ දෘඪ පොළොවෙහි නිතර ඇවිදින අය පාවහන් පැලඳීමට යොමුවීම, දෘඪ පාවහන්/සපත්තු වෙනස් කිරීම වැනි ක්‍රම අනෙකුත් පිළියම් ය. 

සැලකිය යුතු තරම් ගනකම් ව වැඩුණු calluses සහ corns ඉවත් කරන්නට සිදු වේ. මේ සඳහා,

1. කිසියම් විශේෂිත රසායන ද්‍රව්‍යයක් භාවිත කර calluses සහ corns මෘදු වී ඉවත් වන්නට සැලැස්වීම හෝ 

2. ඒවායේ ගනකම් වූ සම යම් පමණකට කපා ඉවත් කිරීම හෝ 

කළ හැකි ය.

පළමු ක්‍රමයට calluses සහ corns ඉවත් කිරීමේ දී සුලබ ව භාවිත වන්නේ කිසියම් සාන්ද්‍රණ පරාසයක පවතින සැලිසිලික් අම්ලය ය. එම අම්ලය අඩංගු පැලැස්තර (plasters) අදාළ ස්ථානයෙහි ඇලවීම සහ නිශ්චිත දින ගණනකට පසු ගලවා දැමීම පහසු ක්‍රමයකි. එලෙස ම සැලිසිලික් අම්ලය ද්‍රවයක් ලෙස හෝ ආලේපයක් ලෙස හෝ අදාළ ප්‍රදේශයේ තැවරීම සාර්ථක ක්‍රමයකි. නමුත් සැලිසිලික් අම්ලය භාවිතයේ දී පරීක්‍ෂාකාරී විය යුතු ය. එය අසාමාන්‍ය ව ගනකම් වූ සමට පමණ යෙදිය යුතු ය. සාමාන්‍ය සමෙහි සැලිසිලික් අම්ලය තැවරීමෙන් තුවාල ඇති විය හැකි ය. විශේෂයෙන් ම දියවැඩියාව, පාදයේ සංවේදනය අඩු වීමේ වැනි ආබාධ ඇති අය සැලිසිලික් අම්ල ප්‍රතිකාරය සඳහා යොමු වීමේ දී සැලකිලිමත් විය යුතු ය. 

දෙවන ක්‍රමයට calluses සහ corns ඉවත් කිරීමේ දී ගනකම් සම යම් පමණකට කපා ඉවත් කෙරේ. මෙය එසඳහා ක්‍රමවත් පුහුණුවක් ලද අයකු විසින් කරනු ලැබ යුතු ය. එය මහා සංකීර්ණ ශල්‍ය කර්මයක් නො වේ. ගනකම් සම බොහෝ විට අජීවී කොටස්වලින් සමන්විත නිසා එම කොටස් දැඩි වේදනාවකින් තොර ව ඉවත් කළ හැකි ය. ගැටලු මතුවන්නේ නොනිසි තරම් ගැඹුරට ගනකම් සම කපා ඉවත් කිරීමට යාමේ දී ය.

නොනිසි ක්‍රම මඟින් ප්‍රතිකාර කිරීමෙන් තුවාල ඇති වීම, විෂබීජ ඇතුළු වී ආසාධන ඇති වීම ආදී සංකූලතා ඇති විය හැකි ය. 

