අඤ්ජනවණ්ණ සුනීල සුකේසධාතු බුදුරදුන්ගෙන් ලද තපුස්ස සහ භල්ලික පඨමෝපාසකයෝ

මගේ සුමිතුරු සුභාෂික සුවියත් මයුරවිලයෝ මගේ භාවභාවාන්තර සන්මිත්‍ර සරසතුමන්ගේ මල්ලේ පොල් බහුපාඨකාර්ෂණීය වියුණුවෙහි දී මුණගැසුණෝ සම්බුද්ධ ශාසනයේ ප්‍රථමෝපාසකයන් වූ උක්කලාවෙහි තපස්සු සහ භල්ලුක වෙළෙඳ දෙබෑයන් පිළිබඳ සංලාප වූවෝ ය. ප්‍රථමෝපාසකයනට මෙදවස ඇතමකු ‘අවජාතක අපනාම’ පටබැඳීමක් පිළිබඳ මයුරවිලයෝ කම්පිත මනසින් ද ඛණ්ඩිත හදින් ද යුක්ත වූහ. මතු පළ වන්නේ තපස්සු-භල්ලුක පවත පිළිබඳ සම්භාව්‍ය මූලාශ්‍ර සහිත විමසුමකි. … More අඤ්ජනවණ්ණ සුනීල සුකේසධාතු බුදුරදුන්ගෙන් ලද තපුස්ස සහ භල්ලික පඨමෝපාසකයෝ

ඉන්දියානු ව්‍යාප්තවාදය සමඟ ශන් සම්බන්‍ධකරවීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් බලයට පත් වන්නට පෙර පැවති සංචාරක ව්‍යාපාරිකයන්ගේ හමුවක දී කිසියම් ව්‍යාපාරිකයෙක් නැඟී සිට වික්‍රමසිංහයන්ගෙන් පැනයක් විමසුවේ ය. ඒ මෛත්‍රීපාලයන් ජනාධිපති වූ පසු වික්‍රමසිංහයන්ගේ ආණ්ඩුවකින් වරාය නගර ව්‍යාපෘතිය නතර කරන්නේ ද නැත හොත් ක්‍රියාත්මක කරන්නේ ද යන ප්‍රශ්නය ය. තමා බලයට පත් වූ පසු වරාය නගරය ව්‍යාපෘතිය නවතා දමන බව වික්‍රමසිංහයෝ හිස වනා, ගම්භීර අභින පා, තිරසර ව පැවසූහ. බලයට පත් … More ඉන්දියානු ව්‍යාප්තවාදය සමඟ ශන් සම්බන්‍ධකරවීම

නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන්ගේ සමකය වටෙන් ගල්තැළුම්

නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන්ගේ සමකය වටේ වියුණුව නා නා විධ ක්‍ෂේත්‍රයනට අදාළ අගනා වියුණු සටහන් සමුච්චයකි. එම වියුණු සටහන් ශාස්ත්‍රීය ගවේෂණයන් කර, විටිනා කාලය ද ශ්‍රමය ද වැය කර පාඨකයා වෙත ඉදිරිපත් කර ඇති බව සුපැහැදිලි ය. සිව් මසකට පමණ පෙර ‘මන්ත්‍ර බලය මිත්‍යාවක් ද?‘ මැයෙන් සංවාදජනක ලිපියක් සමකය වටේ වියුණුවෙහි පළ කෙරිණ. ගල්තැළුම ලෙස සාමාන්‍ය ව්‍යවහාරයෙහි … More නලීන් දිල්රුක්‍ෂ මැතිඳුන්ගේ සමකය වටෙන් ගල්තැළුම්

වෘෂණ

මා සන්මිත්‍ර විද්වත් මයුරවිලයෝ මාස කීපයකට පෙර වෛද්‍ය කුමාර කළුආරච්චි සුධීමතුන් හෙවත් අතිගරු සරසතුමාගේ ජනීජනසම්මානිත මල්ලේ පොල් වියුණුවෙහි දී හමුවූවෝ වෘෂණ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැනයක් විමසූහ. සිංහල වියුණු ලොව බහුශ්‍රැත බහුපඨිත වෛද්‍ය විද්‍යා (අති)පණ්ඩිතයන් සුලබ යුගයක අපගේ සන්මිත්‍ර සරසතුමා ද මම ද වෛද්‍ය විද්‍යාව පිළිබඳ අදහස් දක්වන්නට රිසි නො වෙමු. (අති)පණ්ඩිතයනට කරුණු පහදා දීම නිෂ්ඵල ව්‍යායාමයකි. ඒ … More වෘෂණ

Hallucinogenic Plants Used in Religious or Mystical Rituals (Entheogens)

Our learned reader Pradeep A Jayatunge asked a question about the use of hallucinogenic plants in religious or mystical rituals. He had asked his probing question, he always asks such, before our temporary dormancy from May to August. Here we answer and discuss Pradeep A Jayatunge’s question as the first article on our resumption. We … More Hallucinogenic Plants Used in Religious or Mystical Rituals (Entheogens)