කවර ක්‍රමයකින් ප්‍රතිකාර කළ ද calluses සහ corns යළිදු ඇති විය හැකි ය. ඒ ඇයි? calluses සහ corns නම් වන අසාමාන්‍ය ලෙස ගනකම් වූ සම ඇති වන්නේ අදාළ ප්‍රදේශයේ සම කිසියම් පෘෂ්ඨයක යළි යළි ගැටීම නිසා (ඝර්ෂණය කරණ කර) බව පෙර පැවසිණි. Calluses සහ corns යනු ඝර්ෂණයේ සහ පීඩනයේ භෞතික හානියට එරෙහි ව ශරීරයෙන් ඇති වන යම් ආකාරයක ස්වාරක්‍ෂණ යාන්ත්‍රණයක් බව අප අමතක කළ යුතු නැත. නිබඳ ව ඝර්ෂණයට ලක් වන ප්‍රදේශයක සම ගනකම් නොවන්නේ නම් එම ප්‍රදේශය ඝර්ෂණය නිසා තුවාල වන්නට නියමිත ය. එසේ නම් කිසියම් පුද්ගලයකුට calluses සහ corns ඇති වීමට හේතු වන කරුණු හඳුනා ගෙන ඒවා වළක්වා ගැනීමෙන් තොර ව calluses සහ corns යළි යළිත් ඇති වීම වළක්වා ගන්නට නොහැකි ය. කිසියම් රෝගියකු calluses සහ corns යළි යළි ඇති වන්නේ ය යි පවසන්නේ නම් වෛද්‍ය වෘත්තිකයා කළ යුතු වන්නේ එයට හේතු වන කාරණ සොයා බලා නිසි පිළියම් යෙදීමට රෝගියා යොමු කරවීම ය. එසේ නැත හොත් රෝගීන් විස්මිත ප්‍රතිකාර ක්‍රම සොයා යන්නට ඉඩ ඇත. 

යක්කල ආයුර්වේද (ශික්‍ෂණ) රෝහලේ සායනයකින් කිසියම් සංයෝගයක් රත් කර ගල්තැළුම්වල ආලේප කරන්නට දෙන බව මගේ හිතවතෙක් කලකට පෙර මට පැවසුවේ ය. එම සංයෝගයේ රසායනික සංයුතිය මම නො දනිමි. එහෙත් එම සංයෝගය නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන්ගේ ගවේෂණාත්මක වියුණු  සටහනෙහි සඳහන් ආකාරයේ ගුප්ත කර්ම සමඟ සම්බන්‍ධ බවක් මට දැන ගන්නට නො ලැබිණි. 

පාදයේ ඇති වන ඉහත තත්ත්‍වයන් ගල්තැළුම් ය යි ඔබට සිතේ ද? ඔබේ පිළිතුර නිවැරදි ද යන්න මෙතැනින් විමසන්න…

මෙම ලිපිය අවසන් කිරීමට පෙර සඳහන් කළ යුතු ම කරුණක් තිබේ. වෛද්‍ය විද්‍යාවේ දී කවර ප්‍රතිකර්මයක් වුව සිදු කරනු ලබන්නේ රෝග නිර්ණයකට (නිශ්චිත හෝ අනුමාන හෝ) අනුකූල ව ය. එය සායනික ඉතිහාසයය, රෝගී පරීක්‍ෂාව සහ අවශ්‍ය විට පරීක්‍ෂණ විමසා බලා කළ යුතු කාර්යයකි. එසඳහා නිසි පුහුණුවක් අවශ්‍ය ය. ගල්තැළුමක් ලෙස ඔබට හැඟෙන දෙය එයට වඩා වෙනස්, ඇතැම් විට බැරෑරැම් රෝග තත්ත්‍වයක් විය හැකි ය. එනිසා ඔබගේ රෝග තත්ත්‍වය කුමක් ද යන්න වෛද්‍ය වෘත්තිකයකු ලවා පරීක්‍ෂා කර ගැනීමෙන් තොර ව ඔබට සිතෙන රෝග නිර්ණයන් මත අන්තර්ජාලයේ පළ වන ප්‍රතිකාර සිදු කර ගැනීම කිසිදු රෝග තත්ත්වයක් සඳහා මම අනුමත නො කරමි (අන්තර්ජාලය ඔස්සේ හිතුමතයට රෝග නිර්ණයන් සිදු කර ප්‍රතිකාර නිර්දේශ කිරීමේ භයානක ප්‍රවණතාවක් ලංකාවේ පවතින බව මගේ සන්මිත්‍ර, කීර්තිමත් දන්ත ශල්‍ය වෛද්‍ය ආචාර්ය කුමාර කළුආරච්චි සූරීන් කලකට පෙර පැවසුවේ ය). 

දෙපා යනු මුහුණ සේ උවමනාවෙන් රැක ගත යුතු ශරීරාංගයකි. ඒ සා වැදගත් දෙපා පිළිබඳ සංවාදජනක මාතෘකාවක් අලළා අගනා වියුණු සටහනක් පළ කළ සමකය වටේ වියුණුවේ හිමිකාර නලීන් දිල්රුක්‍ෂ මැතිඳුනට මගේ ප්‍රණාම ය.

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය. 

 

1 ආදිඇමරිකානු ශබ්දකෝෂය වන වෙබ්ස්ටරයන්ගේ ශබ්දකෝෂය උපුටා දක්වන මගේ හිතවත් සුවියත් ප්‍රදීප් අර්ජුන ජයතුංග නීතිඥතුමන් ගල්තැළුම යන සිංහල සමාසයට stone bruise යන ඇමෙරිකානු යෙදුම යෝජනා කර තිබෙනු මම දුටුවෙමි. පදානුගත පෙරළුමක් ලෙස එය නිවැරදි ය; සම්මත ය. එහෙත් ගල්තැළුම ලෙස සිංහලයෙන් විග්‍රහ කෙරෙන තත්ත්‍වය ඉංගිරිසියෙන් stone bruise ලෙස විග්‍රහ කෙරෙන තත්ත්‍වයට වඩා වෙනස් ය.

‘Stone Bruise’ සහ පාදයේ අස්ථි කාණ්ඩ

Bruise (contusion, තැළුම) යනු ශරීරයේ යම් කොටසක් මොට වස්තුවක ගැටීම නිසා මෘදු පටකවලට සිදු වන හානියකි. එහි දී පටක අතර ඇති කුඩා රුධිරනාළිකා බිඳී සමට යටින් පටකවලට රුධිරය වහනය වේ; එහෙත් සමේ අඛණ්ඩත්වයට හානි නො වේ. Stone bruise ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැඳින්වෙන්නේ තාක්‍ෂණික ව metatarsalgia ලෙස හැදින්වෙන තත්ත්‍වය යි (වඩා නිවැරදි ව පවසන්නේ නම් රෝග ලක්‍ෂණය යි). එනම් පාදයේ පූර්ව කොටසේ වේදනාව සහ ප්‍රදාහයට අයත් අනෙකුත් ලක්‍ෂණ (රක්තවර්ණ වීම, උණුසුම් වීම, ඉදිමුම, කාර්යහීන වීම) හට ගැනීම ය. විශේෂිත කර පවසන්නේ නම් පාදයේ කූර්චය/කූර්චාස්ථි (tarsus) සහ ඇඟිලි අතර ඇති දිගු සිහින් අස්ථි හෙවත් පාදකූර්චෝපරිය/පරිකූර්චාස්ථි (metatarsus) ආශ්‍රිත ප්‍රදේශයේ විවිධ හේතු නිසා හට ගන්නා වේදනාව සහ ප්‍රදාහය යි. එම තත්ත්‍වය ඇති වන සුලබ ම ස්ථානය පාදයේ ගුළාව (the ball of the foot) ය (රූපසටහන බලන්න). Metatarsalgia යන්නට stone bruise ය යි ව්‍යවහාර කරනු ලැබු ව ද ගල්වලට තැළීම සමඟ එම තත්ත්‍වයේ ද අනිවාර්ය සම්බන්‍ධයක් නැත. 

Stone bruise සඳහා ප්‍රතිකාරය වන්නේ අදාළ ප්‍රදේශයට විවේකය, අයිස් කැට දැමූ පැකට්ටුවක් ආරම්භයේ දී අදාළ ප්‍රදේශයේ තැබීම, අදාළ පුදේශයට පීඩන වෙළුම්පටි යෙදීම, අදාළ ප්‍රදේශය ඉහළට එසවෙන ලෙස පාදය තබා සිටීම, නිසි කල ක්‍රමික ව්‍යායාම සහ ප්‍රතිප්‍රදාහීය වේදනානාශක නිසි ලෙස භාවිතය ය. සුවිශේෂී හේතු නිසා හට ගන්නා stone bruise/metatarsalgia සඳහා ආදාළ හේතුව අලළා කෙරෙන වෙනත් ප්‍රතිකාර පවතී. Stone bruise හෙවත් metatarsalgia යනු පාදයේ අදාළ ප්‍රදේශයේ ගනකම් සමක් හට ගැනීම නො වේ. සිංහලයෙන් ගල්තැළුම ලෙස වෙසෙසෙන තත්ත්‍වය ලිපියෙහි සඳහන් ආකාරයේ කුමක් හෝ හේතුවක් නිසා පාදයේ ගනකම් සමක් සහිත ප්‍රදේශයක් හට ගැනීම ය.