ස්ථාපිත අධ්‍යාපනය (Formal Education) හෙලා දකින හෙල සමාජ ජාලා මෙහෙයවන්නෝ

  මෙම ලිපිය සාර්වජනික ක්ෂේත්‍රයේ පළ කෙරෙන සිය වැනි ලිපිය ය. සාර්වජනික ක්ෂේත්‍රයේ සිය වැනි ලිපිය ලියන්නට අපි සුවිශේෂි වියතකුට ආරාධනා කළෙමු. එතුමෝ මින් පෙර ද සාර්වජනික ක්ෂේත්‍රයට ලිපියක් ලියා එවූහ. එය සාර්වජනික ක්ෂේත්‍රය සඳහා ම පාඨකයකු විසින් ලියා එවන ලද පළමු වැනි ලිපිය බවට පත් විණ. එතුමෝ සාර්වජනික ක්ෂේත්‍රයේ ගරු උපදේශක ධුරයෙන් ද පසුගිය දා පිදුම් … More ස්ථාපිත අධ්‍යාපනය (Formal Education) හෙලා දකින හෙල සමාජ ජාලා මෙහෙයවන්නෝ

ආචාර්ය කුමාර කළුආරච්චි නම් සොඳුරු ශාස්ත්‍රවන්තයා සමඟ වර්ෂයක්

“මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මැ පැවැති  බිතු සිතුවම් රූ මෙන් පිටු නො පාවිති“ – ශාරිකාව   වමේ පැරණි හිතවතකුට එරෙහි ව ඔහුගේ ප්‍රතිවාදීන් විසින් අශ්ලීල ආලෝචනයක් ඔහුගේ වියුණුවේ පළ කරනු ලැබීම පිළිබඳ සංවාදයක් අදට වර්ෂයකට පෙර ඇති විණ. මම එම පැරණි හිතවතා වෙනුවෙන් දීර්ඝ ආලෝචනයක් ලියා ඔහුගේ වියුණුවේ පළ කළෙමි. සන්‍ධ්‍යාමානයේ දී එම වියුණුව … More ආචාර්ය කුමාර කළුආරච්චි නම් සොඳුරු ශාස්ත්‍රවන්තයා සමඟ වර්ෂයක්

කෙටි විරාමයකට පසු යළි සාර්වජනික ක්ෂේත්‍රය

පසුගිය දින හැත්තෑ දෙක තුළ සාර්වජනික ක්ෂේත්‍රයේ ලිපියක් පළ වූයේ නැත. ඒ කෙටි විරාමයට හේතුව අපගේ සමීප හිතවත් පාඨකයෝ දනිති. සාර්වජනික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ අපගේ ගුරු බන්‍ධුල කුදලාගමයන් දැඩි ලෙස ගිලන් වීම එම කෙටි විරාමයට හේතුව ය. සංස්කාරක මණ්ඩලය ලෙස අප මැයි මාසයට මාස කීපයකට පෙර සිට ම සාර්වජනික ක්ෂේත්‍රයේ ලිපි පළ කරමින් කටයුතු … More කෙටි විරාමයකට පසු යළි සාර්වජනික ක්ෂේත්‍රය

ත්‍රෛලෝක්‍යවිජයා, විජයා, අජයා, ජයා ද මාතුලී, මාතුලානී, මාදිනී, හර්ෂණී ද සමඟ හංසනී බණ්ඩාරගේ ගංජා කවිය

ත්‍රෛලෝක්‍යවිජයා, ශණ, කටුතික්තක, මාල්‍යපුෂ්ප, වීරපත්‍රා, භංගා, භංග, සංවිදා, මූර්වා, දීර්ඝපල්ලව, වමන, නිශාවන, ඉන්‍ද්‍රාශන, ගජාශනා, ආනන්‍දා, විජයා, අජයා, ජයා, මාදිනී, මාතුලී, මාතුලානී, මත්කුණාරී, හර්ෂිණී, සුවර්චලා යන නම්වලින් හැඳින්වෙන ශාකයක් පිළිබඳ සංස්කෘතයෙහි සඳහන් ය. එම ශාකයේ විවිධ කොටස් හැඳින්වීමට ශක්‍රාශනනිර්යාස (ලාටු), භංගාකට (රේණු), ගෘඤ්ජන (අග්‍ර) ආදී නම් ද සංස්කෘතයෙහි ව්‍යහාර වේ. එම ශාකයෙන් නිපදවා ගන්නා චපල නම් … More ත්‍රෛලෝක්‍යවිජයා, විජයා, අජයා, ජයා ද මාතුලී, මාතුලානී, මාදිනී, හර්ෂණී ද සමඟ හංසනී බණ්ඩාරගේ ගංජා කවිය

සායනික වෛද්‍ය විද්‍යාව, හිසේ කැක්කුම්, රාජ්‍ය වෛද්‍ය සේවය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ කතිකාවක් – The Read Us සමඟ

මෑත කාලයේ දී මා ඉතා උනන්දුවෙන් කියවන අගනා වියුණුවක් වන “දැනගන්න කියවන්න – කියවන්න දැනගන්න” යන ඇරයුම් පාඨයෙන් යුත් The Read Us වියුණුවේ හිසේ කැක්කුමක් සමබන්‍ධ කිසියම් සිද්ධියක් පිළිබඳ වියුණු සටහනක් පළ වී තිබිණ. එම වියුණු සටහන ඉතා වැදගත් එකකි. එම සිදුවීමට අදාළ නිල තොරතුරු මට දැන ගන්නට නො ලැබිණි. එහෙත් The Read Us මැතිඳුන් පවසන තොරතුරු මත … More සායනික වෛද්‍ය විද්‍යාව, හිසේ කැක්කුම්, රාජ්‍ය වෛද්‍ය සේවය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ කතිකාවක් – The Read Us සමඟ