සිංහලයෙන් ගල්තැළුම ලෙස හැඳින්වෙන තත්ත්‍වය සඳහා යෝජිත/නිර්දේශිත ප්‍රතිකාර සලකා බලන කල එබව ස්ඵුට වේ. ගල්තැළුම සඳහා කෙරෙන (අදාළ ලිපියේ සහ වෙනත් දේශීය මූලාශ්‍රවල සඳහන්) ප්‍රතිකාර stone bruise/metatarsalgia සඳහා භාවිත කළ හොත් මහක් ව්‍යසනයක් සිදුවනු ඇත. සත්‍ය වශයෙන් ම ගල්තැළුම ලෙස සලකා ප්‍රතිකාර කරනු ලබන්නේ callosities/calluses සහ corns සඳහා ය. Stone bruise/metatarsalgia සහිත ප්‍රදේශයක් යළි යළි කාලයක් පීඩනයට සහ ඝර්ෂණයට නිරාවරණය වීමෙන් එම ප්‍රදේශයේ callus හට ගන්නට හැකි බව ද පවසනු රිසියෙමි.

Stone bruise යන්න පාදයේ පූර්ව කොටසේ පමණක් නො ව අපර කොටසේ වේදනාව සහ ප්‍රදාහයට සම්බන්‍ධ තත්ත්‍ව සඳහා ද ඇතැමකු විසින් ඇතැම් තැන යෙදේ. එනිසා stone bruise සංදිග්ධාර්ථ සහිත ව්‍යාකූල යෙදුමක් බවට පත් ව ඇත. එනිසා සම්මත වෛද්‍ය විද්‍යා ලේඛනවල ද සෞඛ්‍ය අධ්‍යාපන ලේඛනවල ද stone bruise යන වදන විරල ය. 

Advertisements

6 thoughts on “නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන්ගේ සමකය වටෙන් ගල්තැළුම්

  1. අත්ලේ ඇතිවෙන කරගැට calluses ඉවත් කිරීමට සිදුවෙන අවස්ථා තිබෙනවාද? මොන හේතු නිසාද? උදා. රිය පැදවීම (විශේෂයින්ම වැඩියෙන් තනි අතින්) නිසා කර ගැට ඇති වෙනවා. ටික දවසක් රිය නොපැදවීමෙන් ඒවා අඩු හෝ නැති වෙනවා. එසේ නොවී ඒවා දිගටම පැවතී ඉවත් කිරීමට සිදුවන තරම් ප්‍රශ්නයක් වෙන අවස්ථා තියනවාද?

    Stone bruises ගොරෝසු /ඝන බවට පත් වෙන්නේ නැද්ද?

    //සිංහලයෙන් ගල්තැළුම ලෙස වෙසෙසෙන තත්ත්‍වය කුමක් හෝ හේතුවක් නිසා පාදයේ ගනකම් සමක් සහිත ප්‍රදේශයක් හට ගැනීම ය.//
    මා සිතා සිටියේ වෙන දෙයක්. මා සිතුවේ ගල් තැලුම් කියන්නේ තැල්මක් හෝ bruise නිසා ඇතුලෙන් ලේ වහනයවී ලේ කැටි ගැසීම නිසා වන ගනකම් තැනක් කියා. හුදෙක් ඝර්ෂණය නිසා සම ගනකම් වී එන calluses වලටත් ගල් තැලුම් කියන බව මා දැන සිටියේ නෑ.
    සැමදාම වගේ ඉතා විශ්ලේෂණාත්මක, විස්තර සහිත මෙන්ම වන ඔබේ ලිපිය ගැන මගේ ස්තුතිය.

    Liked by 1 person

    1. Correction – ………ඉතා විශ්ලේෂණාත්මක, විස්තර සහිත මෙන්ම to the point වන ඔබේ ලිපිය ……..

      P.S. What exactly would the correct Sinhala term be for “to the point”?

      Liked by 1 person

      1. There is no single term standardised or universally accepted. The phrase ‘to the point’ means ‘relevant to or pertinent to the discourse (e.g. the question, the topic, the logic, the thesis, the theme)’. I prefer a Sinhala term considering the meaning of the whole phrase to a word-by-word (mechanical) translation. Depending on the context of the writing and the construction of the sentence, I may use one of the following.

        ප්‍රස්තුත/ප්‍රස්තුතබද්ධ
        යථාප්‍රස්තුත
        ප්‍රකරණීය
        ප්‍රස්තාවික/ප්‍රස්තාවබද්ධ/ප්‍රස්තාවානුකූල
        සාංප්‍රත

        තැන්වැසි
        කාරණානුකූල
        කතිකානුකූල
        අදාළ
        නිසි

        Bandula Kudalagama,
        Southampton.

        Like

    2. මා හිතවත් ප්‍රා ජේ,

      ඔබතුමාගේ ආලෝචනයට ස්තුතියි! ඔබතුමාගේ අවබෝධය පහසු වීමට ද මගේ විග්‍රහය පහසු වීමට ද මම මෙසේ ඔබතුමාට පිළිතුරු සපයන්නට රිසියෙමි:

      1. The principle behind the treatment modalities for calluses/corns, anywhere, is to relieve discomfort and to prevent repeated pressure and friction that causes them. Abnormally thickened skin of calluses/corns is dead tissue, and it usually peels off with natural turnover of the skin. The skin has a rapid cell turnover so that the abnormally thickened areas of the skin, known as calluses/corns, peel off faster than we think, provided with the repeated pressure and friction is prevented. For most calluses/corns, the initial and conservative management described in the article works well. When we say removing a callus/corn, we refer to paring (cutting off the outer skin of the callus/corn) or shaving (cutting a thin slice from the surface of the callus/corn). We do not cut off the entire thickness of the callus/corn, which is not a recommended intervention at all. That was what I meant by ‘දෙවන ක්‍රමයට calluses සහ corns ඉවත් කිරීමේ දී ගනකම් සම යම් පමණකට කපා ඉවත් කෙරේ.’ To reflect that limit in the removal, I shall amend, respecting your question, the second treatment option from ‘2. ඒවා කපා ඉවත් කිරීම හෝ’ to ‘ඒවායේ ගනකම් වූ සම යම් පමණකට කපා ඉවත් කිරීම හෝ’. The purpose of paring/shaving the callus/corn is to relieve the pain since the tension within the thickened skin of the callus/corn exerts pressure on the underlying nerves and causes pain.

      Now, may I answer your specific questions. It is very rarely the calluses/corns on the palm necessitate their removal. If the pain and discomfort due to the callus/corn do not relieve with the initial and conservative treatments, or the callus/corn significantly disturbs the functionality of the hand, we may consider the removal. If the callus/corn is ulcerated and infected, we may also consider removing the damaged tissue (debridement).

      Your case shall not make an indication to remove a callus/corn provided with you take measures to eliminate the cause, which you have already identified so cleverly. I think you are supposed neither to have a tight grip on the steering wheel nor to drive using a single hand most of the time, especially in this era of advanced automobile technology! If driving has become a callus-forming task when your driving technique is still fair, I suspect something wrong in the steering system of your vehicle!!! My dear Pra Jay, I am not professionally qualified to comment on the diseases of vehicles (please consult Mr Alawatte).

      2. The skin overlying a stone bruise can become abnormally thickened. I mentioned: ‘Stone bruise/metatarsalgia සහිත ප්‍රදේශයක් යළි යළි කාලයක් පීඩනයට සහ ඝර්ෂණයට නිරාවරණය වීමෙන් එම ප්‍රදේශයේ callus හට ගන්නට හැකි බව ද පවසනු රිසියෙමි.’ The ball of the foot is the predominant site for the (stone or whatever) bruises. The reason is that the ball of the foot bears a lot of pressure as it contacts the ground. It is normal for the skin of the area to be anyhow thickened to withstand such pressure. If the skin becomes abnormally thickened, there should be a reason (discussed in the article) for that. A (stone or whatever) bruise per se will not form a callus/corn. If a patient develops a callus/corn at the site of a stone bruise, the reason for it should be sought and appropriately attended. There may be a common cause predisposing the patient for both bruises and calluses/corns at the site.

      3. I did not mean to say that ‘stone bruise’ is wrong. I agreed that it is an appropriate term for the literary meaning of ‘ගල්තැළුම’. Bruises and calluses/corns are pathologically and therapeutically two different entities. A Bruise (contusion) is a soft tissue damage due to blunt trauma without breaking the skin integrity, which results in small blood vessel damage and bleeding into tissue. Whereas, a callus/corn is an abnormal thickening of the skin due to repeated exposure to pressure and friction.

      Your description of what you refer to as ‘stone bruise’ is compatible with the medical entity of bruise. However, if we seriously research into the local description of this so-called ගල්තැළුම, we shall realise almost all the time it fits the medical description of a callosity/callus/corn rather than that of a bruise. The relationship becomes clearer when we consider the treatment options for the two conditions. A bruise heals with the reabsorption of the extravasated blood and the settling of the inflammation, usually in about two weeks. I have discussed the supportive treatment of a bruise in the footnote and the treatment of a callus/corn in the article. If we research into the treatment options of the so-called ගල්තැළුම, we shall realise it is comparable to that of a callosity/callus/corn rather than that of a bruise.

      In fact, the entity that we refer to as callosity/callus/corn in medical parlance is the best description of what is known as ගල්තැළුම in common parlance.

      How about the usage of the term stone bruise in English? It has long been another ambiguity. The stone bruise is a colloquial term commonly used to describe forefoot pain (metatarsalgia). However, it has been used to describe various entities in common parlance, and it has become too vague and too colloquial. Although some podiatrists may still use ‘stone bruise’ as an umbrella term, it is more or less deprecated in medical parlance.

      When communicating in English, I would suggest that we use the appropriate descriptive term for the condition/presentation to which we refer. For instance, if we refer to the abnormal thickening of the skin due to repeated pressure/friction, use the accepted term callosity/callus/corn; to forefoot pain, metatarsalgia (or just forefoot pain); to tissue damage with bleeding into tissue but no skin breach, bruise (or contusion). They are simple words. They are not as troublesome as the medical term Pneumono­ultra­microscopic­silico­volcanoconiosis (one word) or the non-medical term floccinaucinihilipilification (one word)!

      Thank you, Pra Jay, for your interest in these topics.

      Bandula Kudalagama,
      Southampton.

      Like

      1. Pneumono­ultra­microscopic­silico­volcanoconiosis or floccinaucinihilipilification !!!

        I’d love to use these terms in casual conversation. 😀
        However, since pronunciation would be beyond me, it will have to be in correspondence, and that too only with YOU !

        Liked by 1 person

      2. Dear Pra Jay,

        It is a pleasure to read from you. I was wondering what happened to our email correspondence since my last email, which I had sent before I got admitted to hospital. My emails to you have been rebounding since then. Neither have I received an email from you recently, which, of course, is an obvious indication of something wrong. Something has gone wrong in the verification of your IP address. There is probably a change in your IP address. Do not worry about it. Just send a test email to publicsphere.editors@rocketmail.org, so your IP address can be verified and included in the trusted list again.

        Floccinaucinihilipilification is a stamped word of Etonians. It has been the longest word ever mentioned in the Hansard of the House of Commons. The man who famously used it, Jacob Rees-Mogg, himself is an Old Etonian and also an Oxonian (and who is likely to be a future leader of the Conservative Party, effectively a future prime minister of the UK). Listen to his charmingly commanding Received Pronunciation (a cockney would never speak like this):

        Bandula Kudalagama

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s